Tuesday, May 4, 2010

TOP VFX Techniques

Digital/Miniature Sets Construction

A.I

ඔබ සිතන්නෙ කොහොමද? මේක ඇත්තම ගොඩනැගිල්ලක්ද?
හ්ම්ම්....... එහෙම හිතුවනම් ඔබ ඩේව් වරයෙකු වීමට කොහෙත්ම සුදුසු නෑ. මොකද ඩේව්වරු කවරදාකවත් තමන්ගෙ නිර්මාණයට මෙවැනි ගොඩනැගිල්ලක් අරගන්න වියදමක් දරන්නෙ නැ. ඉස්සර කාලෙ නම් ඒවගෙ වැඩ කලා. ඒත් දැන් අපි දියුණුයි. VFX තියෙන්නෙ ඒවට පිහිට වෙන්න. වියදම් අඩු කරගන්න.දැන් අපි බලමු මේ වගෙ වැඩ කෑලි කොහොමද දාන්නෙ කියලා.


 මේ තියෙන්නෙ ඒක නිර්මාණ කරල තියන විදිහ. බලන්න අච්චර විශාලවට පෙනුනු ඒ ගොඩනගිල්ල කොච්චර කුඩාද කියලා. Cameraman ගෙ දක්ෂතවයත්, Editor ගෙ පරිමාණ ගැලපීමත් මත තමයි මෙවගේ රූප රාමුවක තාත්වික බව තීරණය වෙන්නෙ.

Aviator  කියන්නෙ මේ VFX එක උපරිමයෙන්ම යොදා ගත්තු movie එකක්.
ඒ සඳහාම වෙන්වුනු මේ වෙබ් අඩවියත් බලන්න

මේ විදිහට කුඩාවට නිර්මාණය වුනු මොඩෙල් එකත් එක්ක සජීවි පුද්ගලයන් එකතු කරන එක තමයි ඊලඟ වැඩේ. මේ clip ටික බලුවම ඔයලට තේරේවි ඒක කොහොමද කරන්නෙ කියලා.මේ ඔක්කොම අරගත්තෙ Shutter Island කියන Film එකෙන්.






මේ ලින්ක් එක බැලුවටත් පාඩුවක් වෙන්නෙ නෑ.

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com