Friday, May 14, 2010

Post of the Month

අදට අපේ අඩවියට මාසයයි. ඉතින් මේ සුවිශේෂ දිනයේ මතක සටහනක් විදියට සැමරුම් post එකට මේ ලෑස්ති වෙන්නෙ....

මේක මේ දවස් වල කාගෙත් කතා බහට යොමු වෙච්ච මාතෘකාවක්. සොබාවික විපර්යාස, එහෙමත් නැතිනම් සොබාවික විපත්. ඩේව් වරුන් අතරිනුත් නිතරම කියවෙන පැත්තක්. මේ සම්බන්ධව නිතරම කතා කරපු director කෙනෙක් තමයි Roland Emmerich කියන්නෙ.(මගෙත්  ප්‍රියතම අධ්‍යක්ෂවරයා)




Roland Emmerich


ඔබ මේ නම අහල නැති වුනාට මේ films ටික නම් අනිවාර්යෙන්ම නරඹලා ඇති කියල මට විශ්වාසයි.


2012


Day After Tomorrow


Godzilla





2012 Day After Tomorrow සහ Godzilla කියන්නෙ ඔහුගෙ තුන් ඈදුතු disaster movies. මේවට කලින් කරපු Independence Day ෆිල්ම් එක මගෙ කල්පනාවෙ හැටියට එච්චර සාර්ථක නොවුනත් මේ 3 නිර්මාණය කරන්න ඒක හොඳ ආරම්භයක් වුනා.

කොහොමද මේ ව්‍යසන නිර්මාණය කරන්නෙ. මේ හැම එකකටම ඉතින් VFX වල පිහිට තමයි. නැත්තන් මේව ඇත්තට රූප ගත කරන්න කියල යෑ...

බොහෝ විට මේ සඳහා පාවිච්චි කරන්නෙ Digital Animation & Graphics. ඒ කියන්නෙ පරිගනකය ආශ්‍රයෙන් නිර්මාණය කරගත්තු දේවල්. ඒ වගේම අපි කලින් දවසක කත කරපු Digital/Miniature Sets Construction Technique එකත් භවිතා කරනවා.

මේවගේ disaster movies නිර්මාණය කරන ඩේව්ලට වලට වැදගත් වෙන ප්‍රධාන elements 5ක් තියනවා. ඒව තමයි "ආකාශය", "පෘථිවිය", "ජලය", "ගින්දර", "සුළඟ" කියන්නෙ. මේ ෆිල්ම් වල ඒ elements 5 කොච්චර අපූරුවට නිර්මාණය කරල තිබ්බද කියලා මතකයිද. අපි බලමු Day After Tomorrow චිත්‍රපටය අරගෙන කොහොමද මේ elements හැදුවෙ කියලා. ඔයලා අනික් links click කරල බැලුවොත් ඒව හදපු හැටිත් බලාගන්න පුලුවන් වේවි..


1 අදහස්:

Amila Chathuranga said... Reply to comment

දඩේ ආෆ්ටර් ටුමරෝ-අනිද්දාට වදින දඩය...ඒ කිව්වෙ අපි අද පරිසරයත් එක්ක කරන හුටපට නිසා හෙට අපිට කන්න වෙන දඩ ගැන විස්තර මෙම රූපරාමු අපිට පෙන්වනවා...

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com