Friday, September 24, 2010

Journey continues...

ඔන්න පොරොන්දු වුන විදිහට අපේ විමර්ශනයෙ ඉතුරු ප්‍රතිඵල ටිකත් දාන්නයි මේ හදන්නෙ. අපේ රටේ Daveවරුන්ගෙ වර්තමාන තත්වය... පටන් ගන්න කලින් එදාම කිව්වනෙ ඒක බොහොම සුබවාදී කියල. අන්තර්ජාලයෙ සැරි සරාගෙන සරාගෙන යනකොට අහම්බයෙන් තමයි මේ විස්තර ටිකත් හොයගන්න පුලුවන් උනේ. ඉතින් වරදක් ඇතොත් එව්ව නිවරදි කරන එක ඔයාලගෙ යුතුකම කියල මතක් කරන්න ඕන.

අපේ රටේ Daveවරු ගත්තොත් බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නෙ තනි පුද්ගලයො වශයෙන්. කණ්ඩායම් වශයෙන්, එහෙමත් නැතිනම් ආයතනික වශයෙන් දකින්න ලැබෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයක්. ඒක හන්දා අපි හිතුවා ඉස්සල්ලම ආයතනික වශයෙන් ලංකාවෙ තත්වය කොහොමද කියල විමසල බලන්න.






ආයතනික නම් ගම් භාවිත කරනවට අමනාපයක් නැති වෙයි කියල හිතලයි අපි මේ කාර්යයට අත ගැහුවෙ. අනික ආධුනිකයො විදිගට ලංකාවෙ මොනාද තියෙන්නෙ කොහොමද කරන්නෙ කියලවත් දැනගෙන තියෙන්න එපයෑ..අනික් කාරණෙ මේ සියල්ලක්ම අන්තර්ජන්ජාලයෙ සැරිසරද්දි හමු වුනු ඒව මිසක වෙන ගණු දෙණුවකට ලියවෙන ඒව නෙවෙයි කියලත් මතක් කරන්න ඕන. හරියටම කියනවා නම් හුදෙක්ම Beginner/ Intermediate/ Advanced/ Expert ආදි එකී මෙකී නොකී සියලුම Daveවරුන්ගෙ දැන ගැනීම පිණිස යහපත් චේතනාවෙන් අපි මේ කටයුත්ත කරන්න පටන් ගත්තේ.ඒ නිසා ඔබගේ වටිනා අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් ආදි මේ හැම එකකටම අපේ බ්ලොග් අඩවියෙ ඉඩකඩ වෙන් වෙලා තියනවා. Daveවරයෙක් වෙන්න ආසාවකින් ඉන්න ඕනම ආරම්භකයෙක් කරන්නෙ ඉස්සල්ලම හොඳ Institute එකක් හොයගන්න බලන එක. ඒවගේ වෙලාවක ඉස්සල්ලම එන ප්‍රශ්නය තමයි ලංකාවෙ එහෙම හොඳ Standard Quality තැනක් තියනවද කියන එක. මෙතනදි මේ Standard එක මනින්න ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ "Certified" එහෙමත් නැතිනම් "Authorized" කියන වචනෙ.


ඉතින් අපි හොයල බැලුවා මේ වගේ Certified ආයතන ලංකාවෙත් හොයාගන්න පුලුවන්ද කියල. නිල වශයෙන් නම් කරපු එකම එක තැනක් අපිට හොයගන්න පුලුවන් උනා. ඒ තමයි Autodesk සඳහා Authorized වුනු OST Training Center. මීට අමතරව Certified වුනු Expertsල Instructersල උගන්වන ආයතනත් තියනවා. මේ විදිහට Certified වෙච්ච කස්ටිය තමන් ගාව ඉන්නවයි කියල නම් ප්‍රසිද්ධ කරගෙන තිබ්බ ආයතන කිහිපයකුත් අපිට හොයගන්න පුලුවන් වුනා. AMDT , කුරුණැගල DreamTeam මේ අතරින් කිහිපයක්. ඒත් ඒවායෙ සත්‍ය අසත්‍ය බව තීරනය කරන එක ඔය ගොල්ලන්ට භාර කරනව. මීට අමතරව තවත් දෙවල් දන්නවා නම් සියල්ලන්ගේම දැනගනීම පිණිස හැමෝටම කියන්න කියල ආරාධනා කරනවා. ඒක අනාගතෙ බිහිවෙන්න ඉන්න Daveවරයෙකුට අත්වැලක් වෙන්න පුලුවන්.

"Certified" කියන මිම්ම ඇරුනුකොට ඊලඟට එන ප්‍රශ්නය තමයි සාක්කුව. අතේ තියන ගානට හරියන තැනක් හොයගන්න ඕනා නිසා ගොඩ දෙනෙක් මේ හන්දා Animation කඩේකට තමයි ගොඩ වෙන්න හදන්නෙ. අපි නම් කියන්නෙ කීය දීල හරි හොඳ Quality තැනකට ඇතුලු වෙන්න කියලයි. එහෙම බැරි නම් ඉතින් ස්වෝත්සාහයෙන් තනියම ඉගෙන ගන්න එක තමයි හොඳම වැඩේ, ඔය කඩ ගානෙ රස්තියාදු වෙනවට වඩා. මොකද නියම වැඩ කාරයෙක් නම් ආයෝජනය කරපු ගාන වගෙ දෙතුන් ගුණයක් හොයාගන්න පුලුවන් අවුරුද්දක් දෙකක් යනකොට. මේ හන්දා ගොඩ දෙනෙක් සාක්කුව පැත්තකින් තියල International තැනක් හොයගෙන යනවා.




මේ ඔක්කොමත් හරී කියමුකො. ඒත් ඉතින් මේ ටික විතරක්ම තිබිල මදි මදි වගෙ හිතන ඈයො ක්ෂේත්‍රයේ Experience එක ගැනත් හොයා බලනවා. හරියට Teleview Technical Acadamy වගේ. සමහරක් විට ඒ, ජොබ් කට්ටත් ලේසියෙන්ම හොයගන්න පුලුවන් වෙයි කියල හිතල වෙන්නත් පුලුවන්. එහෙමත් නැතිනම් කට්ටිය දැන ඇඳිනගන්න, ඇත්දැකීම් අරගන්න කියල හිතල වෙන්නත් පුලුවන්.

හොඳයි දැන් ඉගනත් ගත්ත කියමුකො. ඊලඟට එන්නෙ ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න එක. ඒගැන ලංකාවෙ තත්වය කොහොමද කියල ඊලඟ පොස්ට් එකෙන් කියන්නම්....

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com