Wednesday, April 14, 2010

TOP VFX Techniques


ඩේව්වරුන් හැටියට අපේ පරමාර්ථය තමයි අපේ දැනුම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න එක. ඒකෙ ප්‍රථම පියවර හැටියට ඔන්න අද ඉඳන් අලුත් දෙයක් පටන් ගන්නයි හදන්නෙ.


VFX....
මොනාද මේ VFX කියන්නෙ..
අපි හොයලා බලමු...........
VFX !! කෙටියෙන් කිව්වොත් ඒ කියන්නෙ Visual Effects. අද ඉඳන් පටන් ගන්න අපේ පෙළ ගැස්ම. ලොකයේ තියන ජනප්‍රියම VFX Techniques ටික අපි දන්න විදිහට ඔයාලට දෙන්නයි මේ වෑයම.එහෙනම් පළවෙනි පාඩම අද පටන් ගමු.

--------------------------------------------------------------------------------------------------------------------------------


Time Slice Photography

The Matrix  බලපු අය නම් මේක හොඳට දැකලා ඇති. මතකද Neo ඉහළ අහසේ එකම තැන ඉඳිද්දි වතුර බින්දුත් 1ක්ක එයා වටේ රවුමක් කැරකිලා එන සීන් 1ක් තිබ්බා. ඔය වැඩේ කරලා තියෙන්නෙ මේ technique 1 පාවිච්චි කරල තමයි. මේක කරලියට ආවේ The Matrix චිත්‍රපටයෙන් කිව්වොත් ගොඩක් නිවැරදි..ඊට පස්සෙ ඉන්දියාවෙ Main Hoona දක්වා මේ ශිල්ප ක්‍රමේ ඉදිරියට ආවා.
කොහොමද මේ වැඩේ කරල තියෙන්නෙ කියල හොයලා බැලුවොත් නරකද...


මේකට නිශ්චල කැමරා කීපයක් (10-30) හා චලන කැමරා 2ක් ඕන කරනවා. ආරම්භක හා අවසාන පිහිටුම් වල චලන කමරා 2 තියලා රටාවකට නිශ්චල කැමරා පිහිටුවනවා. ඊට පස්සෙ අවශ්‍ය මොහොතෙදි කැමරා ඔක්කොම 1 පාරට ක්‍රියකරවනවා.  




මේ ඔක්කොම එකතු කරල තමයි මේ විදිහට ගල් වෙච්ච චරිතයක් වටා කරකැවෙනවා වගේ අපිව අන්දන්න VFX පාවිච්චි කරලා තියෙන්නෙ.


නිශ්චල කැමරා 5ක් තියනවනම් ඔබටත් මේ වඩේ කරන්න අමාරු වෙන්නෙ නෑ. පන්චාස්‍රයක මුලු වල කැමරා 5 තියගෙන යාළුවො 5ස් දෙනෙකුත් සෙට් කරගෙන ඔබට තියෙන්නෙ මැද්දට වෙලා විධානයක් දෙන 1 විතරයි. යළුවන්ට කියන්න ඔබේ විධානයට කැමරා ක්‍රියත්මක කරවන්න කියලා.ඊට පස්සෙ ඒ ටික එකතු කරල සීන් 1 හදන්න. හරි සිම්පල්....
 
මේ වැඩේ හොයා ගත්තු Tim Macmillan ඔබත් අඳුන ගන්න ආසද...එහෙනම් මෙ වීඩියො 1 බලන්න...




http://benjaminellis.org/2009/10/29/time-slice-films-photography-meets-cinematography/
එවගෙම මේ ලින්ක් ටිකත් ක්ලික් කරලා බැලුවොත් අපරාදෙ වෙන්නෙ නෑ..

4 අදහස්:

Thiwanka Makumburage said... Reply to comment

Time slicing වලට පාවිච්චි කරන cameras හැම වෙලාවෙම object 1කට සමාන දුරකින් තියෙන්න ඔනෙද?

Upekha Vandebona said... Reply to comment

@Maku
නැහැ, මේකෙ වෙන්නෙ හරියට චලන කැමරාවක් අරන් නිශ්චල වස්තුවක් වටේ යනවා වගේ වැඩක්. වෙනස වෙන්නෙ වස්තුව වටේ යන රූප රාමු සකස් කරන්නෙ නිශ්චල කැමරාවෙන් ගන්න රූපරාමු වලින්. ඒ නිසා නිශ්චල කැමරා ටික එක පෙළට( වෘතාකාරව හෝ රේඛියව ) ස්ථාන ගත වෙන්න ඕනා. smooth චලනයක් ලබා ගන්න නම් එක ළඟ තිබ්බොත් වඩා හොදයි. කමරා ටික object 1ට සමාන දුරින් තිබීම අවශ්‍ය නැහැ.

Thiwanka Makumburage said... Reply to comment

මේ වගෙ තාක්ෂණයක් යොදාගන්න තරම් සම්පත් ලංකාවේ තියෙනවද? නැතිනම් මෘදුකාංගයක් මගින් මේක ලෙහෙසියෙන් කරගන්න පුලුවන් ද?

Dakshina said... Reply to comment

@Maku
තාක්ෂණික දැනුම තියෙන පුද්ගලයින් ලංකාවේ ඉන්නවා. නමුත් අවශ්‍ය සම්පත් නැති එකයි ප්‍රශ්නය. ඒත් තියෙන අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පිරිසකුත් ඉන්නවා...

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com