Monday, October 11, 2010

වර්ණ හරණම්! පසුතල සරණම්!



වර්ණ හරණය එහෙමත් නැතිනම් Chroma Key. මේක නම් කොයි කවුරුත් දන්න VFX එකක්. මොකද මේ ක්‍රමය දැන් ලංකාවෙත් වෙළඳ දැන්වීම් හදන්නයි, කාලගුණ වාර්තා ඉදිරිපත් කරන්නයි, ඡායාරූපකරණයෙයි, රූපවාහිණී වැඩසටහන් වලයි පාවිච්චි කරනවා. වචනෙ ටිකක් නුපුරුදු නම් Green Screen Effect හරි Blue Screen Effect හරි කිව්වොත් මතක් වේවි මොනා ගැනද මේකියන්නෙ කියලා. නැත්තම් පහළ රූපටික බලන්නකො, එතකොට ටක්කෙටම මතක් වේවි.



රූපවාහිණී වැඩසටහන් වලදි

ඡායාරූපකරණයේදි

සිනමාවේදි

කාලගුණවාර්තා ඉදිරිපත්කිරීමේදි

මේ වැඩේදි කරන්නෙ වර්ණයක පසුබිමික් තියල shoot කරපු ඡායාරූපයක හරි වීඩියෝ එකක හරි ඒ වර්ණය ගලෝලා එතනට අපේම කියපු පසුතලයක් මූට්ටු කරන එකයි. මේ වැඩෙන් location service වලට පොඩ්ඩ්ක් තට්ටු වෙනවා තමයි. එ වුනාට ලෝකෙ කොහේවත් හොයාගන්න නැති location එකක් තමන්ගෙ ජවනිකා වල පසුබිමට යොදාගන්න අවස්ථාව මේකෙන් ලැබෙනවා. ඒවගේම movie sets/props/stages හදන්න යන වියදම අඩු කරගන්නත් පුළුවන්. කරන්න බැරි දේවල් කරවලා පෙන්නන්නත් පාවිච්චි කරන්න පුළුවන්. හරියට පියාඹනවා වගේ!

මේකෙදි වර්ණය ගලවනවයි කියන්නෙ පරිගණකයක්ට භාර දෙන රාජකාරියක්. ගොඩක් video editing, photo editing මෘදුකාංගවල මේක කරන්න පුළුවන්. කරන්න තියෙන්නෙ අපි යොදාගත්ත පසුබිම් වර්ණය තෝරලා ඒක ඉවත් කරන්න දෙන option එක ලබාදීම පමණයි.



ඇයි මේ වැඩේට කොළ පාටම නිල් පාටම ගන්නෙ?? මේ වර්ණ දෙක තමයි අපේ skin tone එකට ගොඩක්ම ඈතින් තියෙන්නෙ. ඒ හන්දා මේ වර්ණය ඉවත් කරල එතන්ට පසුතලයක් යොදනකොට ඒකෙ ඉන්න මිනිස්සුන්ගෙන්  අත පය එහෙම ගැලවිල යන්නෙ නෑ. මේ අතරින් කොළ පාටට වැඩි තැනක් දෙන්නෙ ඩිජිටල් කැමරා වල තියෙන සංවේදක ගොඩක්ම සංවේදි වෙන්නෙ කොළ පාටට හන්දා. එහෙම වෙන්නෙ එවායෙ භාවිත වෙන Bayer ආකෘතියෙන් pixel  විශාල ප්‍රමාණයක් green channel එකට අරගන්න හන්දා. එතකොට  කොළ පාට තීව්‍ර ගන්වන්න ඕන වෙන්නෙ අඩු ආලෝකයක්. මේ කරුණු හන්දා කොළ පාටින් අඩුම 'noise' එකක් ඇතිව පිරිසිදු තත්වයෙ key/matte/mask එකක් හදා ගන්න පුළුවන්. ඒවගේම ගොඩක් දෙනා අඳින කලිසම් නිල් පාට හන්දාත් කොළ පාටට වැඩි තැනක් ලැබෙනවා.

Bayer Pattern : බලන්න වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ කොළ පාට නේද?

මේ VFX එක පාවිච්චි කරද්දි ඉතාම වැදගත් කාරණාව තමයි අඳින ඇදුම. කොයිම වෙලාවකවත් අඳින ඈඳුමට key එක විදිහට පාවිචි කරන වර්ණය ආසන්නයේ තියන වර්ණයක් යොදාගන්න එපා. අදෘශ්‍යමාණ ඡායාවක් නිර්මාණය කරන්න උව්මනා නම් එහෙම කලාට අවුලක් නෑ. හරියට Harry Potter එකේ invisible cloak එක වගේ. ඇඳුම කියන එක ගොඩක් ප්‍රශ්නයක් වෙච්ච ෆිල්ම් එකක් තමයි 2002 Spider Man. එතනදි කොළ පාට Green Goblin එක්ක නිල්  පාට Spider Man කරපු අවකාශ සටන් ජවනිකා මතක ඇතිනෙ. ඒ හන්ද chroma key පාවිච්චි කරපු වෙලාවල් වලදි දෙන්නව වෙන වෙන screen වල තමයි කැමරා කරන්න සිද්ද වුනේ.

ඊලඟට වැදගත් වෙන කාරණාව වෙන්නෙ ආලෝකකරණය. අපි වර්ණහරණයෙන් ලබාදෙන පසුතලයත් එක්ක අපේ පෙරතලයේ ආලෝකය ගැලපෙන්න ඕනා. අඳුර එළිය සෙවණලි ගැන මේ වෙලාවෙ සැහෙන්න සැලකිලිමත් වෙන්න ඔනා. ඒ හන්දා මේවට සම්මත වෙච්ච එක එක ආලෝකකරණ ක්‍රම වගේම green screen backdrops තියනවා.



අපි වර්ණ හරණය කරන්නෙ වීඩියෝ එකක් නම් තවත් වැදගත් වෙන කාරණයක් තියනවා. ඒක තමයි කැමරාවෙ චලනයන්ට අනුව පසුබිමත් පිහිටුම්  කරන එක. ඒකත් දිග කතාවක්. ඒක හන්දා ඒක තවත් VFX tech එකක් යටතේ කියන්නම්.

8 අදහස්:

Unknown said... Reply to comment

wadagath

ගීත් (සහෘදයා) said... Reply to comment

වාව්..........මාරයි....ගොඩක් දේවල් ඉගෙන ගත්තා

ඉලංදාරියා said... Reply to comment

ela ela

Dakshina said... Reply to comment

බොහොම ක්‍රමාණුකූලව පැහිදිලි කරලා දුන්නාට ස්තූතියි.
ඒ වගේම පොඩි කාරණාවක් මතක් කරන්න කැමතියි.

අපේ music වලට video හදන "අයියලා ට" මේ keying concept එක රහ වැටුනට පස්සේ හැම තැනටම මේක බලෙන් ඔබ්බන්න පටන් අරන්.

ලංකවේ මෙච්චර ලස්සන locations තියෙද්දී මෙලෝ රහක් නැති abstract backgrounds පිටිපස්සට දාලා විකාරයක් කරනවා. ඇත්තටම keying කියන concept එක බොහොම සංයමයකින් යුතුව අවශ්‍ය තැනට අවශ්‍ය පමණට විතරක් යොදන්න ඕනේ දෙයක්.

මගේ අදහසට අනුව මේ විදිහට අසාර්ථක වුන music video එකකට උදාහරණයක් තමයි රනිඳු ගේ "පා සළඹ සලා" කියන visual එක. මේක graphics/VFX වගේ technical side එකෙන් බොහොම ඉස්සරහට ගියපු නිර්මාණයක් වෙන්න ඇති. නමුත් සමස්ත නිර්මාණය මට පේන විදිහට නම් අසාර්ථකයි.

Thiwanka Makumburage said... Reply to comment

අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තුතියි!

චිත්‍රක said... Reply to comment

bohoma Sthutiy!!

Lahiru Siriwardhana said... Reply to comment

සහෝ pinnacle 10.xx වල මේ VFX plugin එක තකාතනද තියෙන්නේ?

Upekha Vandebona said... Reply to comment

අපි Pinnacle Studio නම් පාවිච්චි කරලා තිබ්බෙ නෑ. ඒත් ඔන්න කිව්ව හන්දම පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා.

අපි green screen වීඩියෝ එක එකතු කරන්නෙ overlay track එකටනෙ. ඊටපස්සෙ toolbox menu එකට ගිහින් add overlay video effects තෝරගන්න. එතකොට chromakey tab 1ක් ඒවි.

http://www.youtube.com/watch?v=XltMi8WaTcw
මේ වීඩියෝ එක උදව් කරාවි ඉතුරු ටිකට.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com