නම කිව්වොත් ඉතින් වැඩි අඳුන්වා දීමක් ඕනා වෙන්නෙ නෑ. කවුද මේ, මොනාද කළේ කින්ද මන්ද මේ හැම දෙයක්ම අපිටත් වඩා හොඳින් දන්නව කියල මට විශ්වාසයි. ඒත් ඉතින් කොහොමද කළේ කියලා වැඩි දෙනෙක් හොයල බලන්නේ නෑනේ. ඒ ගැන හොයන්න තමයි අපි ඉන්නේ.
Steven Spielberg
අපි මීළඟට අඳුනගන්න යන සිනමාකරුවා.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට නිර්මාණකරුවෙක්. මොකද්ද මේ කියන විශිෂ්ටත්වය?? ඔහුගේ විශිෂ්ටත්වයේ පසුබිම ටිකක් හොයලා බලන එක වටිනවයි කියලා අපි හිතනවා
භය වෙන එකත් සෙල්ල්ලම් වැඩක් නෙවෙයි
කුඩා කාලයේ පටන්ම ඔහු ටිකක් බියසුළු පුද්ගලයෙක්. කළුවරට බය නැත්තෙ කවුද. බය ගැන ඔහු දක්වන්නේ මේ වගේ අදහසක්.
ඇත්තටම කිව්වොත් බය වෙන එකත් එක විදිහක වාසියක් වගේ නේද....
අත්දැකීම් හරි වටිනවා
අත්දැකීම් කියන දේ බොහොම වටිනවා. අපේ අනාගතය තීරණය කරන්නේ අත්දැකීම්. කුඩා අවදියේ පටන් ඔහුට ලැබුනු අත්දැකීම් බොහොමයක්ම ඔහුගේ නිර්මාණ වල සැබෑ තීරකයෙක් වුනා.
කොච්චර නෑ කිව්වත් සෑම නිර්මාණයක් පිටුපසම ගැබ් වෙලා තියෙන්නෙ, ප්රකාශනය වෙන්නේ කාගේ හරි අත්දැකීමක්. Spielbergගේ කතා ගත්තත් ඒක එහෙමම තමයි.
ආසාවන් ලුහුබැඳීම
අසාවන් කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ජීවිතය වෙනස් කරන්න ආසාවකට පුළුවන්. ඔහුගේ ජීවිතය අමුතුම ලොවකට ගෙනියන්න මේ ආසාවට පුළුවන් වුනා.
කරන වැඩේ මොක වුනත් ලැදියාවෙන් ආසාවෙන් කරනවනම්, එයින් හදවතට ආමන්ත්රණය කරන්න පුලුවන් නම් ඒක අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඒක තමයි Spielbergගේ විශිෂ්ටත්වයේ රහස
අද ඔහු හැමෝම දන්න අඳුනන වැදගත් පුද්ගලයෙකු වුනත් කුඩා කල නම් අනෙක් හැම විශිෂ්ටයෙකු වගේම සමාජයීය වශයෙන් ලැජ්ජාසුළු කුළෑටි, නමුත් නිර්මාණශීලි කොලුගැටයෙක්. මොකද්ද මේ වෙනසට හේතු වුනේ.
ඇත්ත දැන ගන්න නම් අනිවාර්යෙන්ම මේ link එක ක්ලික් කරන්න ඔබ කැමති වේවී.
1 අදහස්:
හොද පෝස්ට් එකක්...ස්තූතියි.
Post a Comment