Saturday, April 16, 2011

අපිටත් දැන් අවුරුද්දයි...

ඒ දවස් වල අපි මෙහෙමයි...

මේ අලුත් අවුරුද්දේ අපේ අඩවියට අවුරුද්දකුත් ලැබුවා. පසුගිය අප්‍රේල් 14 වෙනිදා, අපේ අඩවියේ ආරම්භයේ  සිටන්  මේතාක් අපිත් එක්ක එකතු වෙලා හිට්ය සියලුම ඩේව්වරුන්ට අපගේ ස්තූතිය මේ මොහොතේ පිරිනමනවා. ඒ වගේම අපිත් එක්ක අත්වැල් බැඳන් ඉන්න ඩේව්වරු 17 දෙනාටත් අපගේ ස්තූතිය හිමිවෙනවා. ඒක අපිට ලොකු හයියක්.



අවුරුද්දක් තිස්සේ මේ අඩවිය පවත්වාගෙන යන්න ඉවහල් වුනේ ඔබ ලබාදුන් ප්‍රතිචාරය. ඒ ලබාදුන් සහයෝගය මේ ලබන අවුරුද්දේත් එලෙසම ලැබෙයි කියල අපි උදක්ම බලාපොරොත්තු වෙනවා.
තමන් දන්න දේවල් පුළුපුළුවන් හැටියට බෙදාහදා ගන්න එක අපේ යුතුකම. නැද්ද??? ඉතින් ඒකම තමයි අපිත් කරන්නේ. අපේ අඩවියට පය ගහපු කිසිම කෙනෙක් හිස් අතින් ගිහිල්ල නැහැයි කියලයි අපි හිතන්නේ. මේ පළවුනු හැම ලිපියකින්ම අපිත් ඩේව්වරුන්ගේ ලෝකයේ සෑහෙන දේවල් දැන කියාගත්ත(head fake කියන්නේ අන්න ඒකට තමයි).

නිර්මාණයක් ඔන්න ඔහේ මාරෙට බලනවට වඩා එහි ඇතුල් ලෝකය  බලන්න කැමති අයට අපේ අඩවියේ සෑම වෙලාවකම දොර ඇරල තියෙන්නේ. ඔබට තියෙන්නේ බය නැතුව ඇතුල් වෙන්න පමණයි. එසේනම් ආයෙත් දවසක හමුවෙමු.
එතෙක් ඔබට ජයග්‍රාහි අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් !!!


1 අදහස්:

Dakshina said... Reply to comment

සුභ පැතුම් සහෝදරයා... නොදන්නා යමක් දන්නා භාෂාවෙන් ඉදිරියටත් අපි වෙනුවෙන් ගෙන එන්න...
චිරාත් කාලයක් මේ බ්ලොග් අඩවිය ලියන්නට හැකියාව, ධෛර්යය ලැබේවා...

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com