Saturday, October 23, 2010

GPU computing ගැන අහල තියෙනවද?



GPU Computing ගැන කතාකරන්න කලින් GPU එකක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති අය ඇතිනෙ.අන්න එ කට්ටිය අපි කලින් පලකරපු මේ ලිපිය කියවල ආවා නම් අදහසක් ගන්න පුලුවන් වේවි.
ඔයාල හැමෝම දන්නවා ඇතිනෙ දැනට එන CPU වල cores කීපයක් තියෙන බව.ඔය Dual core, Quad core  කියල එන්නෙ එවා තමයි.ඒ වගෙම කලින් ලිපි කියෙව්වා නම් ඔයලා දන්නව NVIDIA අලුත්ම GPU (Graphics Processing Unit) එකක පුංචි cores (CUDA cores) ගොඩක් තියෙනවා කියලා.උදාහරණයක් කිවුවොත් NVIDIA - GeForce GTX 480 GPU එකක CUDA (Compute Unified Device Architecture) cores 480 ක් තියෙනවා.



 ඉතින් GPU Computing කියන්නෙ මෙන්න මේ GPU සාමාන්‍ය ඉංජිනේරු සහ විද්‍යාත්මක පරිගණක කටයුතු සඳහා යොදාගැනීමයි.මෙහි අරමුණ වනුයේ CPU එක සහ GPU එක අන්තර් සහයෝගයෙන් යුතුව විවිධාකාර පරිගණක කටයුතු වල නිරතවීමේ හැකියාවක් ඇතිකිරීමයි.පරිගණක මෘදුකාංගයක අනුක්‍රමික කොටස CPU එක මඟින් කිරීමත් ගණනය අතින් කඩිනම් විය යුතු කොටස GPU එක මඟින් ත්වරණය කිරීමත් මෙහි ආකෘතියයි.GPGPU (General Purpose computing on the Graphics Processing Unit) කියල කියන්නෙත් මේ GPU Computing වලටම තමයි.




 ඇත්තටම කියන GPU Computing කියන  එක කරලියට ආවෙ මොන හේතුවක් නිසාද?හේතුව තමයි පහුගිය කාලය තිස්සෙ CPU වල ගණනය කිරීමේ හැකියාවට වඩා GPU වල ගණනය කිරීමේ හැකියාව වැඩිවීම. පහළ තියෙන ප්‍රස්තාරය දැක්කම GPU සහ CPU අතර පරතරය කොච්චරද කියලා ඔයාලට තෙරෙනවා ඇති. 



NVIDIA , ATI කියන්නෙ GPU හදන සමාගම්. Intel කියන්නෙ CPU හදන සමාගමක්


පහළ තියෙන්නෙ Intel Core i7 CPU එකක් සහ NVIDIA GTX280 GPU එකක් අතර සංසන්දනයක්.ප්‍රස්තාරයෙන් කියන්නෙ CPU එකට වඩා කී වාරයක් GPU එකේ හැකියාව වැඩිද කියල.එක තැනක 14.9 වාරයක් GPU එක වැඩියි කියල ඔයාලට පේනවා ඇති.  




ඉතින් ඔන්න ඔය හේතු නිසා ගැන ඉස්සරහට GPU Computing ගොඩක් කතා වේවි.මේ වගේ ලිපි වලින් ඔයගොල්ලන්ට ඉස්සරහට එන තාක්ෂණය ගැන අවබෝධයක් ලබා දෙන එකයි අපේ අරමුණ.වැඩිදුර විස්තර දැනගන්න ආස නම් පහළ තියෙන link වලට ගිහින් බලන්න.



2 අදහස්:

හිස් අහස said... Reply to comment

මචං මේක මට මාර වටිනවා ඔන්න මම ප්‍රින්ට් කරා අවුලක් නෑනේ බ්ලොග් එකේ නමත් සහිතවයි ප්‍රින්ට් කරේ.

ජයවේවා !!

Thiwanka Makumburage said... Reply to comment

@හිස් අහස කොළඹ විශ්වවිද්‍යාලය පැත්තෙත් මේ ගැන පර්යේෂණ යනවා කියල නම් ආරංචියි.හෝඩුවාවක් ලැබුනොත් අපිටත් කියන්න.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com