Tuesday, October 26, 2010

ටයි මාමා සහ අපේ කාටූන්

කාලෙකට පස්සෙ පුංචි විවේකයක් ලැබිලා ඔන්න රූප පෙට්ටිය ඉස්සරහ ඉඳගත්තා.නරක වෙලාව.ඒක පොඩි එවුන්ගෙ ටයිම් එකලු .මොනා කරන්නද ඔන්න ඔහේ වාඩි වෙලා බලන් හිටියා. පොඩි එකාලට පෙන්නන දේවල් දැක්කම ඇස් වලට කඳුලු එනවා අප්පා. උන්ට එවා පෙන්නලා 'සිය රට දේ සිරි සැප දේ' කියලා කොහොම උගන්නනවද මන්දා. කිසිම හැඩයක් නැති කාටූන් එකක්, කිසි ලජ්ජාවක් නැතිව පිටරට නාලිකාවකින් උස්සන් ඇවිල්ල, ඒකට සිංහල වචන ටිකක් කවලා, අපේ රටේ ළමයින්ට ලොක්කො වගේ පෙන්නන්වා . (අපි හැඩයක් නැහැයි කිව්වේ අඩු තාක්ෂණික පහසුකම් යටතේ එ තරමටම දෙයක් කරන්න පුළුවන් කට්ටිය ලංකාවෙත් ඉන්න හන්දා.) ඒවායෙන් පොඩි එකාලට උගන්නන්න හදන කතාව නම් හොඳයි, වරදක් කියන්න නෑ. ඒත් අපේ රටේ නිර්මාණකරුවන්ට මේ කරන අපහාසය කොහොම ඉවසන් ඉන්නද. කරන්න කවුරුත් නැත්තන් තව කමකුත් නෑ. ඒත් මේ ගෙඩි පිටින් ඉන්දැද්දී...


අපිත් පොඩි කාලෙ බොහොම ආසාවෙන් ටයි මාමාට පිංසිද්ද වෙන්න පිස්සු පූසා, දොස්තර හොඳ හිත, හා හා හරි හාවා වගේ කාටූන් බැලුවා. ටයි මාමා නොහිටින්න නැත්තන් අපි තාමත් ගෙඩි පිටින්ම ඉංගිරිස් කාටූන් බලනවා. ඒ කාලෙ හැටියට ටයි මාමා කලේ අලුත් දෙයක්. අලුත් තාක්ෂණයක් ලංකාවට හඳුන්වලා දුන්නා හඬ කැවීම කියලා. ඒ විතරක් නෙවී ඒකට සීමාවක් ඇතිව විධිමත් පාලනයකුත් ගෙනිච්චා. දැන් කාලෙ වගේ හැම මඟුලටම සිංහල කවන්න ගියේ නෑ. හිතන්න ඒ කාලෙ පිස්සුවෙන් වගේ බලපු 'රොබින් හුඩ්' හඬකවලා තිබ්බා නම්..

ටයි මාමා සමඟ ඔෂීන්

ටයි මාමා හඬ කැවීම හඳුන්වලා දීල දැන් අවුරුදු කීයක් ගත වෙලාද. ඒත් තාමත් අපේ රූපවාහිණී ඇත්තන්ට එතනින් ඉස්සරහට යන්න උවමනාවක් නෑ වගේ. අපිත් ඉතින් ටයි මාමා ආපහු රූපවාහිණියට එනකන් බලා ඉන්නවා අලුත් දෙයක් රූප පෙට්ටියෙන් දැක ගන්න. ඒත් ඒ දවස කවදා ඒවිද.........

දොස්තර හොඳහිත

පිස්සු පූසා



( ප. ලි : මේ වෙලාවෙ මතක් කරන්න ඕනා අපේම කියලා කාටූන් චිත්‍රපට කලාවක් ගොඩනගන්න මහන්සිවෙන ගිවන්ත අර්ථසාද් මහත්මයව. අපි කලින් දවසකත් ඒ ගැන පුංචි සඳහනක් කලා මතක ඇතිනෙ. ඒ වගේම මට මතක හැටියට 'අපේ කාටූන්' කියලා පර්යේෂනාත්මක මට්ටමේ වැඩසටහන් පෙළකුත් ගියා පීටර් කියලා හාදයෙකුත් එක්ක එක්තරා නාලිකාවක. අපේ දෙයක් කියලා ඉතින් කට ඇරලා කියන්න පුළුවන් සොච්චං ටික හරි කියන්න ඕනානෙ, ඒකයි මතක් කලේ )

2 අදහස්:

Madhawa Habarakada said... Reply to comment

ඇත්තටම. ටයි මාමාගෙ කාටූන් හඬකැවීම් වල තියෙන රසය ලස්සන, වෙනත් හඬකැවීම් වල මම දැකල නෑ.

Upekha Vandebona said... Reply to comment

දැන් කාලෙ තියෙන්නෙ නිකම්ම නිකං පරිවර්තනයක්, නැත්තන් වචන කෑලි ටිකක් විතරයි. කිසිම ගුණාත්මක නිර්මාණශීලි බවක් නෑ ඒවයෙ. ඒකයි ඒකට හේතුව

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com