Sunday, October 24, 2010

3D සහ අපේ ඇස්

තාක්ෂණය කියන දේත් එක්ක හෙනහුරා වැදිච්ච වැදගත් ශරීර අංගයක් තමයි අපේ රත්තරං ඇස් දෙක. ඉතින් තාක්ෂණය එක්ක ගණුදෙනු කරන ඇත්තො තම තමන්ගේ ඇස් දෙක ගැන බොහොම පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන්ම ඩේව්ලා. මොකද එයාලා ඇස් දෙක වහගෙන මවපු හීන හැබැ කරගන්න ඇස් දෙක ඇරගෙන පැය ගානක් පරිගණකය ඉස්සරහ එල්ලිලා ඉන්න හන්දා. අපි කියන්න ආපු කාරණාව නම් ඒක නෙවී. ඔහොම ඉන්න කෙලින්ම කාරණාවට බහින්නම්.





පහුගිය කාලෙ ලොකු රැල්ලක් කරලියට ආවනේ ත්‍රිමාණ රූපවාහිණිය කියලා. Avatar ආවට පස්සෙ මම හිතන්නෙ ලංකාවේ කොයි කා අතරත් ඒ ගැන කතා බහට ලක් උනා. ඒත් එක්කම පොඩි හාහූවක් ගියා මේවා ඇස් වලට නම් හොඳ ආරංචියක් නෙවී කියලා. අපිත් ඉතින් හොයලා බැලුවා මේ ගැන. කාරණේ නම් ඇත්ත. මේ වගේ විශේෂ කණ්ණාඩියක් පැළඳගෙන ත්‍රිමාණත්වය රස විඳපු බොහෝ දෙනෙකුට ඊට පස්සෙ ඇසේ පීඩාවක්(eye strain), හිසේ කැක්කුමක් හටගෙන තියනවා. මොකද කියනවා නම් මේ ත්‍රිමාණත්වය මවාගන්න ඇස් දෙකයි, මොළයයි ලොකු වෙහෙසක් ගන්න හන්දා. අපි ඒක කොහොමද සිද්ද වෙන්නෙ කියලා කලින් ලිපියකින් කිව්වනේ.

R U ready 4 3D I strain

දැන් ඉතින් මේක කියෙව්වම බය වෙන්න එපා. සාලෙ ඉස්සරහ තියන රූප පෙට්ටිය බිහි වුණු කාලෙත් මෙහෙමම කිව්වනෙ. සීමාවන් යොදාගෙන නිවැරදි ආකාරයට පාවිච්චි කලොත් ඇසේ පීඩාව අවම කරගන්න පුළුවන්. ඒ වගේම තාක්ෂණය දියුණු වෙනවත් එක්කම මේ දේවල් වළක්වගන්නත් පුළුවන් වේවි. ඒක හන්දා ත්‍රිමාණ රූපවාහිණි යන්ත්‍රයක් මිලදී ගන්න තීරණය කරනවනම් හරි, කණ්ණාඩියක් දාගෙන 3D චිත්‍රපයටයක් බලන්න යන්න හිතුවා නම් හරි, 3D ක්‍රීඩාවක් ගහන්න කල්පනාවක් ආවා නම් හරි, මේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන එක නුවණට හුරුයි. නැත්තන් ඉතින් රත්තරන් ඇස් දෙකට දෙයියන්ගෙම පිහිටයි!!!

"Avatar Headache" අඩු කරගන්න විදිහ

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com