Wednesday, November 3, 2010

ප්‍රබන්ධයෙන් ඔබ්බට...


මතකද මේ දර්ශනය. Minority Report බලපු කෙනෙකුට නම් අමතක වෙන්න විදිහක් නෑ. මේ පරිගණක මුහුණත තමයි එහි අඩංගු වෙලා තිබ්බ ප්‍රධානතම සංකේතය. මොකද Minority Report කිව්ව ගමන් කාට කාටත් එක පාරට මතක් වෙන්නෙ Tom Cruise හා මේ මුහුණත හන්දා. එදා දෘෂ්‍ය ප්‍රයෝගයක් ලෙසින් එළි දැක්කට දැන් මේක යථාර්තයක් බවට පත් වෙලා. ඒ ආරංචිය අරගෙන තමයි අද අපි ආවෙ.

මේක යථාර්තයක් බවට පත් කිරීමෙ වැඩේට අත ගහලා තියෙන්නෙ Oblong Industries කියන ආයතනයයි. එයාලගෙ g-speak ව්‍යාපෘතිය මඟින් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නෙ. g-speak කියන්නෙ අවකාශීය මෙහෙයුම් පද්ධතියක් ( spatial operating environment - SOE) වගේ දෙයක්. ඔන්න අපි නොකීවයි කියන්න එපා, මේක තමයි ඉස්සරහට GUI කලාවෙ අනාගතය වෙන්නෙ. ළඟදීම මූසිකයටයි, යතුරු පුවරුවටයි ටටා කියන්න සිද්ද වේවි.

අපි කිව්වෙ බොරුද!! කියමු බලන්න..

අපි මේ කතාවට Minority Report කතාව ගාව ගත්තෙ හේතුවක් ඇතිව. මොකද කියනවනං මේ චිත්‍රපටයට ව්ද්‍යා උපදේශකවරුන් විදිහට වැඩ කරලා තියෙන්නෙ මේ g-speak වලම කෙරුම්කාරයො තමයි. (ඉතින් මේක යථාර්තයක් වෙන එක අහන්නත් දෙයක් යෑ) මේ පද්ධතිය ප්‍රධාන වශයෙන් සැකසිලා තියෙන්නෙ DLP(Digital Light Processing) ප්‍රොජෙක්ටරයකින් සහ පරාවර්තක ගුලිකා සහිත සුවිශේෂ අත්මේස් යුගලයකින් සහ අතෙහි චලනයන් අල්ලා ගැනීමට අධෝරක්ත කැමරා කට්ටලයකින්. මේකට මේ අභිනය තාක්ෂණය (gesture technology) උදව් කරගන්න හන්දා තමයි 'g' ඒ කියන්නෙ 'gesture කතා කරයි' කියන නම දාලා තියෙන්නෙ.


ප්‍රබන්ධයක් යථාර්තයක් කරනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ හන්දයි ප්‍රවෘත්ති විකාශ වලින් පවා මේකට විශාල තැනක් ලැබුනේ. ඉහළ දැක්වෙන්නෙ ඒවගේ අවස්ථා දෙකක්.


මේ කෙරුම්කාරයා තමයි John Underkoffler සහ ඔහුගේ කට්ට්ය. TED සම්මන්ත්‍රණයේදි ඔවුන් කරපු මේ ඉදිරිපත් කිරීම අනිවා බලන්නයි කියලා මේ ගැන උනන්දුවක් තියන හැමදෙනාටම කියනවා. GUI තාක්ෂණය එදා ඉඳන් මේ දක්වා ආපු හැටි ඔවුන් අපූරුවට පැහැදිලි කරලා දෙනවා.

Tuesday, November 2, 2010

AR හෙවත් Augmented Reality



ඔන්න ඉතින් පහුගිය් දවසක අපිත් ගියා UCSC එකේ තිබුන ifo++ ප්‍රදර්ශණය බලන්න.අපේ සහෝදර සහෝදරියො ගොඩාක් මහන්සි වෙලා හිත් ඇදගන්න නිර්මාණ රාශියක් හදල තිබුනා.ඇත්තටම ඒ ප්‍රදර්ශණය යමක් ඉගෙනගන්න කැමති අයට ඉතාමත් වැදගත් වුනා.මම මේ ලිපියෙන් කියන්න යන්නෙ ඒ ප්‍රදර්ශණය ගැන නම් නෙවේ.ඒකෙ තිබිච්ච අපෙත් හිත් ඇදී ගිය ප්‍රදර්ශණ  මාතෘකාවක් වන Augmented Reality ගැන.


  


ඔන්න ඉතින් පොඩි අදහසක් ගන්නත් එක්ක මේ video එක බලමුකො.





එකේ තිබුනේ මොනවගේ දෙයක්ද කියල තෙරෙන්නෙ නැතුව ඇති සමහර විට.ඒකෙ තිබුනෙ වෙබ් කැමරාවක් ඉදිරියේ විශේෂ ආකාරයේ පොතක් පෙරලගෙන යන අයුරුයි.ඒ කියන්නෙ අර තිබුන ත්‍රිමාණ වස්තු එකක්වත් පසුව කරපු සංස්කරණයකින් එකතු කරපුවා නෙවෙයි.කොහොමද එහෙම කලේ??? අන්න ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන එක තමයි අපි මේ ලිපියෙන් කරන්න බලපොරොත්තු වෙන්නෙ.


 







Augmented Reality  සංකල්පය කියන්නෙ කලින් තිබුන අතත්‍ය යථාර්තය (Virtual Reality) කියන සංකල්පයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙයක්.Virtual Reality හි දී අපි කරන්නේ සැබෑ ලෝකය හා සමාන ආකාරයෙන් ත්‍රිමාණ වස්තු මැවීමට උත්සහ කිරීමයි නමුත් Augmented Reality හි දී අපි සැබෑ ලෝකයේ යම් තැනක නොතිබෙන වස්තු ත්‍රිමාණ ලෙස සැබෑ ලෝකයේ මැවීමට උත්සහ කරනු ලබනවා.ඉතින් මේ උත්සහය අද ඊයේ පහල වූ දෙයක් නම් නෙවෙයි.ක්‍රමක්‍රමයෙන් දියුණුවෙලා තමයි අද මේ තත්වයට පැමිණිලා තියෙන්නෙ.









AR Toolkit එක පාවිච්චි කරලා ඔයාලටත් ලේසියෙන්ම මේක අත්හදා බලන්න පුලුවන්.මෙහිදී අපිට අවශ්‍ය වෙනවා කැමරාවකට පහසුවෙන් හඳුනා ගත හැකි රටාවක්.එම රටාව හඳුනා ගෙන ඊට සාපේක්ෂව ත්‍රිමාණ වස්තුවක් දර්ශණය කිරීම තමයි මේ මඟින් කරනු ලබන්නේ.ඒ සඳහා පරිගණක වැඩසටහනක් යොදාගනු ලබනවා.මේ වැඩසටහනට කලින් එම රටාව ඇතුලත් කර තිබිය යුතුයි.එවිට පමණයි එම වැඩසටහනට අදාල ත්‍රිමාණ රූපය දර්ශණය කිරීමට හැකියාව ලැබෙන්නේ.

මෙන්න මේ වගේ එකක් තමයි රටාව විදියට යොදාගන්නෙ


ජංගම දුරකථන වල්ටත් AR...


අත්හදා බලන්න කැමති අයට...

 http://weblog.mrinalwadhwa.com/2009/04/13/augmenting-reality/


වැඩිදුර විස්තර සඳහා මේ video එකත් බලන්න.







ගේම් වලට කැමති අය අනිවාර්යෙන් මේ ටිකත් බලලම යන්න...






 

මෙන්න තවත් යෙදීම් ටිකක්...

http://www.bannerblog.com.au/news/2009/06/35_awesome_augmented_reality_examples.php


ඉතින් මේ වගේ දියුණු තාක්ෂණයත් එක්ක අනාගත ලෝකය කොච්චර වෙනස් වෙයිද කියල හිතාගන්න පුලුවන්ද? 

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com