Friday, October 22, 2010

Toy Story ඇතුල් කතාව

ලොකු කුඩා කවුරුත් ආසාවෙන් බලපු ලස්සන කාටූනයක්. ඒක කොච්චර ජනප්‍රිය උනාද කියනවනම් ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව කථාංග තුනක් දක්වාම නිර්මාණය වුනා. අපි හදන්නෙ මේ Toy Story කතාව දිග අරින්න නෙවී. ඒකෙ ඇතුල් කතාව කියන්න.

මොකද සජීවිකරණ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් තම්යි 1995 නොවැම්බර් 22, ඒ කියන්නෙ Toy Story මුලින්ම පිට වුනු දවස. ගොඩක් දෙනා Toy Story බලලා තිබ්බට මේ කතාවෙ විශේෂත්වය දන්නෙ නෑ. Toy Story කියන්නෙ මුළුමනින්ම CGI(Computer Generated Imaginary) තාක්ෂණය යොදාගෙන පරිගණක භාවිතයෙන් නිපදවපු ලෝකයේ පළමුවෙනි සජීවිකරණ චිත්‍රපටය.

Disney සමාගමත් එක්ක ඇතිකරගත්ත ගිවිසුමක් අනුව Pixar Animation Studios වලින් තමයි මේක හැදුවේ. මේකෙ අධ්‍යක්ෂක John Lasseter මීට කලින් හදල තිබ්බ Tin Toy කෙටි චිත්‍රපට දැකලා තමයි Disney සමාගමට මේ වැඩේට අත ගහන්න හිතුනේ. Tin Toy කියන්නේ Toy Story ආරෙටම යන සෙල්ලම් බඩු කතාවක්. ඇත්තටම Toy Story කියන්නේ අවුරුද්දෙන් දෙකෙන් කරපු නිර්මාණයක් නෙවී. අවුරුදු ගානක මහන්සියක ප්‍රතිඵලයක්. 1995 එළි දක්වන්න කලින් කරපු පර්යේෂනාත්මක දර්ශන අන්තර්ජාලයේ ඕන තරම් හොයාගන්න පුළුවන්.



1995 - Toy Story වල සාර්ථකත්වයෙන් පස්සෙ තමයි, දිගට හරහට සජීවිකරණ චිත්‍රපට බිහිවෙන්න පටන් ගත්තෙ.

2 අදහස්:

hare :-) said... Reply to comment

මම පට්ට ටෝයි ස්ටෝරි ‍ෆෑන් එකක්! නියමයි මේ සටහන.. ස්තූති වොවා මචං!

Thiwanka Makumburage said... Reply to comment

@h
අදහස් වලට ගොඩක් ස්තුතියි.ඇත්තටම Toy story කියන්නෙ වැඩිහිටියන්ව පවා ළමා කාලයට ගෙනියපු චිත්‍රපටයක්.ඔයගොල්ලොත් ආසා කරන තව චිත්‍රපටි තියෙනවා නම් එවත් කියන්න.අපි එවා ගැනත් දන්න දෙවල් කියන්නම්.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com