Thursday, October 28, 2010

VFX දහයයි !!!!!

ඔන්න අපි ජයග්‍රාහි VFX දස වෙනි කඩුල්ල පසු කරා. ඒ කියන්නෙ අපි දැනට ඩිජිටල් ඇස් බැන්ඳුම් ක්‍රම 10ක් ඔයගොල්ලන්න්ට අරගෙන ඇවිල්ල තියනවා. ඒ හැම එකක්ම දැනට VFX කර්මාන්තයේ නිතර භාවිතා වෙන සහ ජනප්‍රියම ඇස් බැන්ඳුම්.


vfx කලාකරුවන්ගේ (එකම)සමාජය


ඔයාලගෙ නිර්මාණයකට එහෙම VFX පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා නම් පූර්ව නිශ්පාදන අවස්ථාවෙ ඉඳලම හොඳ සැලසුමක් ඇතිව මේ කටයුත්ත කරන්න. ඒත් 80%කම වගේ වැඩ කරන්න තියෙන්නෙ පසු නිෂ්පාදන අවස්ථාවෙ.

VFX එහෙමත් නැතිනම් visual effects අද ඊයෙ ආපු දෙයක් නෙවී. 1900 බර ගණන් වල ඉඳලම ලෝක සිනමාවෙ පාවිච්චි වුනා විවිධ ක්‍රම වලින්. ඒක ඩිජිටල්කරණය වුනේ 80 දශකයේ පරිගණක චිත්‍රණ කලාව ප්‍රචලිත වුනායෙන් පස්සෙ කියන්න පුළුවන්.



සිය වසරක VFX සිනමාව

පුළුවන්ද අඳුන ගන්න මේකෙ අඩංගු වෙලා තියන සිනමා නිර්මාණ. පසු කාලිනව ආපු ගොඩක් දෙවල් නම් මෙතන නෑ. 80%ක්වත් අඳුනගන්න පුළුවන් නම් ඔබ සැබෑ හපනෙක්.

2 අදහස්:

Kumara said... Reply to comment

ඉතාම හොදබ්ලොග් එකක්.ඇහැ ගැටුනෙ ඊයෙ.වැඩ අතරෙම postඔක්කොම කියෙව්වවා. බ්ලොග් අතරෙ මේ විෂය ගැන දැක්ක එකම සිංහල බ්ලොග් එක.හොද අවබෝධයක් ඇතිව ලියල තියෙනවා.නමුත් එකම සිංහල බ්ලොග් එක නිසා ලියන මාතෘකාව ගැන වැඩි විස්තර ඇතිව ලීවනම් හොදයි කලබල නැතිව.හැබැයි පුතෝ මගදි නවත්වනව හෙම නෙවේ සමහරැ වගේ.අපි දිගටම බලන්න ඉන්නවා.යාළුවන්ටත් කියනවා.දිගටම ලියන්න. ඔයාලාගෙ
Open Source Project එකට අපි සුභ පතනවා.

Upekha Vandebona said... Reply to comment

@Kumara
ධෛර්යයමත් කෙරුවාට ගොඩාක් ගොඩාක් ස්තූතියි. තව තව ලියන්නම් අපි දන්න දෙවල්. විස්තර සහිතව ලියන්න තරම් නම් අපි තාම මේ ක්ෂේත්‍රයට පිවිසිලා නෑ. ඒක හින්දා හොයල බලලා දන්න විදිහට තමයි ලිපි ලියවෙන්නෙ. හැබැයි ඉතින් විභාග කාලෙට නම් අපිට පොඩි විරාමයක් ගන්න සිද්ද වේවි. :-D

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com