Wednesday, March 23, 2011

කතා කීමේ කලාව

පසු ගිය ලිපියෙන් අපි ශ්‍රේෂ්ඨ ලෝක සිනමාකරුවෙකුගෙ කතා බහකට එකතු වුනා මතක ඇතිනෙ. ඔහුගේ විශේෂත්වය විදිහට අපි දකින්නේ ඔහුගේ සෑම සිනමා නිර්මාණයක් පිටුපසම දැවන්ත පර්යේෂණාත්මක ගවේශණ චාරිකවක් එකතු වෙලා තිබ්බ එකයි.



ඉතින් ඔහුගේ කතා බහෙන් ලැබිච්ච පන්නරය හන්දම මේ ගවේෂණ ගැන පොඩ්ඩක් හොයා බලන්න අපට හිතුනා. ඉතිහාසය හාරවුස්සන්න කැමති කාට වුනත් මේ ගැන පොඩ්ඩක් හොයා බලන එක වටිනව. මේ සෑම ගවේෂණයක්ම ඔබට Discovery නාලිකාව ඔස්සේ දැක බලාගන්න පුළුවන්.


තේරෙනවා නේද Cameron කියන්නේ කොයිවගේ දැනුම් උල්පතක්ද කියලා.

ඉතින් Titanic චිත්‍රපටයේ සාර්ථකත්වයේ රහස මොකද්ද.
ඔහු එය නිර්මාණය කරන්න කලින් මුහුදුබත් වුනු සත්‍ය නෞකාවේ ඇණ මුරුච්චියේ ඉඳලම පර්යේෂණ කරලා තිබ්බා. ගොඩ ඉඳගෙන එහෙම නෙවී, අඩි දාස් ගානක් වතුර යටටම බැහලා. ඉතිහාසය කියන්නේ රස කර කර විඳින්න පුළුවන් පුදුමාකාර දෙයක්. Titanic නැවේ අංග සම්පූර්ණ ඉතිහාසය ගවේෂණය කරපු නිසා ඔහු කලේ එතනට හැමෝම කැමති රසවත් flavor එකක් යොදපු එකයි. Flavor එක මොකද්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ. ටයිටැනික් විතරක් නෙවේ, ඔහුගේ Avatar, Alien වගේ මේ හැම නිර්මාණයක්ම මේ වගේ දැවත්න දිගුකාලීන ගවේෂණ වල සාර්ථක ප්‍රතිඵල. ඇත්තටම James Cameron කියන්නේ හදාරන්න වටින පුද්ගලයෙක්.




කතාවකට වස්තු බීජයක් හොයන එක ලේසි පහසු වැඩක් නෙවේ. ඒකනෙ අපේ රටේ කතා කලාවෙ හැමදාම බොළඳ ඒකාකාරි කතා බිහිවෙන්නෙ. මේ බොළඳ එකාකාරි බව මොකද්ද කියලා කියන එක ඉතින් හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්නේ. සෑම නිර්මාණකරුවෙකු තුලම දක්ෂ ගවේෂකයෙක් සිටිය යුතුයි. ඒක තමයි අපි විශ්වාස කරන එකම දේ. ඒක තමා සාර්ථක නිර්මාණයක මුල. ඒක තමයි කතා කීමේ කලාවේ ආරම්භය.

 


ලිපිය අවසාන කරන්න කලින් ලංකාවේ පොළව පය ගහල ඉන්න සිනමා ගවේෂකයො ගැනත් සඳහන් නොකලොත් ඒක ලොකු අඩුපාඩුවක්නේ. මෙහෙම කිව්වට ඉතින් මතක් කරන්න පුළුවන් අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක්. හැමදාම බිහිවෙන අපේ කතා කලාවේ කාලෙකට හරි වෙනසක් ඇති කරනවට එතුමන්ලට බොහොමයක් පින්.

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com