Wednesday, September 29, 2010

Adobe Photoshop Lightroom

හැමෝම දන්නවා ඇතිනෙ Adobe මෘදුකාංග පවුල ගැන? අපි අද කියන්න යන්නෙ ඒ පවුලෙ තවත් සාමාජිකයෙක් ගැන.මෙයා තමයි Adobe Photoshop Lightroom.මේක වෘත්තීමය ඡායාරූප සංස්කරණයට යොදාගන්න මෘදුකාංගයක් නිසා Adobe Master Collection එකට පවා ඇතුලත් කර නැහැ.කිවුවත් වගේ මේකෙන් ඡායාරූප සංස්කරණයට වගේම ඡායාරූප කළමනාකරණයට ලබල දීල තියෙන පහසුකම් නම් බොහොමයි.































දැන් කට්ටිය බලනවා ඇති අපි හොඳට දන්න Photoshop වලයි මේ Lightroom අතරෙයි තියෙන වෙනස මොකක්ද කියල. Lightroom වලින් කරල තියෙන්නෙ Photoshop වල සංකීර්ණ භාවය ටිකක් අඩුකරල, සරල සංස්කරණ ක්‍රියාවලියක් අඳුන්නල දීල තියෙන එකයි.එවගේම Photoshop වලට වඩා ඡායාරූප කළමනාකරණයට ප්‍රධාන තැනක් Lightroom වලදි ලබල දීල තියෙනවා.Lightroom වලින් ඡායාරූප කාණ්ඩ වලට ඇතුලත් කරගැනීම,වර්ග කිරීම,ඉදිරිපත් කිරීම් සාදාගැනීම සහ තවත් ගොඩාක් දෙවල් සරලව කරගන්න පුලුවන්.

Adobe® Photoshop® Lightroom® 3 තමා දැනට තියෙන අලුත්ම සංස්කරණය.ටිකක් හොයල බලුවොත් Lightroom බාගන්න Torrent එකක් හොයාගන්න අමාරු වෙන්නෙ නෑ.

Tuesday, September 28, 2010

TV Max Animator of the year....

කාලෙකට පස්සෙ වටිනා කියන ආරංචියක් හම්බ උනා. අලුත් ආකාරයෙ හොඳ වැඩක් හන්දා ඉතින් අපිත් පොඩි ප්‍රචාරයක් දෙන්න හිතුවා. Daveවරු කාට කාටත් වැදගත් වෙන news එකක්. Max Television එකෙන් වසරේ Animator තෝරන්න යනවලු. ඔබේ නිර්මාණත් සහභාගි කරවලා ලංකාවෙ Animation කර්මාන්තය දිරි ගන්වන්න පොඩි උදව්වක් දෙන්න අවස්ථාවක් දැන් ලැබිලා තියෙන්නෙ. අපි කිව්වනෙ අනාගතය හරි සුබයි කියලා.. මේ වගේ තරඟ ගැන දන්නවනම් අනික් සහොදර Daveවරුන්ටත් දැනගන්න හැමොටම කියන්න කියල ඉල්ල හිටිනවා.

Friday, September 24, 2010

Journey continues...

ඔන්න පොරොන්දු වුන විදිහට අපේ විමර්ශනයෙ ඉතුරු ප්‍රතිඵල ටිකත් දාන්නයි මේ හදන්නෙ. අපේ රටේ Daveවරුන්ගෙ වර්තමාන තත්වය... පටන් ගන්න කලින් එදාම කිව්වනෙ ඒක බොහොම සුබවාදී කියල. අන්තර්ජාලයෙ සැරි සරාගෙන සරාගෙන යනකොට අහම්බයෙන් තමයි මේ විස්තර ටිකත් හොයගන්න පුලුවන් උනේ. ඉතින් වරදක් ඇතොත් එව්ව නිවරදි කරන එක ඔයාලගෙ යුතුකම කියල මතක් කරන්න ඕන.

අපේ රටේ Daveවරු ගත්තොත් බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නෙ තනි පුද්ගලයො වශයෙන්. කණ්ඩායම් වශයෙන්, එහෙමත් නැතිනම් ආයතනික වශයෙන් දකින්න ලැබෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයක්. ඒක හන්දා අපි හිතුවා ඉස්සල්ලම ආයතනික වශයෙන් ලංකාවෙ තත්වය කොහොමද කියල විමසල බලන්න.






ආයතනික නම් ගම් භාවිත කරනවට අමනාපයක් නැති වෙයි කියල හිතලයි අපි මේ කාර්යයට අත ගැහුවෙ. අනික ආධුනිකයො විදිගට ලංකාවෙ මොනාද තියෙන්නෙ කොහොමද කරන්නෙ කියලවත් දැනගෙන තියෙන්න එපයෑ..අනික් කාරණෙ මේ සියල්ලක්ම අන්තර්ජන්ජාලයෙ සැරිසරද්දි හමු වුනු ඒව මිසක වෙන ගණු දෙණුවකට ලියවෙන ඒව නෙවෙයි කියලත් මතක් කරන්න ඕන. හරියටම කියනවා නම් හුදෙක්ම Beginner/ Intermediate/ Advanced/ Expert ආදි එකී මෙකී නොකී සියලුම Daveවරුන්ගෙ දැන ගැනීම පිණිස යහපත් චේතනාවෙන් අපි මේ කටයුත්ත කරන්න පටන් ගත්තේ.ඒ නිසා ඔබගේ වටිනා අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් ආදි මේ හැම එකකටම අපේ බ්ලොග් අඩවියෙ ඉඩකඩ වෙන් වෙලා තියනවා. Daveවරයෙක් වෙන්න ආසාවකින් ඉන්න ඕනම ආරම්භකයෙක් කරන්නෙ ඉස්සල්ලම හොඳ Institute එකක් හොයගන්න බලන එක. ඒවගේ වෙලාවක ඉස්සල්ලම එන ප්‍රශ්නය තමයි ලංකාවෙ එහෙම හොඳ Standard Quality තැනක් තියනවද කියන එක. මෙතනදි මේ Standard එක මනින්න ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ "Certified" එහෙමත් නැතිනම් "Authorized" කියන වචනෙ.


ඉතින් අපි හොයල බැලුවා මේ වගේ Certified ආයතන ලංකාවෙත් හොයාගන්න පුලුවන්ද කියල. නිල වශයෙන් නම් කරපු එකම එක තැනක් අපිට හොයගන්න පුලුවන් උනා. ඒ තමයි Autodesk සඳහා Authorized වුනු OST Training Center. මීට අමතරව Certified වුනු Expertsල Instructersල උගන්වන ආයතනත් තියනවා. මේ විදිහට Certified වෙච්ච කස්ටිය තමන් ගාව ඉන්නවයි කියල නම් ප්‍රසිද්ධ කරගෙන තිබ්බ ආයතන කිහිපයකුත් අපිට හොයගන්න පුලුවන් වුනා. AMDT , කුරුණැගල DreamTeam මේ අතරින් කිහිපයක්. ඒත් ඒවායෙ සත්‍ය අසත්‍ය බව තීරනය කරන එක ඔය ගොල්ලන්ට භාර කරනව. මීට අමතරව තවත් දෙවල් දන්නවා නම් සියල්ලන්ගේම දැනගනීම පිණිස හැමෝටම කියන්න කියල ආරාධනා කරනවා. ඒක අනාගතෙ බිහිවෙන්න ඉන්න Daveවරයෙකුට අත්වැලක් වෙන්න පුලුවන්.

"Certified" කියන මිම්ම ඇරුනුකොට ඊලඟට එන ප්‍රශ්නය තමයි සාක්කුව. අතේ තියන ගානට හරියන තැනක් හොයගන්න ඕනා නිසා ගොඩ දෙනෙක් මේ හන්දා Animation කඩේකට තමයි ගොඩ වෙන්න හදන්නෙ. අපි නම් කියන්නෙ කීය දීල හරි හොඳ Quality තැනකට ඇතුලු වෙන්න කියලයි. එහෙම බැරි නම් ඉතින් ස්වෝත්සාහයෙන් තනියම ඉගෙන ගන්න එක තමයි හොඳම වැඩේ, ඔය කඩ ගානෙ රස්තියාදු වෙනවට වඩා. මොකද නියම වැඩ කාරයෙක් නම් ආයෝජනය කරපු ගාන වගෙ දෙතුන් ගුණයක් හොයාගන්න පුලුවන් අවුරුද්දක් දෙකක් යනකොට. මේ හන්දා ගොඩ දෙනෙක් සාක්කුව පැත්තකින් තියල International තැනක් හොයගෙන යනවා.




මේ ඔක්කොමත් හරී කියමුකො. ඒත් ඉතින් මේ ටික විතරක්ම තිබිල මදි මදි වගෙ හිතන ඈයො ක්ෂේත්‍රයේ Experience එක ගැනත් හොයා බලනවා. හරියට Teleview Technical Acadamy වගේ. සමහරක් විට ඒ, ජොබ් කට්ටත් ලේසියෙන්ම හොයගන්න පුලුවන් වෙයි කියල හිතල වෙන්නත් පුලුවන්. එහෙමත් නැතිනම් කට්ටිය දැන ඇඳිනගන්න, ඇත්දැකීම් අරගන්න කියල හිතල වෙන්නත් පුලුවන්.

හොඳයි දැන් ඉගනත් ගත්ත කියමුකො. ඊලඟට එන්නෙ ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න එක. ඒගැන ලංකාවෙ තත්වය කොහොමද කියල ඊලඟ පොස්ට් එකෙන් කියන්නම්....

Wednesday, September 22, 2010

Post of the Month


කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් වැඩ පටන් ගත්තා. ටිකක් වැඩ බහුල වෙලා හිටියෙ.සමාවෙන්ඩ ඕනා. කාලෙකට පස්සෙ ආව නිසා වැදගත් වෙන දෙයක් දාන්න ඕනයි කියල හිතුවෙ.

Sri Lankan Animation - From the journey................

අපි ළඟදි අන්තර් ජන්ජාලයෙ පොඩි විමර්ශනයක යෙදුනා අපේ රටෙ DAVEවරු කොච්චර ඉන්නවද කියලා. කියන්න සන්තොෂයි ලැබිච්ච ප්‍රථිඵල අනුව බය නැතිව කියන්න පුලුවන් අපේ රටේ දැවන්ත Digital නිර්මාණයක් බිහිවෙන එක වැඩි ඈතක නෑ කියල. හිතුවෙවත් නැති තරමට දැකල 'නියමයි!!' කියන්න පුලුවන් නිර්මාණ රාශියක් අපිට හොයගන්න පුලුවන් උනා. හිතාගෙන ඉන්නවනම් කවුරුහරි Animation, VFX කියන්නෙ ඒරොප්පෙට විතරක් පුලුවන් දෙයක් කියල ඒක ඉක්මනටම වෙනස් කරගන්න කාලය ඇවිල්ලා. අපේ රටෙත් දැන් රජ වැඩකාරයො බිහිවෙලයි ඉන්නෙ. ඉතින් හැමොටම දැන ගන්නත් එක්ක අපේ විමර්ශනයෙ ප්‍රතිඵල ටිකක් පෙන්නන්න හිතුවා.  මොකද කට්ටියක් හිතාගෙන ඉන්නවනෙ 'ලංකාවට පුලුවන් Animation මොනාද!!!!' කියල. ඒරොප්පෙට ගහන්න ටිකක් කල් යාවි තමයි. ඒත් ඉතින් හැම දෙයක්ම පටන් ගන්න ඕන ටික ටික කියල තියනවනෙ. ඒක හන්ද හොඳ අනාගතයක පෙරනිමිති පහල වෙලයි කියල කියන්න පුලුවන්. හැබැයි ඉතින් Copy කරන සංස්කෘතියෙන් මිදිල වැඩ කරන්න පුලුවන් නම් තමයි.

මේ Post 1 දාන්නෙ, අපි දැකපු අහපු හා මතක විදිහට. ඒක හන්ද තොරතුරු වල නිරවද්‍ය භාවය ගැන සැකයක් ආවොත් අපිව නිවැරදි කරන එක ඔයාලගෙ යුතුකම. ඒ වගේම අපි නොදන්න දෙයක් තිබ්බොත් අපිව දැනුවත් කරන්නත් අපෙ බ්ලොග් එකෙන් හැම ඉඩක්ම ලබා ගන්න ඔයාලට පුලුවන්.

Mahadana Muththai Golayo Roththai
Mahacharya Pipi
Animation කියල කවුරු හරි කිව්වොත් Cartoon තමයි ඉස්සලම කාගෙ හරි ඔලුවට එන්නෙ. අපි දන්න තරමින් ලංකාවෙ අපේ කියල කියන්න පුලුවන් 2D Cartoon 2යි තියෙන්නෙ. (කියන්න බොහොම දුකයි ලංකාවට රූපවාහිනිය ඇවිල්ල අවුරුදු 20කටත් වැඩී.) හඬ කවන සංස්කෘතියට අබ්බැහිවෙච්ච අපේ ළමයින්ට දැකල ආඩම්බර වෙන්නවත් එයින් රූප ටිකක්  පෙන්වන එක අපේ යුතුකම.  අවාසනාවකට දුටුගමුණු cartoon ඒකේ රූපයක් නම් හොයගන්න බැරි උනා. දැන ගන්න නම් ලැබුනෙ ඒ cartoon පටය විනාශ වෙලා ගිහිල්ලා කියලයි. ඊලඟට ආවෙ මහදැන මුත්තයි ගෝලයො රොත්තයි කතාව. ඒරොප්පෙ දේවලට ඇබ්බැහි වෙච්ච අපට මේක එච්චරට නොවැදුනත් මේ ගමනට පන්නරය ලැබුනෙ එයින්. අපේ cartoon කියල කියන්න පුලුවන් ගෞරවය අපට හිමි කරල දුන්නු ගිවන්ත අර්ථසාද් මහත්මයවත් මේ වෙලාවෙ සිහිපත් කරන්න ඕනෙ. ඔහුගෙ ඊලඟ cartoon ෆිල්ම් 1, 'මහාචාර්ය පිපී' ළඟදිම ඔයාලට බලාගන්න පුලුවන් වේවි.


Bavathra
3D යුගය ගත්තොත් කතා කරන්න පුලුවන් කතා 2ක් අපට තියනවා. ඒ දෙකම ටෙලි නිර්මාණ. බටහිර අනුකරණයට තැත් කිරීම්. ඒ හන්දාම Gorzilla කෙනෙක් අපේ රටෙත් හැදුනා. දන්න විදිහට නම් 3D චරිත එක්ක සැබෑ චරිත එක් කිරීමේ තාක්ෂණය ලංකාවේ පාවිච්චි වෙන්න පටන් ගත්තෙ ඉන් පස්සෙ. භවත්‍රා....... ඒක නම් ඔබට මතක ඇති. කොච්චර දුරට සාර්ථකද කියන්න නම් අපි දන්නෙ නෑ. නමුත් ඉදිරියට යන්න ලබාගත්ත තාක්ෂණය දැනුම් සම්භාරය නම් අති විශාලයි. තාත්වික නිර්මාණයක් කිරීමේ අරමුණ, කැපවීම නම් බොහොම හොඳින් ඉස්මතු වෙලා පෙනුනා.


අපි මේ කතා කලේ අඩිතාලම වැටුනු අතීතය ගැන. කියන්න බොහොම සන්තෝසයි වර්තමානය බොහොම සුබවාදි කියල. අනුකරණය කිරීමේ සංස්කෘතියෙන් බැහර වෙලා ඉන්නවා නම් සාර්ථක නිර්මාණයක් කරන්න දක්ශයො ඇති තරම් ලංකාවෙ ඉන්නවා. ඒ අය අඳුන්වා දෙන්න තමයි මීළඟට අපි බලාපොරොත්තු වෙන්නේ...
Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com