Tuesday, October 19, 2010

කවුද DAVE ?


ඩේව්වරුන්ගේ අඩවිය කිව්වම මේ ක්ෂේත්‍රයේ (Digital Animation and Visual Effects) නොඉන්න ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි කවුද මේ ඩේව් කියන්නෙ, කාටද මේ ඩේව් කියන්නෙ,  මොකද්ද මේ ඩේව් කියන්නෙ කියලා. Dave කියන්නෙ ලෝක සම්මත වචනයක් මිසක් අපි හදාගත්තු දෙයක් නෙවෙයි. Digital Animation and Visual Effects. බලන්න මේ වචන ටික. දැන් තේරෙනවද ?



Digital Animation, නැත්නම් පරිගණක සජීවිකරණය. ඒ කියන්නෙ හරියට මොනාටහරි පණ දෙනවා වගේ වැඩක්. ත්‍රිමාණ තලයට හරි ද්විමාණ තලයට හරි ජීවයක් ලබා දෙන්න පුළුවන් නම් ඒකට තමයි animation කියලා කියන්නෙ. දැකල තියනවනේ රූකඩ වලට පණ දෙනවා. මෙතනදි වෙනස තියෙන්නෙ මේක පරිගණකයක් භාවිතයෙන් කරන එකයි. Visual Effects හෙවත් ඩිජිටල් ඇස් බැන්ඳුම. දැකල ඇතිනෙ මැජික්කාරයන්ගේ මැජික්. ඇස් රවට්ටන සෙල්ලම් දාන එකයි එයාලගෙ දක්ෂකම වෙන්නෙ. මේක පරිගණකයෙන් කරාම තමයි ඩිජිටල් ඇස් බැන්ඳුමක් වෙන්නෙ.

ඉතින් මේ ක්ෂේත්‍රයට අඩිය තියපු ඕනම කෙනෙක්ට කෙටියෙන් කියන්නෙ dave කෙනෙක් කියලා. ඒකයි අපිත් කිව්වේ මේක ඩේව්වරුන්ගේ අඩවිය කියලා. ඔය චිත්‍රපටයක් එහෙම බලනකොට කාරිය කීයෙන් කීදෙනාද හිතන්නෙ ඕක කොහොමට හදන්න ඇද්ද කියලා. ඩේව්වරයෙක් වෙන්න පළමුවෙනි සුදුසුකම තමයි එහෙම හිතෙන එක. එහෙම හිතන පතන අයට එකතුවෙන්න තමයි අපේ අඩවිය තියෙන්නෙ.


අපේ අඩවියේ නමට මූලික සංකල්පය ආපු විදිහත් මතක් කරන්නම්කො. 

මේ ඕනම ඩේව්වරයෙක්ගෙ සිහින පාසලක්. Universal Studios සමඟ ඒකාබද්ද වෙලා හැදිච්ච ඉස්කොලයක්. ඔය Pixar, Dreamworks  වගේ තැන් වලට ඩේව්වරු බිහි කරන ප්‍රධාන තැනක් තමයි මේක. (ඇමරිකාව පැත්තෙ සවාරියක් ගහන්න ලැබිච්ච දවසක පොඩ්ඩක් එබිලා බලන්න. ඒ වගේම Universal Studios පැත්තෙ රවුමක් යන්නත් අමතක කරන්න එපා.) මේකෙ ඉගනගත්තු ඩේව්වරුන්ගෙ demo reels බලලා ඔයාලටත් මොනා හරි දෙයක් ඉගන ගන්න පුළුවන් වීවි.

ඉතින් දැන් තේරෙනවා නේද DAVE කියන්නෙ මොකද්ද කියලා....

2 අදහස්:

හිස් අහස said... Reply to comment

ලංකාවේ ග්‍රෆික් තාක්‍ෂනය ටික ටික දියුනු වෙනවා දැන් ඒක අපි හැමෝටම සතුටුවෙන්න පුළුවන් කාරනයක් .

ගේම්ස් වලට ඇබ්බැහිවෙලා ඉන්න කෙනෙක් විදිහට මම නම් ඒ ගැන සතුටුයි .

Thiwanka Makumburage said... Reply to comment

@හිස් අහස ඇබ්බැහි වෙලා ඉඳලා විතරක් හරියන්නෙ නෑ මලේ.ඒකෙන් ප්‍රයෝජනයක් ගත්ත නම් හරි.හිතුවොතින් කරන්න බැරි දෙයක් නෑනෙ.අදහස් වලට නම් ගොඩක් ස්තූතියි.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com