Sunday, May 2, 2010

TOP VFX Techniques


  

Cable/Wire/Rig Removing

Crouching Tiger Hidden Dragon

මේක බැලුවම ඔයාලට පුදුම ඇති කොහොමද මෙහෙම පියාඹන්නෙ කියලා. මේක හරිම simple වැඩක්. එයාලා ලොක්කො වගේ අහසෙ කරනම් ගැහුවට මේ වැඩ කැලි ඔක්කොම දාන්නෙ cable එකක එල්ලිලා. cable එක අපිට නොපෙනෙන්න හංගලා cable එකට වැහිච්ච පරිසරය සකස් කරන එක තමයි cable/wire/rig removing කියල කියන්නෙ. මේකට Wire fu කියලත් කියනවා. ඒ කියන්නෙ (wire + Kung fu) හන්දා.මොකද මේ VFXගොඩක්ම යොදා ගන්නෙ Martial Arts වගේ සටන් ජවනිකා වලට. ඒ වගේම Super Man, Spider Man වගෙ වීරයො හදන්නත් මේක පවිච්චි කරනවා.ඉහළ තියන Crouching Tiger Hidden Dragon තමයි මේ VFX 1 ගොඩක්ම තාත්විකව, උපරිමයෙන්ම පාවිච්චි කරපු ප්‍රසිද්ධම ෆිල්ම් ඒක වුනේ.




Super Man

ඒත් cable system ඒක හදගන්න එක තමයි ටිකක් බරපතල වැඩේ.ඒකට නම් ඉංජිනේරු ශිල්පය ටිකක් ඕනා කරනවා.මොකද smooth විදිහට මේ cables ඉහළ පහළ ගමන් කරවන්න ඕනනෙ අපේ දඟලන වීරයත් එක්ක.

පහළ තියෙන්නෙ Matrix සඳහා මේ VFX ඒක යොදා ගත්තෙ කොහොමද කියලා පෙන්වන වීඩියො 2ක්. මුල් clip1න් Cable System ඒක හදන හැටිත්, දෙවන එකින් ඒක යොදගත්තු හැටිත් බලන්න පුළුවන්. ඔබට හිතා ගන්න පුළුවන්ද තිරය ඉස්සරහ තියන දෙයත් පිටිපස්සෙ තියන දෙයත් අතර කොච්චර ලොකු වෙනසක් තියනවද කියල. මාරයි නේද!!!

Cable System SetupActing

1 අදහස්:

Anonymous said... Reply to comment

එළ පෝස්ට් එක!! Thanks...........!!

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com