Thursday, October 28, 2010

ඩිජිටල් matte painting

මේක මෙහෙම කිව්වට සිනමාවට අලුත් දෙයක් නෙවී. 1900 බර ගණන් ඉඳලම මේක පාවිච්චි උනා. හැබැයි 'ඩිජිටල්' කෑල්ල නැතුව.

සිනමාවේ Matte Painting නිර්මාණය කරන්න නමක් දිනාගත්තු ආයතනයක්
painting යන වචනයෙ කියවෙන විදිහටම මේකෙන් කරන්නෙ සිතුවම් කිරීමක් තමයි. හරියටම කියනවනම් පසුබිම් සිතුවම් කිරීමක්. ඕනම නිර්මාණයක සාර්ථකත්වයට, පසුතලය කියන්නෙ රංගනය වගේම මොහොම වැදගත් සාධකයක්. ඒකයි හැම සිනමා නිර්මාණයකම වගේ පසුතල වැඩ කටයුතු සඳහා වෙනම ඒකකයක් ඉන්නේ. අපිට හදාගන්න අමාරු, වියදම් වැඩි පසුබිම් පරිසරයක් මොකක් හරි තලයක සිතුවම් කරලා ඒක පසුබිමින් තියලා ජවනිකාව රූපගත කරන එක තමයි මේකෙන් කරන්නේ.

Photoshop Matte Painting

පරිගණක චිත්‍රණ කලාව ආවත් එක්කම වගේ ඒ කියන්නේ 80 දශකයේදි ඉඳන් වගේ මේ සිතුවම ඩිජිටල්කරණය වුනා. ඒ කියන්නෙ පසුබිම computer graphics(CG) මඟින් අඳින්න, composite කරන්න පටන් ගත්තා. එතකොට කරන්න තියෙන්නෙ අපි CG වලින් ඇඳ ගත්තු චිත්‍රය පසුබිමට ගලපලා අලෝලා හැඩ වැඩ කරන්න විතරයි.

Digital Matte Painting Artist

Matte painting කියන්නෙ වෙනම කලාවක්. මේ ශිල්පය ප්‍රගුණ කරලා වෘත්තීමය matte painter කෙනෙක් වෙන්නටත් පුළුවන්.අපි වර්ණහරණය කරලා, match moving කරලා, එළිය අඳුර ගලපලා පසුබිමක් දාන්න යනකොට මේ කලාව දැනගෙන තියන එක ගොඩක් ප්‍රයොජනවත් වෙනවා.

මෙතන්ට ගීයොත් බලාගන්න පුළුවන් ලොකයේ matte painting artistලගෙ නියම වැඩ කිඩ ටිකක්. එතන තියන Lord of the Rings චිත්‍රපටයෙ matte painting එක බලන්න අමතක කරන්න එපා.

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com