Saturday, October 9, 2010

සත්තු එක්ක කතා කරන රහස අහමු



මේකට දොස්තර හොඳහිත වෙන්න නම් පෙරුම් පුරන්න ඕන වෙන්නෙ නෑ. මේ වැඩේට පොඩි software එකක පිහිට පතන එක විතරයි කරන්න ඕනා. කාලෙකින් VFX techniques ගැන නොකියපු හන්ද අද ඒගැන කතා කරන්න හිතුවා.





මේ රහසට කියන්නෙ Lip Sync කියලා. ඒකට ඕනා කරන්නෙ අදාල කට හඬ පටියයි රූප රාමුවයි විතරයි. නිශ්චල ඡයාරූපයකට නම් මේ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් . Try එකක් දීල බලන්න ගෙදර ඉන්න සුරතලාවත් කතා කරවන්න පුළුවන්ද කියලා. ඒත් කාටවත් මඩක් ගහන්න නම් එපා හරිද!!!. වීඩියෝ පටියකට කරනවනම් මේ වැඩෙ කරන්න ටිකක් අමාරු වෙයි. ඒත් බැරි වෙන එකක් නැ.


මේ වැඩේදි ගොඩක් වෙලාවට හැම software එකකින්ම වගේ කට හඬයි, රූපයයි ඇතුළු කරන්න කියනවා. එයාලට පුළුවන් නම් අපි ඇතුල් කරපු රූපයෙ කට තියන තැන අඳුන ගන්නවා, එහෙම බැරි නම් අපිටම අඳුන්නල දෙන්න කියනවා. ඊලඟට එයලගෙ ක්‍රියාවලියකට අනුව ශබ්දයට අනුකූල මුව චලනයක් ලබා දෙනවා. ඕනම මිනිස් උච්චාරණයකට අයත් කටෙහි තොලෙහි පිහිටීමක් තියනවා. ඔයාල පොඩ්ඩක් කෑ කෝ ගහල බලන්න ඔයාලගෙ කට පිහිටන්නෙ කොහොමද කියලා. මේ හැම පිහිටීමක්ම software එකට කවලයි තියෙන්නෙ. software එක කරන්නෙ ශබ්දය අඳුන ගන්න එක විතරයි.



ඉතින් ඔන්න ඔහොම තමයි සත්තු එක්ක කතා කරන්නෙ, සත්තු ලව්ව කතා කරවන්නෙ, සත්තුන්ගෙ කතා අහගෙන ඉන්නෙ. ඊලඟ පාර Cats and Dogs බලනකොට අපේ මේ ලිපියත් මතක් වේවි.




ඇත්තෙන්ම මේකෙන් සත්තුන්ට කතා කරවන්න විතරක් නෙවී, game development වලටත් යොදා ගන්න පුළුවන්.
ඒකට ඔයාලා 3D චරිත නිර්මාණය කරන්නෙ POSER වගේ මෘදුකාංගයකින් නම්, මේ Lip Sync feature එක ඒකෙ අන්තර්ගත කරගන්න පුළුවන්.
ඒ වගේම ඔබ 3D චරිත නිර්මාණය කරන්නෙ 3D Max හා Maya මෘදුකාංග වලින් නම් ඒ සඳහා plugin ලබා ගන්නත් පුළුවන්



2 අදහස්:

පැලැස්තර said... Reply to comment

film ekak karamuda...?

Thiwanka Makumburage said... Reply to comment

@මනියා
කරමු කරමු...

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com