Sunday, October 17, 2010

පිරිස් පිටපත්



ඔබ හිතන්නෙ කොහොමද මේක රූපගත කරන්න කොච්චර විතර නළු නිලියන් පිරිසක් යොදාගන්න ඇද්ද? 1,000ක් ! 10,000ක්. මෙච්චර ගානකට කන්න බොන්න දෙන්න! සල්ලි ගෙවන්න! ඇඳුම් පැළඳුම් මස්සන්න!! කට්ටියවම පාලනය කරන්න. පිස්සූ හැදෙයි!!!!

ඔබ මෙහෙම හිතුවනම් ඔබට වැරදිලා. මේ වැඩේට ඔච්චර කට්ටියක් ඕන කරන්නෙ නෑ. 50කින් 20කින් විතර වැඩේ shape කරගත හැකි. කොහොමද කරන්නෙ කියල කිව්වොත් ඉතින් පරිගණකයෙ පිහිට තමයි.

මේන්න ඉන්න ඇත්තම කට්ටිය
Crowd Duplication. මෙහෙමයි මේ වැඩේ කරන්නෙ. ඉස්සල්ලාම අපේ පිරිස යොදාගෙන අදාල ජවනිකාවේ කොටස් කිහිපයක් විවිධ ඉරියව් වලින් රූපගත කරනවා . සමහර වෙලාවට මේ වෙලාවෙදි අපි කලින් දවසක කතාකරපු chroma key effect එකත් භාවිතා වෙනවා. ඊලඟට මේ කොටස් අපෙ editing tool එකට ඇතුල් කරලා ඒකෙ කියන විදිහට කපල කොටල වැඩේ කරන්න තියෙන්නෙ.
 

වර්ණහරණය සහිත
 ගොඩක් මෘදුකාංග වල තියන පොදු පියවරයන් විදිහට කිව්වොත් මෙහෙමයි මේක සිද්දවෙන්නෙ. ඉස්සල්ලාම වීඩියො දර්ශන කොටස් ඇතුළු කරාම අපේ පිරිස ඉතුරු වෙන විදිහට පසුබිම වර්ණහරණය කරනවා.




වර්ණහරණය රහිත

පසුබිම එච්චරම වැදගත් නෙවී නම් වර්ණහරණය භාවිතා නොකර මේක කරන්නත් පුළුවන්.

ඊලඟට මේ පිරිස් කොටස් සියල්ලම දාර වලින් select කරගෙන එකම රූප රාමුවක් යටතට ලස්සනට ගලපනවා හරියට එතන 5,000ක් 10,000ක් ඉන්නවා වගේ..

වම දකුණ මාරු කරවලා, පාට වෙනස් කරවලා, පොඩ්ඩක් එහාට මෙහාට කරකවලා, ලොකු කරෝලා, පොඩි කරෝලා, මේ ඉන්නෙ එකම කට්ටියක් නෙවී කියල බලන කෙනෙක්ව අන්දන්න ඒ කට්ට්යවම copy & paste කර කර එයාලට එක එක වැඩ කැලි දාන්න පුළුවන්. 

ඊළඟට මේකට අපේම කියපු පසුබිමක් එකතු කරාම ඕන ඔට්ටුවක් ආයෙ ඉතින් කාටවත් කියන්න බෑ මෙතන ඉන්නෙ එකම කට්ට්යක් කියලා.



ලංකාවෙත් මේ වැඩේ කරපු වෙළඳ දැන්වීම් නම් ඕන තරම් තියනවා. මිනිස්සුන්ගෙන් ලංකාවක් හදද්දි , සෙනග පිරිච්ච වේදිකා හදද්දි, ක්‍රීඩාගාර හදද්දී පොඩ්ඩක් බලන්න මේ VFX එකත් ප්‍රොයෝජනයට අරගෙනද නැත්තම් ලොකු කට්ටක් කාගෙන ලොකු සෙනගක් එකතු කරගෙනද ඒව හදල තියෙන්නෙ කියලා.
3D crowd සඳහා
කැමරාකරණය වියදම් අධික වැඩක් උනාම crowd duplicating වැඩේ 3D modeling වලින් කරන්න වෙනවා. මිලියන ගානක සෙනගක් එකතු කරගන්න උවමනා උනාම මේක තමයි හොඳම විසඳුම වෙන්නෙ. Lord of the rings වගේ කතන්දර වල කරල තියෙන්නෙ ඒ වගේ දෙයක්.

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com