Thursday, April 15, 2010

TOP VFX Techniques

Motion Capturing

ඊළඟට අපි කතා කරන්න යන්නෙ animatorsලට අදාල VFX 1ක්. මේක භවිත කරපු චිත්‍රපට නම් ඔයලා මදි නොකියන්න බලල ඇති.




කියන්නෙ උපරිමයෙන්ම මේ techinique 1 යොදගෙන ඒ සඳහාම ජනප්‍රිය වුනු
animated movies 2ක්.
The Polar Express(2004), A Christmas Carol(2009)








King Kong"Gollum"(lord of the rings)"Na'vi"(Avatar)
වගේ චරිත වලට පණ දීල තියෙන්නෙ මේ ශිල්ප ක්‍රමයෙන්.   
ඔයගොල්ලො නිකමට හරි හිතල බලුවද ඒ වගෙ සියුම් ඉරියව් ප්‍රකාශනයක් එ වගේම සංකීර්ණ අංග චලනයක් කොහොමද සජීවිකරණය කලේ කියල.. ඇත්තටම එයලා ඒව අතින් ඇඳ ඇඳ හිටියෙ නෑ. ඒවිදිහට මුහුනෙ ඉරියව් අතින් හදන්න ගියානම් ඒව බලන්න අපිට තව අවුරුදු 5ක් වත් බලා ඉන්න වෙනව.කොහොමද මෙ වැඩේ මෙච්චර ඉක්මන්ට කලේ. හරියට ඇත්තම කෙනෙක් වගෙ. අපි හොයල බලමු...
මේක අදාල වෙන්නෙ අනිමටොර්ස්ලට කිව්වට නලුවෙක් නැතුවාම නෙවේ. ඒ සජීවිකරණ චරිතයට පණ දෙන්න. ටිකක් වියදම් අධික වැඩක් තමයි. මොකද මේකට පොඩි sensor marker gadget කෑලි ටිකක් ඕන කරනව. Facial Motion Capture කරන්න නම් ටිකක් සියුම් Gadgets පාවිච්චි කරන්න වෙනවා.
මේ පුංචි sensors ඇඟේ, මුහුනෙ අවශ්‍ය ඉරියව් පළවන තැන් වල සවි කරලා මේ motion data අල්ලගන්නවා. LED ආලෝකයෙන්,චුම්බකත්වයෙන්, UR කිරණ වගෙ විවිධ ආකාරයෙ ක්‍රම පවිච්චි කරවා මේකට.ඒ ක්‍රම කොහොමද පාවිච්චි කරන්නෙ කියලා හොයලා බලන 1 ඔබට භාර කරන්නම්. මොකද දියුණු වන තාක්ෂණයත් එක්ක මේ ක්‍රම සීඝ්‍රයෙන් වෙනස් වෙන සුළුයි. මොන ක්‍රමයකින් හරි ලබාගත්තු මේ චාලක දත්ත software 1ක් ආධාරයෙන් පරිගනක ගත කරනවා.මෙහෙම ගත්තු motion data අපෙ character 1ට කැව්වම ඒ චලන දත්තයන්ට අනුකූලව අපේ චරිතයත් චලනයන් දක්වනවා.


මේ වීඩියො 1 බලුවොත් ඔයලට හොඳ අදහසක් ගන්න පුලුවන් වෙයි කොහොමද මේ techinique 1 පාවිච්චි කරන්නෙ කියල. Polar Express වලට Motion Capture කොහොමද භවිතා කලේ කියල මේකෙන් පෙන්වනවා.බැලුවට පාඩු නෑ.... 



 

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com