Wednesday, November 3, 2010

ප්‍රබන්ධයෙන් ඔබ්බට...


මතකද මේ දර්ශනය. Minority Report බලපු කෙනෙකුට නම් අමතක වෙන්න විදිහක් නෑ. මේ පරිගණක මුහුණත තමයි එහි අඩංගු වෙලා තිබ්බ ප්‍රධානතම සංකේතය. මොකද Minority Report කිව්ව ගමන් කාට කාටත් එක පාරට මතක් වෙන්නෙ Tom Cruise හා මේ මුහුණත හන්දා. එදා දෘෂ්‍ය ප්‍රයෝගයක් ලෙසින් එළි දැක්කට දැන් මේක යථාර්තයක් බවට පත් වෙලා. ඒ ආරංචිය අරගෙන තමයි අද අපි ආවෙ.

මේක යථාර්තයක් බවට පත් කිරීමෙ වැඩේට අත ගහලා තියෙන්නෙ Oblong Industries කියන ආයතනයයි. එයාලගෙ g-speak ව්‍යාපෘතිය මඟින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නෙ. g-speak කියන්නෙ අවකාශීය මෙහෙයුම් පද්ධතියක් ( spatial operating environment - SOE) වගේ දෙයක්. ඔන්න අපි නොකීවයි කියන්න එපා, මේක තමයි ඉස්සරහට GUI කලාවෙ අනාගතය වෙන්නෙ. ළඟදීම මූසිකයටයි, යතුරු පුවරුවටයි ටටා කියන්න සිද්ද වේවි.

අපි කිව්වෙ බොරුද!! කියමු බලන්න..

අපි මේ කතාවට Minority Report කතාව ගාව ගත්තෙ හේතුවක් ඇතිව. මොකද කියනවනං මේ චිත්‍රපටයට ව්ද්‍යා උපදේශකවරුන් විදිහට වැඩ කරලා තියෙන්නෙ මේ g-speak වලම කෙරුම්කාරයො තමයි. (ඉතින් මේක යථාර්තයක් වෙන එක අහන්නත් දෙයක් යෑ) මේ පද්ධතිය ප්‍රධාන වශයෙන් සැකසිලා තියෙන්නෙ DLP(Digital Light Processing) ප්‍රොජෙක්ටරයකින් සහ පරාවර්තක ගුලිකා සහිත සුවිශේෂ අත්මේස් යුගලයකින් සහ අතෙහි චලනයන් අල්ලා ගැනීමට අධෝරක්ත කැමරා කට්ටලයකින්. මේකට මේ අභිනය තාක්ෂණය (gesture technology) උදව් කරගන්න හන්දා තමයි 'g' ඒ කියන්නෙ 'gesture කතා කරයි' කියන නම දාලා තියෙන්නෙ.


ප්‍රබන්ධයක් යථාර්තයක් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ හන්දයි ප්‍රවෘත්ති විකාශ වලින් පවා මේකට විශාල තැනක් ලැබුනේ. ඉහළ දැක්වෙන්නෙ ඒවගේ අවස්ථා දෙකක්.


මේ කෙරුම්කාරයා තමයි John Underkoffler සහ ඔහුගේ කට්ට්ය. TED සම්මන්ත්‍රණයේදි ඔවුන් කරපු මේ ඉදිරිපත් කිරීම අනිවා බලන්නයි කියලා මේ ගැන උනන්දුවක් තියන හැමදෙනාටම කියනවා. GUI තාක්ෂණය එදා ඉඳන් මේ දක්වා ආපු හැටි ඔවුන් අපූරුවට පැහැදිලි කරලා දෙනවා.

2 අදහස්:

සොබනි said... Reply to comment

කොලඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයාතනයේ එහෙමත් නැත්නම් UCSC එකේ සිසු සිසුවියන් විසින් පහුගිදා පවත්වපු IFO++ ප්‍රදර්ශනයේ මීට බොහෝ සමාන demo එකක් දැකගන්න ලැබුණා. පාවිච්චි කරපු තාක්ෂණය ඕකමද කියලනම් දන්නෙ නෑ. පරිගණක තිරයට ඉදිරියෙන් අත චලනය කිරීමෙන් (Touch screen නෙමෙයි) ලෝක සිතියම zoom in/out කරන හැටි තමයි පෙන්නුවේ.

Upekha Vandebona said... Reply to comment

@සොබනි
ඔව් එතනදිත් පාවිච්චි කරලා තිබුනේ අභිනය තාක්ෂණයේ(gesture technology)එක් ආකාරයක් තමයි අපි හිතන්නේ.

ඒත් මෙතන gesture i/o සමඟ recombinant networking සහ real-world pixels යන තාක්ෂණ වල සංකලනයක් තියෙන්නෙ.

http://oblong.com/article/086E19gPvDcktAf9.html

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com