Wednesday, October 6, 2010

ලංකාවෙ Gaming

අබා දැකලා පොඩි ආසාවක් ආවා Game Development ගැනත් පොඩ්ඩක් කතා බහ කරන්න (අපි දන්න විදිහට). අපි ඉතින් ලොකු expertලා නෙවේ මේවා ගැන කියවන්න. ඒත් ඉතින් ආසාවට කියවනවා. මොකද ළඟදි ඇති වෙන්න යන GameZone (UCSC එකේ IFO එකෙන්) එකක් ගැන පොඩි ඔත්තුවක් ලැබුනා.(දන්නා ඇත්තෝ ඔත්තුව ඇත්තද නැත්තද කියලා අපට කියත්වා !!)

ඒකාලෙ වගේ නෙමේනෙ මේ කාලෙ. 2D ලෝකෙක Pacman ගහපු අය දැන් 3D ලෝකෙ N4S ගහනවා. තනි තනියෙන් Tetris ගහපු අය දැන් හැමෝම එක්ක Age Of Empires ගහනවා. Graphics Animation දියුණු වෙන්න දියුණු වෙන්න Gaming කියන දේත් දියුණු වෙනව. අනිත් එක තියන ගැජෙට් බැජෙට් කෑලිත් ඒකටම හරි යන්න දැන් powerful වෙලා. ඒකාලෙ ෆිල්ම් එකක් බලල නිකන් හිටිය ඇත්තො දැන් ෆිල්ම් එකට පස්සේ ඒකෙ game එකත් ගහන්න පුරුදු වෙලා .


ලංකාවෙ Gaming කප්පිත්තො කිහිප දෙනෙක්


ලංකාවෙ Game Development ගැන උනන්දුවක් තියන කට්ටිය එකතු වුනු තැනක් අපිට හොයගන්න ලැබුනා. ටිකක් පරණයි වගේ. ඒඋනාට resources අරගන්න උදවු කරගන්න. GameDevLanka - Game Development Community of Sri Lanka 

ඒවගේම මේවට ආසවක් තියන අයට මේ බ්ලොග් එකත් ප්‍රයොජනයක් වෙයි කියල හිතනවා.

අපේ රටේ DAVE කර්මාන්තය නංවන්න හදන ඕනම කෙනෙක්ට අපේ බ්ලොග් එකෙන් ෆුල් සප් එක කියල ඔයාල දන්නවනෙ . අනේ ඉතින් අපි මේ බැරි බැරි ගානෙ පද ගලප ගලප හොය හොය ලියනකොට ඔයාලගෙ සප් එකත් අපි බොහොම ඕනකමින් බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මේ ලිපියත් කියවලා දැනුමට යමක් එකතු කරගන්න. http://digit.lk/game_industry_february2009 

Gaming පැත්ත ගත්තොත් Microsoftලා ලොකු තරඟයක් දෙනාව gaming world එක අල්ලගන්න. ඒහන්දම තමයි එයාල XBOX 360 සහ XNA Studio වගේ නිශ්පාදන හදන්න පටන් ගත්තෙ. ඔබට C# සහ .NET Platform එක ගොඩක් හුරුපුරුදු නම් මේව එක්ක වැඩ දාන එක එච්චරම අමාරු නැති වේවි. ළඟදිම මේ දේවල් වල විස්තර අරගෙන එන්නම්.

3 අදහස්:

රොකියා | Udara said... Reply to comment

විස්තර ටිකට ස්තූතියි

Madhawa Habarakada said... Reply to comment

විස්තර වැදගත්.
ඈයි මමත් හැදුවනෙ ගේම් එකක්.
http://mysinhalablog.blogspot.com

Thiwanka Makumburage said... Reply to comment

මරු..මරු..පුංචි පැළේ තමයි කවදහරි ලොකු ගහක් වෙන්නෙ. ඔන්න එක බාගෙන play කරලයි comment එක දැම්මෙ. :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com