Friday, October 22, 2010

ඩේව් වරුන්ගේ සුපිරි ආයුධය - තෙවන කොටස



අපිට මේ ලිපියත් ලියන්න හිතුනෙ දැනට වෙළඳ පලේ තියෙන සුපිරි  Graphic card කීපයක් දකින්න ලැබුනු නිසයි.ඔයගොල්ලො අපේ කලින් ලිපිය කියව්වා නම් උනන්දුවක් අතිවෙන්න ඇති නේද කොහොමද වඩාත් හොඳ Graphic card එකක් තෝරගන්නෙ කියල?එහෙනම් අපි දැනට තියෙන හොඳම කීපයක් ගැන කියන්නම්.එක අලුතින් එකක් ගන්න කෙනෙක්ට ලොකු උදව්වක් වේවි.

 Graphic card නිෂ්පාදනයේ ඉදිරියෙන්ම ඉන්න සමාගම් 2ක් තමයි NVIDIA සමාගම AMD සහ සමාගම.
 ඔවුන්ගේ ප්‍රධාන නිෂ්පාදන 2 වන්නේ NVIDIA GeForce සහ ATI Radeon යන දෙකයි.එම සමාගම් වලින් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම Graphic card දෙක.අන්න ඒ 2 ගැන විස්තරයක් තමයි අපි දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නෙ.



 

  • NVIDIA - GeForce GTX 480 :
                        

                                            ඔන්න අපි NVIDIA එකෙන්ම පටන්ගත්තා.NVIDIA - GeForce GTX 480 කියන්නෙ GeForce 400 series එකේ දැනට තියෙන අලුත්ම නිෂ්පාදනය.ඔවුන් මේක හඳුන්වන්නෙ දැනට ලෝකයේ තියෙන වේගවත්ම තනි GPU එක කියලා.මේකට යොදාගෙන තියෙන්නෙ Fermi 100(GF100) කියල අතිශය වේගවත් GPU එකක්.ඔන්න ඔයගොල්ලන්ගෙ කුතුහලය යන්නත් එක්ක මෙකෙ specifications ටිකක් දාන්නම්කො.

  •  CUDA Cores : 480
  • Graphics Clock (MHz) : 700
  • Standard Memory Config : 1536 MB GDDR5
  • Memory Bandwidth (GB/sec) : 177.4
  • Memory Interface Width : 384-bit
  • Texture Fill Rate (billion/sec)42
  • Microsoft DirectX : 11
  • OpenGL :  4.1
  • Maximum Digital Resolution : 2560x1600

පුදුම වෙන්න දෙයක් නෑ නේද මේක වේගවත්ම එක වීම ගැන.මේක දැන් ලංකාවෙත් මිලදී ගන්න
පුලුවන්.මිල දැක්කම නම් ඉතින් කියවෙන්නෙ "පිස්සු හැදෙනවා" කියල තමයි.
 
  •  ATI Radeon HD 5970 




 මේ ඉන්න කලින් කෙනාගෙ වෙලඳපළ තරඟකාරයා.මෙකේ නිෂ්පාදකයින් කියන්නෙ මෙක අදට තියෙන වේගවත්ම ව්‍යාපාරික Graphic card එක කියලා.කොහොමද  NVIDIA - GeForce GTX 480 එකත් වේගවත්ම එක නම් මෙකත් වේගවත්ම එක වෙන්න?හොඳට බලන්න අපි උඩදි "තනි" කියන වචනෙ පාවිච්චි කලා.ඔව් ඔයගොල්ලො හිතුව විදිය හරි.මේක "තනි" GPU එකක් නෙවෙයි. Hemlock XT වර්ගයේ  GPU 2ක් මේකට පාවිච්චි කරල තියෙනවා.එහෙනම් මේකේ specification ටිකකුත් බලලම ඉමුකො.


  • Engine clock speed : 725 MHz 
  • Memory : 2 x 1,024MB GDDR5 
  • Memory bandwidth : 256.0 GB/sec  
  • Texel fill rate (bilinear filtered): 116 Gigatexels/sec
  • Microsoft DirectX : 11
  • OpenGL :   3.2
  • Maximum Digital Resolution : 2560x1600


එහෙනම් මෙ විස්තර ටික ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙන්නැති කියල හිතනවා.ඔයගොල්ලො අලුතෙන් Graphic card එකක් ගන්න යනව නම් ඉහත දක්වපු සුපිරි Graphic card වලට සාපෙක්ෂව ඔයාට තීරනයක් ගන්න පුලුවන් වේවි.මේ ලිපි පෙළ මෙතනින් හමාර කරනවා.අයෙත් තව අලුත් ලිපියකින් හමුවෙමු.






2 අදහස්:

හිස් අහස said... Reply to comment

නියමයි මචං නියමයි !! මම ගේම් පිස්සෙක් , දෑනට මම වැඩිම ගානක් වියදම් කරලා තියෙන්නේ ඔය වීජීඒ කාඩ් වලට තමා . දැනට නම් පාවිච්චි කරන්නේ NVIDIA 9800GT එකක් හෙන ගානක් උනා ..ඒත් තව මාස දෙකකින් විතර පස්සේ එන අළුත් ගේම් වලට ඒකත් මදිවෙයි නේද බං ? එතකොට තව එකක් ගන්නවා.

අනික මම NVIDIA තමයි මෙතුවක් කල් පාවිච්චි කලේ Radeon කොහොමද මන්දා ? උඹ හිතන්නේ මේ දෙවර්ගයෙන් වැඩිය හොඳ මොකක් කියලාද මම නම් හිතන්නේ NVIDIA තමා හොඳම .

ඒ දිගටම වීජීඒ කාඩ් ගැන තව වීස්තර ලියපං මම අනිවා බලනවා

ජයවේවා !!

Thiwanka Makumburage said... Reply to comment

@හිස් අහස ඔව්..ඔව්.. Game වලට නම් ඉතින් NVIDIA තමයි හොඳම.NVIDIA 9800GT කියන්නෙත් හොඳ graphic card එකක් තමයි.නමුත් දැනට ඇවිත් තියෙන DirectX 11 හා OpenGL 4 තාක්ෂණයන් සඳහා Game අවොත් අපිට Graphic cards update කරගන්න වෙවි.ඉස්සරහටත් මේ සම්බන්ධ ලිපි ලියන්න බලන්නම්.අදහස් වලට ගොඩක් ස්තුතියි.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com