Thursday, March 17, 2011

පරිකල්පනය, කුතුහලය හා ආරම්භය...

කාලෙකට පස්සෙ ආවා වුනත් බොහොම වැදගත් මාතෘකාවක් අරගෙන තමයි ආවෙ. ඊටත් වඩා විශේෂ දෙයක් ඔබට අහන්න සලස්වලා සැබෑ ලෝකය තුල ඇති අලුත් ලොකයක් ගැන වෙනස් විදිහකට අලුත් විදිහට හිතන්න අත් වැලක් සපයන්න තමයි අද මූලික අරමුණ.


" පරිකල්පනය, කුතුහලය හා විශිෂ්ට නිර්මාණයක ආරම්භය... "


අපේ රටේ විශිෂ්ට නිර්මාණයක් හොයාගන්නව කියන එක අද කාලෙ හරියට ලාහෙට ගෙම්බො අල්ලනවා වගේ වැඩක් තමයි. ඔලුවෙ හොඳ වස්තු බීජයක් හට ගන්න නම් ඔය කිව්ව පරිකල්පන ශක්තියයි, කුතුහලයයි දෙකම ඕනා කරනවා. ඔව්වා ඉතින් අලුතින් ඔබ්බලා කරල ගන්න පුළුවන් දේවල් එහෙම නෙවී, ඇතුලතින්ම එන්න ඕනා. මෙව්වා උපතින්ම පිහිටපු කට්ටිය එක්ක ආස්ස‍රයට වැටුනොත් ඔබට මේ දේවල් වල තියන ශක්තිය හොඳට මැන ගන්න පුළුවන්. ඉතින් අපි ඒකට අවස්ථාවක් ලබා දෙන්නයි මේ හදන්නෙ. ආධුනිකයො විදිහට මේ වගේ වෙනස් විදිහට හිතන පතන විශිෂ්ට නිර්මාණකරුවො හොඳට දැන හඳුනගෙන ඉන්න ඕනනෙ. ඔන්න අපි පළමු පියවර තිබ්බා...

අපි අඳුන ගන්න පළමු නිර්මාණකරුවා

James Cameron: Before Avatar ... a curious boy




James Cameron කියන්නෙ අපි හැමෝම හොඳාකාරවම දන්න විශිෂ්ට නිර්මාණකරුවෙක්. අපිට මේ වටිනා කියන කතාබහ අහන්න ලැබුනේ TED සම්මන්ත්‍රණ අතරෙ තිබිලා. බොහොම වැදගත් කතාබහක් හන්දා හැමෝම අතරෙ බෙදාගන්න ඕනයි කියලා හිතුනා. මේ කතාව අහලා අපට ලැබුණු පන්නරයම ඔබටත් ලැබුනා නම් ඒක තමයි අද මාතෘකාවෙ අභිප්‍රාය වුනේ.


2 අදහස්:

Anonymous said... Reply to comment

ඉංගිරිසි ඉගනීමෙන් ඵලක් ඇත්දැයී යන ප්‍රශ්ණයට පළවෙනි වරට, "ඇතැයී" යන පිලිතුර ලැබුනේ, ටෙඩ් කතා සහ යූටූබ් හී අනෙකුත් දැනුම් සම්බාරය දුටු විටයී. පොතක පරිවර්ථනයක් කියවිය හැකී වූවත්, පරිවර්ථකයෙකූ මාර්ගයෙන් වියාපාරයේ යෙදිය හැකි වුවත්, අන්තර්ජාල යුගයේ දැනිම ලබා ගැනීමට ඉංගිරිය අත්‍යාවශ්‍යමයී.

ටෙඩ් කතා උපසිරස් යෙදීම සදහා ඉඩක් දී තිබෙනවා. දෙමල ඇතිලු අනෙකුත් බාසා කතා කරන්නන්, ඒ ඒ බාසවටල අදාල උපසිරස් යොදා තියෙනවා. නමුත් සිංහලෙන් නම් නැහැ.

සිංහලට උපසිරස් යෙදිය යුතුයැයී කියා සිත සිතා හිටියත්, අනෙකුත් ජාතීන්ට බැන බැන සිටීමත්, අතීතයේ පුරා ජේරුව කීමටත්, තම්බීන්ගේ ලමයී වැදීමේ වේගය ගැන කම්පාවට පත් වීමටත්, විද්‍යාවට බනිමින් සුනාමියේදී බුදු පිලිම රැකුනේ කෙසේදැයී කීමටත්, අනුන්ගේ බ්ලොග් අඩවි හැක් කිරීමටත් කාලය වැයවූ බැවින්, අලුත් යමක් කිරීමට වෙලාවක් ලැබුනේ නැහැ.

මයිකොසොෆ්ට් ආයතය හෝ ගූගල් ආයතනයට බැරිද දන්නේ නෑ, මේ කතා සිංහලට පරිවර්ථනය කරන්න.

Anonymous said... Reply to comment

සුද්දන්ගේ ලොකුකම කියාදීමටත් සිංහලයන්ට අතීතකාමීන් යැයි අපහාස කිරීමටත් තම්බින් ලෙස පෙනීසිටිමින් ජාතිවාදය ඇවිස්සීමටත් අපට හරියට නොතේරෙන විද්‍යාව තේරෙනවා වගේ ඇච්චන්ට දෙසීමෙන් පොර වීමටත් හැදූ අපට අනේ මගේ බ්ලොග් එක හැක් කරා කියමින් දෙස්තැබීමට තිබෙන බැවින් දැන් වෙලාවක් නැති හැටි. ඒත් අපට අලුතෙන් යමක් කිරීමට සම්ම ජාතියේ නොහැක්කේ වෙලාව නැති නිසාම බවත් අපිටත් බැරි නැති බවත් සුද්දන්ගේ පොත්වලින් ගෙඩි පිටින් කොපි පේස්ට් කරන්නේ නැති බවත් හුදු ජනහිත පිණිසමැ ගොං ජෝක් දමන බවත් කියා සිටිමු.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com