Thursday, April 15, 2010

TOP VFX Techniques

Motion Capturing

ඊළඟට අපි කතා කරන්න යන්නෙ animatorsලට අදාල VFX 1ක්. මේක භවිත කරපු චිත්‍රපට නම් ඔයලා මදි නොකියන්න බලල ඇති.




කියන්නෙ උපරිමයෙන්ම මේ techinique 1 යොදගෙන ඒ සඳහාම ජනප්‍රිය වුනු
animated movies 2ක්.
The Polar Express(2004), A Christmas Carol(2009)








King Kong"Gollum"(lord of the rings)"Na'vi"(Avatar)
වගේ චරිත වලට පණ දීල තියෙන්නෙ මේ ශිල්ප ක්‍රමයෙන්.   
ඔයගොල්ලො නිකමට හරි හිතල බලුවද ඒ වගෙ සියුම් ඉරියව් ප්‍රකාශනයක් එ වගේම සංකීර්ණ අංග චලනයක් කොහොමද සජීවිකරණය කලේ කියල.. ඇත්තටම එයලා ඒව අතින් ඇඳ ඇඳ හිටියෙ නෑ. ඒවිදිහට මුහුනෙ ඉරියව් අතින් හදන්න ගියානම් ඒව බලන්න අපිට තව අවුරුදු 5ක් වත් බලා ඉන්න වෙනව.කොහොමද මෙ වැඩේ මෙච්චර ඉක්මන්ට කලේ. හරියට ඇත්තම කෙනෙක් වගෙ. අපි හොයල බලමු...
මේක අදාල වෙන්නෙ අනිමටොර්ස්ලට කිව්වට නලුවෙක් නැතුවාම නෙවේ. ඒ සජීවිකරණ චරිතයට පණ දෙන්න. ටිකක් වියදම් අධික වැඩක් තමයි. මොකද මේකට පොඩි sensor marker gadget කෑලි ටිකක් ඕන කරනව. Facial Motion Capture කරන්න නම් ටිකක් සියුම් Gadgets පාවිච්චි කරන්න වෙනවා.
මේ පුංචි sensors ඇඟේ, මුහුනෙ අවශ්‍ය ඉරියව් පළවන තැන් වල සවි කරලා මේ motion data අල්ලගන්නවා. LED ආලෝකයෙන්,චුම්බකත්වයෙන්, UR කිරණ වගෙ විවිධ ආකාරයෙ ක්‍රම පවිච්චි කරවා මේකට.ඒ ක්‍රම කොහොමද පාවිච්චි කරන්නෙ කියලා හොයලා බලන 1 ඔබට භාර කරන්නම්. මොකද දියුණු වන තාක්ෂණයත් එක්ක මේ ක්‍රම සීඝ්‍රයෙන් වෙනස් වෙන සුළුයි. මොන ක්‍රමයකින් හරි ලබාගත්තු මේ චාලක දත්ත software 1ක් ආධාරයෙන් පරිගනක ගත කරනවා.මෙහෙම ගත්තු motion data අපෙ character 1ට කැව්වම ඒ චලන දත්තයන්ට අනුකූලව අපේ චරිතයත් චලනයන් දක්වනවා.


මේ වීඩියො 1 බලුවොත් ඔයලට හොඳ අදහසක් ගන්න පුලුවන් වෙයි කොහොමද මේ techinique 1 පාවිච්චි කරන්නෙ කියල. Polar Express වලට Motion Capture කොහොමද භවිතා කලේ කියල මේකෙන් පෙන්වනවා.බැලුවට පාඩු නෑ.... 



 

Vfx එහි අනන්තයටම ගෙනගිය 'Avatar'


2010 වසරේ Oscar සම්මාන උළලේ හොඳම කලා අධ්‍යක්ෂණය සහ හොදම Vfx චිත්‍රපට නිර්මාණය සඳහා සම්මාන හිමි කරගත් Avatar චිත්‍රපටය ගැනයි මේ කතාබහ...


මෙකට බහුලවම යොදගෙන තියෙන්නෙ කලින් uvjay කථාකරපු motion capture කියන තාක්ෂණය සහ Computer generated imagery (CGI) කියන තාක්ෂණය තමයි.

James Cameron
කියන අධ්‍යක්ෂකවරයගෙ හිතේ අවුරුදු ගානකට කලින් මැවුන හීනයක් තමයි මේ පැන්ඩෝරාවන්ගේ ලෝකය. තාක්ෂණය සුදුසු පරිදි පරිණාමනය වනතුරු තමයි ඔහු වසර ගනනාවක් බලා ඉඳල තියෙන්නෙ.එහෙම බලා ඉදිල්ලත් නරක නෑ කියල Avatar බලපු ඔයලට තේරෙන්නැති...





Avatar චිත්‍රපටියේ නිෂ්පාදන කටයුතු සඳහා ආයතන ගනනාවක්ම සහභාගි වෙලා තියෙනව.මේ තියෙන්නෙ එවගෙන් සමහරක්.
මෙවා අතරින් Weta Digital සහ Industrial Light and Magic(ILM) යන ආයතන මෙම ක්ෂෙත්‍රයේ ප්‍රමුඛ තැනක් ගන්නවා.

දන් අපි බලමු හදන්න පාවිච්චි කරපු මෘදුකංග මොනවද කියල.
  • Autodesk Maya
  • Pixar Renderman for Maya
  • Autodesk SoftImage XSI
  • Luxology Modo
  • Lightwave
  • Houdini
  • ZBrush
  • Auodesk 3ds max
  • Autodesk MotionBuilder
  • Eyeon Fusion
  • The Foundry Nuke Compositor
  • Autodesk Smoke
  • Autodesk Combustion
  • Massive
  • Mudbox
  • Avid
  • Adobe After Effects
  • PF Track
  • Adobe Illustrator
  • Adobe Photoshop
  • Adobe Premiere
මේවා අතර ඔයලට දැනටමත් හුරුපුරුදු මෘදුකංග කීපයක්ම තියෙන බව නම් මට විස්වාසයි.






ආයතන සහ මෘදුකාංග ගෙන විස්තර දැනගත්තෙ මෙතනින් තමයි

http://www.twin-pixels.com/software-used-making-of-avatar/

වැඩිදුර විස්තර සඳහා විඩ්යෝ ටිකත් නරඹ්ලා මේවටත් ගිහින් බලන්න

http://www.scienceprog.com/technologies-used-in-avatar-movie/

http://www.popularmechanics.com/technology/digital/visual-effects/4339455

Wednesday, April 14, 2010

TOP VFX Techniques


ඩේව්වරුන් හැටියට අපේ පරමාර්ථය තමයි අපේ දැනුම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න එක. ඒකෙ ප්‍රථම පියවර හැටියට ඔන්න අද ඉඳන් අලුත් දෙයක් පටන් ගන්නයි හදන්නෙ.


VFX....
මොනාද මේ VFX කියන්නෙ..
අපි හොයලා බලමු...........
VFX !! කෙටියෙන් කිව්වොත් ඒ කියන්නෙ Visual Effects. අද ඉඳන් පටන් ගන්න අපේ පෙළ ගැස්ම. ලොකයේ තියන ජනප්‍රියම VFX Techniques ටික අපි දන්න විදිහට ඔයාලට දෙන්නයි මේ වෑයම.එහෙනම් පළවෙනි පාඩම අද පටන් ගමු.

--------------------------------------------------------------------------------------------------------------------------------


Time Slice Photography

The Matrix  බලපු අය නම් මේක හොඳට දැකලා ඇති. මතකද Neo ඉහළ අහසේ එකම තැන ඉඳිද්දි වතුර බින්දුත් 1ක්ක එයා වටේ රවුමක් කැරකිලා එන සීන් 1ක් තිබ්බා. ඔය වැඩේ කරලා තියෙන්නෙ මේ technique 1 පාවිච්චි කරල තමයි. මේක කරලියට ආවේ The Matrix චිත්‍රපටයෙන් කිව්වොත් ගොඩක් නිවැරදි..ඊට පස්සෙ ඉන්දියාවෙ Main Hoona දක්වා මේ ශිල්ප ක්‍රමේ ඉදිරියට ආවා.
කොහොමද මේ වැඩේ කරල තියෙන්නෙ කියල හොයලා බැලුවොත් නරකද...


මේකට නිශ්චල කැමරා කීපයක් (10-30) හා චලන කැමරා 2ක් ඕන කරනවා. ආරම්භක හා අවසාන පිහිටුම් වල චලන කමරා 2 තියලා රටාවකට නිශ්චල කැමරා පිහිටුවනවා. ඊට පස්සෙ අවශ්‍ය මොහොතෙදි කැමරා ඔක්කොම 1 පාරට ක්‍රියකරවනවා.  




මේ ඔක්කොම එකතු කරල තමයි මේ විදිහට ගල් වෙච්ච චරිතයක් වටා කරකැවෙනවා වගේ අපිව අන්දන්න VFX පාවිච්චි කරලා තියෙන්නෙ.


නිශ්චල කැමරා 5ක් තියනවනම් ඔබටත් මේ වඩේ කරන්න අමාරු වෙන්නෙ නෑ. පන්චාස්‍රයක මුලු වල කැමරා 5 තියගෙන යාළුවො 5ස් දෙනෙකුත් සෙට් කරගෙන ඔබට තියෙන්නෙ මැද්දට වෙලා විධානයක් දෙන 1 විතරයි. යළුවන්ට කියන්න ඔබේ විධානයට කැමරා ක්‍රියත්මක කරවන්න කියලා.ඊට පස්සෙ ඒ ටික එකතු කරල සීන් 1 හදන්න. හරි සිම්පල්....
 
මේ වැඩේ හොයා ගත්තු Tim Macmillan ඔබත් අඳුන ගන්න ආසද...එහෙනම් මෙ වීඩියො 1 බලන්න...




http://benjaminellis.org/2009/10/29/time-slice-films-photography-meets-cinematography/
එවගෙම මේ ලින්ක් ටිකත් ක්ලික් කරලා බැලුවොත් අපරාදෙ වෙන්නෙ නෑ..
ඩේව් වරුන්ගෙ අඩවියට පැමිනි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.


We are DAVEs...ඩේව් වරුන් වන අප Digital Animation and Visual Effects ලොවේ ගැඹුර සොයා සැරි සරන්නෝ වෙමු.
ඔබත් ආධුනික ඩේව් වරයෙක්ද? එසේ නම් අප හා "මුල්ලට" එක්වන්න..."CORNER" අපගේ රජ්‍යයයි....
Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com