Friday, October 29, 2010

ඩයිනෝ

ඩයිනසෝරයො ගැන කතා කරනකොට ඕනම සිනමා ලෝලියෙකුට මතක් වෙන්නේ Steven Spielbergගෙ Jurrasic Park. ඒකෙ ජනප්‍රියතාවය කොච්චර වුනාද කියනවානම් Jurrasic Park කතාංග තුනක් දක්වාම නිර්මාණය වුනා. 4 වෙනි කතාවත් ළඟ ළඟම එනවයි කියලා ආරංචියක් නම් තියනවා. මේ ජනප්‍රියතාවයට ප්‍රධාන හේතුවක් වුනේ මේකෙ මුල්ම චිත්‍රපටය CGI(computer-generated imagery) කලාවෙ හා දෘෂ්‍ය ප්‍රයෝග කලාවෙ ප්‍රධාන සන්ධිස්ථානයක් වීමයි.



අපි අද කතා කරන්න යන්නෙ Jurrasic Park වල ප්‍රධානම නළුවො වෙච්ච ඩයිනසෝරයො නිර්මාණය වුනු හැටි ගැන තමයි.

Animatronics. මේ ප්‍රයෝගය තමයි ප්‍රධාන වශයෙන් ඒ සඳහා භාවිතා කළේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික රූකඩ. එහෙමත් නැතිනම් කාර්මීකරණය කළ ජීවීන්. රොබෝල කිව්වත් වරදක් නෑ. පොත්ත ඇත්ත හමක් වගේ වුනාට මදේ යකඩ ගොඩක් විතරයි. මේවගේ නළු නිළි කැලක් නිර්මාණය කරන එක එච්චර ලේසි පහසු වැඩක් නෙවී. ඉංජිනේරු ශිල්පය, ඉලෙක්ට්‍රොනික ශිල්පය ගැන සෑහෙන දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේවා ජීවමානව නිර්මාණය කරන එක තමයි ලොකුම දක්ෂකම. අනික් කාරණය කැමරාව ඉස්සරහ රංගනය කරන්න පුළුවන් තාලෙ වැඩකාරයෙක් වෙන්නත් ඕනා. රංගනය කිව්වෙ දුවන්න පනින්න එහෙම නෙවෙයි. ඔය පොඩ්ඩක් ඇඟ ඔලුව එහාට මෙහාට හරවන ඒවා, කට අරින එවා වගේ දේවල්.



Animatronics භාවිත කරමින් රූපගත් කළ දර්ශනයක්


Stop Motion සහ Go Motion. මේ තමයි භාවිත කරපු අනික් ප්‍රයෝග. මේවා පුංචි ඩයිනසෝර බෝනික්කො එක්ක කරන සෙල්ලම්. මේවට නම් ඉලෙක්ට්‍රොනික කෑලි නෑ. ඒත් නම්‍යශීලි වෙන අමුද්‍රව්‍ය වලින් තමයි මේ බෝනික්කො හදලා තියෙන්නෙ. කරන්න තියෙන්නෙ කැමරාව ඉස්සරහ මේ බොනික්කො රඟපාවන එක තමයි.

Go Motion රූපගත කිරීමක්

Jurrasic Park බලපු ගොඩ අය හිතන්නේ මේ ඩයිනසෝරයො ඔක්කොම මෘදුකාංග වලින් නිර්මාණය කරපු 3D models කියලා. නමුත් දැන් සමහරක් ඒවා එහෙම නෙවී කියල ඔයාලට තේරෙනවා ඇති. මෙතනින් බලා ගන්න පුළුවන් ඒ සමහරක් ඒවා මොනවද කියලා.




මේ චිත්‍රපටය ලෝක සිනමාවේ කොච්චර වැදගත් සලකුණක් වුනාද කියනවානම් ඒක හදපු හැටි ගැන වාර්තා වැඩසටහන් පවා නිර්මාණය වුනා. මෙහි ඉතුරු කොටස් ටිකත් බලන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වේවි.

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com