Thursday, October 21, 2010

Planar Tracking

Imagineer Systems

Video composting වලදි බහුලව භාවිතා වෙන VFX එකක්. නැති දේවල් ඇති දේවල් කරන්නත්, ඇති දේවල් නැති දේවල් කරන්නත් මේකට පුළුවන්. විශාල ගොඩනැගිලි වල රූපවාහිනි දර්ශන තිර එල්ලන්නෙත් දිලිසෙන මතුපිටකින් මූණ බලන්නෙත් මේ ක්‍රමයෙන්. අපි කලින් දවසක කතාකරපු match-moving ක්‍රමය මේකට ගොඩක් සමානයි. වෙනසකට තියෙන්නෙ වර්ණහරණ පසුබිමක් නැතුව දර්ශන තලයේම තියෙන සලකුණක් මඟින් මතුපිටක් track කිරීම සිදුකරන එකයි.

උදාහරණයක් විදිහට මෙහෙම සීන් එකක් හිතන්න. අනාගත ලොකේ ජනාකීර්ණ වීදියක පුළුල් රූපවාහිනි තිර සහිත ගොඩනැගිලි. කොහොමද මේවගේ තැනක ඇවිදින මිනිහෙක් රූපගත කරන්නෙ. කවදාකවත්ම මිලියන ගානක් වියදම් කරල ගොඩනැගිල්ලක රූපවාහිනි තිර එල්ලන්න හිතන්න එපා. vfx තියෙන්නෙ ඒකට තමයි. අපිට පුළුපුළුවන් විදිහට පහසු location එකක මේක රූපගත කරල අඩු වැඩිය පුරවන්න පරිගණකයට භාර දෙන එක තමයි හොඳම වැඩේ.

Mocha for Adobe After Effects

 මේකයි කරන්න තියෙන්නෙ. රූපගත කරපු දර්ශනය අපේ editing tool එකට ලබාදීල ගොඩනැගිල්ලෙ අදාල සෘජුකෝණස්‍රාකාර කොටස track කරන්න කියල මෘදුකාංගයට අඳුන්වල දෙනවා. ඊළඟට ඒ කොටසට අපි වෙනම අරගත්තු පුළුල් රූපවහිනි තිරයක් අලවන එකයි කරන්න තියෙන්නෙ. එතකොට කැමරාව කොච්චර චලනය වීගෙන ගියත් රූපවාහිණි තිරය තියෙන්නෙ ඒ ගොඩනැගිල්ලෙම තමයි. ඊට පස්සෙ ඉතින් මේකට අඩුම කුඩුම දාල පොඩ්ඩක් ලස්සන කරලා තාත්වික කරලා ගන්නයි තියෙන්නෙ.

රෙදි මතුපිටක් උනත් track කරන්න පුළුවන්
මේ වෙනකොට අපි tracking ජාති තුනක් ගැන කතා කරලා තියනවා.

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com