Showing posts with label Movies. Show all posts
Showing posts with label Movies. Show all posts

Saturday, April 16, 2011

එයාලටත් පණහයිලු!!!


                         අපටත් අවුරුද්දක් පිරෙන මේ කාලෙ අද කතා කරන්න හිතුවේ 50 වෙනි සංවත්සරය සමරන කට්ටියක් ගැන කියන්න. ඒ කවුරුවත් නෙවෙයි අපි හැමෝම දන්න හඳුනන Disney සමාගම. ඒගොල්ල 50ස් වෙනි සංවත්සරය සැමරුවෙ අවුරුදු වලින් නම් නෙවෙයි, එයාලගෙ 50ස් වෙනි සජීවිකරණ සැකිලි රූ චිත්‍රපටය නිර්මාණය කරලා. මේ වෙනකොට එයාලා ඉතාමත් අනර්ඝ සජීවිකරණ නිර්මාණ 50ක් මේ ලෝකෙට දායාද කරල දීල තියනවා. Disney cartoon වල කියුම් කෙරුම් ගැන ඉතින් වැල්වටාරම් කියන්න උවමනා නෑනේ. පොඩි කාලෙ ඉඳන්ම අපිත් හොඳට දන්න දෙයක්නෙ ඒක.




මේ තමයි නියම වැඩකාරයො


                                       මේ 50ස් වෙනි නිර්මාණය ගැන කියනවනම්.... ඇත්තටම කියන්න වචන නෑ. ඒ තරමටම ආකර්ෂණීයයි. ප්‍රේමය, ත්‍රාසය, කුතුහලය, කොමඩි මේ හැම දෙයකින්ම මේක අංග සම්පූර්ණ කතාවක්. සුරංගනා කතාවක්. අහ්!!! ගීත.... ඒ ගැන නොකියා කොහොමද.. මේතාක් නිකුත් වෙච්ච සෑම Disney නිර්මාණයකම සුවිශේෂ දෙයක් වුනේ ගීත.. මේ කතාවටත් ඒක එහෙමමයි. දැන් ඉතින් කාට කාටත් තෙරෙනවනෙ මොකක් ගැනද මේ කියාගෙන එන්නෙ කියලා. ඔව්! ඔව්! ඒ ගැන තමයි. අර දිග...ම් දිග කොණ්ඩයක් තියන කතාව. නමින්ම කිව්වොත් Rapunzel. අහ්! වැරදුනා. මුලදි මේ නම කිව්වත් පස්සෙ ඒ නම වෙනස් වුනා Tangled විදිහට, release කරද්දි. මොකද කිව්වොත් Rapunzel කියල දැම්මොත් ඕකට වහ වටෙන්නෙ කෙලි පොඩිත්තියො ටික විතරයිනෙ. කොලු ගැටව් ටිකත් අල්ලගන්න ඕන හන්දා Rapunzel කියන කෙලි නම අයින් කරලා Tangled කියන දෙපැත්තටම කැපෙන නම යොදාගත්තා. කොහොමද marketing strategies???




                                 කතාව නම් දැනටමත් වගේ හැමෝම බලල ඇති. දැකලා නැතිනම් අදම ගිහිල්ල නැරඹිය යුතු කතාවක්. මොකද කතාව කියන්න නම් නෙවී දැන් මේ හදන්නේ. ඩේව්වරු විදිහට අපට වැදගත් වෙන්නෙ කතාව හදපු හැටි මිසක කතාවෙ වුනේ මොකද්ද කියන එක නෙවීනෙ. කතාව හැදුවෙ කොහොමද කියල අහනකොට හැමෝම ඇහුවෙ මේ වගේ දිග...ම දිග කොණ්ඩයක් ආම්බන් කලේ කොහොමද කියලා. ඇත්තටම මේ කණ්ඩායම මේ සඳහා හිසකෙස් පිළිබඳ විශේ‍ෂඥවරියක පවා ගෙන්වුවා. කොම්පියුටරයක් ඇතුලෙ කොණ්ඩයක් ආම්බන් කරන එක එච්චර ලේසි පහසු කාරණාවක් නම් නෙවෙයි. හිසකෙස් වල තියන රිද්මය සහ දීප්තිය ඒ ආකාරයටම අරගෙන තියන හැටි දැක්කා නේද.



                                  ඊළඟ කාරණාව තමයි emotions. මේ කතාව CGI වුනත් අනුරූ සකස් කරන්න අනුගමය කරලා තියෙන්නෙ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් වුණු තෙල් සායම් චිත්‍ර සහ පැන්සල් කටු සටහන්. ඒ හරහා තමයි මේතරම් සාර්ථක මුහුණු හැඟීම් ප්‍රකාශනයක් නිර්මාණය කරන්න පාදක වෙලා තියෙන්නෙ.




ඇත්තටම මේ සජීවිකරණ නිර්මාණය ආධුනික ඩේව්වරුන්ට නම් අධ්‍යාපනික තෝතැන්නක්. මොකද කියනවනම් 50ස් වෙනි නිර්මාණය කියන්නෙ එසේ මේසේ දෙයක් නෙවීනෙ. ඊට පෙර කරපු සෑම නිර්මාණයකින්ම හොඳ පළපුරුද්දක් ලබාගෙන ලස්සන වැඩක් කරල තියනවා කියලා කියන්න පුළුවන්. ඒ හන්දම තමයි මෙය නිර්මාණය කරපු ආකාරය පිළිබඳව, විශෙෂයෙන්ම චරිත පිළිබඳව පොතක් පවා මුද්‍රණය කරලා තියෙන්නෙ. කියෙව්වාට පාඩු නෑ. අපි ගිහින් එන්නම්....!!!

Art of Tangled [The Book]

Friday, October 29, 2010

ඩයිනෝ

ඩයිනසෝරයො ගැන කතා කරනකොට ඕනම සිනමා ලෝලියෙකුට මතක් වෙන්නේ Steven Spielbergගෙ Jurrasic Park. ඒකෙ ජනප්‍රියතාවය කොච්චර වුනාද කියනවානම් Jurrasic Park කතාංග තුනක් දක්වාම නිර්මාණය වුනා. 4 වෙනි කතාවත් ළඟ ළඟම එනවයි කියලා ආරංචියක් නම් තියනවා. මේ ජනප්‍රියතාවයට ප්‍රධාන හේතුවක් වුනේ මේකෙ මුල්ම චිත්‍රපටය CGI(computer-generated imagery) කලාවෙ හා දෘෂ්‍ය ප්‍රයෝග කලාවෙ ප්‍රධාන සන්ධිස්ථානයක් වීමයි.



අපි අද කතා කරන්න යන්නෙ Jurrasic Park වල ප්‍රධානම නළුවො වෙච්ච ඩයිනසෝරයො නිර්මාණය වුනු හැටි ගැන තමයි.

Animatronics. මේ ප්‍රයෝගය තමයි ප්‍රධාන වශයෙන් ඒ සඳහා භාවිතා කළේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික රූකඩ. එහෙමත් නැතිනම් කාර්මීකරණය කළ ජීවීන්. රොබෝල කිව්වත් වරදක් නෑ. පොත්ත ඇත්ත හමක් වගේ වුනාට මදේ යකඩ ගොඩක් විතරයි. මේවගේ නළු නිළි කැලක් නිර්මාණය කරන එක එච්චර ලේසි පහසු වැඩක් නෙවී. ඉංජිනේරු ශිල්පය, ඉලෙක්ට්‍රොනික ශිල්පය ගැන සෑහෙන දැනුමක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේවා ජීවමානව නිර්මාණය කරන එක තමයි ලොකුම දක්ෂකම. අනික් කාරණය කැමරාව ඉස්සරහ රංගනය කරන්න පුළුවන් තාලෙ වැඩකාරයෙක් වෙන්නත් ඕනා. රංගනය කිව්වෙ දුවන්න පනින්න එහෙම නෙවෙයි. ඔය පොඩ්ඩක් ඇඟ ඔලුව එහාට මෙහාට හරවන ඒවා, කට අරින එවා වගේ දේවල්.



Animatronics භාවිත කරමින් රූපගත් කළ දර්ශනයක්


Stop Motion සහ Go Motion. මේ තමයි භාවිත කරපු අනික් ප්‍රයෝග. මේවා පුංචි ඩයිනසෝර බෝනික්කො එක්ක කරන සෙල්ලම්. මේවට නම් ඉලෙක්ට්‍රොනික කෑලි නෑ. ඒත් නම්‍යශීලි වෙන අමුද්‍රව්‍ය වලින් තමයි මේ බෝනික්කො හදලා තියෙන්නෙ. කරන්න තියෙන්නෙ කැමරාව ඉස්සරහ මේ බොනික්කො රඟපාවන එක තමයි.

Go Motion රූපගත කිරීමක්

Jurrasic Park බලපු ගොඩ අය හිතන්නේ මේ ඩයිනසෝරයො ඔක්කොම මෘදුකාංග වලින් නිර්මාණය කරපු 3D models කියලා. නමුත් දැන් සමහරක් ඒවා එහෙම නෙවී කියල ඔයාලට තේරෙනවා ඇති. මෙතනින් බලා ගන්න පුළුවන් ඒ සමහරක් ඒවා මොනවද කියලා.




මේ චිත්‍රපටය ලෝක සිනමාවේ කොච්චර වැදගත් සලකුණක් වුනාද කියනවානම් ඒක හදපු හැටි ගැන වාර්තා වැඩසටහන් පවා නිර්මාණය වුනා. මෙහි ඉතුරු කොටස් ටිකත් බලන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වේවි.

Friday, October 22, 2010

Toy Story ඇතුල් කතාව

ලොකු කුඩා කවුරුත් ආසාවෙන් බලපු ලස්සන කාටූනයක්. ඒක කොච්චර ජනප්‍රිය උනාද කියනවනම් ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව කථාංග තුනක් දක්වාම නිර්මාණය වුනා. අපි හදන්නෙ මේ Toy Story කතාව දිග අරින්න නෙවී. ඒකෙ ඇතුල් කතාව කියන්න.

මොකද සජීවිකරණ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් තම්යි 1995 නොවැම්බර් 22, ඒ කියන්නෙ Toy Story මුලින්ම පිට වුනු දවස. ගොඩක් දෙනා Toy Story බලලා තිබ්බට මේ කතාවෙ විශේෂත්වය දන්නෙ නෑ. Toy Story කියන්නෙ මුළුමනින්ම CGI(Computer Generated Imaginary) තාක්ෂණය යොදාගෙන පරිගණක භාවිතයෙන් නිපදවපු ලෝකයේ පළමුවෙනි සජීවිකරණ චිත්‍රපටය.

Disney සමාගමත් එක්ක ඇතිකරගත්ත ගිවිසුමක් අනුව Pixar Animation Studios වලින් තමයි මේක හැදුවේ. මේකෙ අධ්‍යක්ෂක John Lasseter මීට කලින් හදල තිබ්බ Tin Toy කෙටි චිත්‍රපට දැකලා තමයි Disney සමාගමට මේ වැඩේට අත ගහන්න හිතුනේ. Tin Toy කියන්නේ Toy Story ආරෙටම යන සෙල්ලම් බඩු කතාවක්. ඇත්තටම Toy Story කියන්නේ අවුරුද්දෙන් දෙකෙන් කරපු නිර්මාණයක් නෙවී. අවුරුදු ගානක මහන්සියක ප්‍රතිඵලයක්. 1995 එළි දක්වන්න කලින් කරපු පර්යේෂනාත්මක දර්ශන අන්තර්ජාලයේ ඕන තරම් හොයාගන්න පුළුවන්.



1995 - Toy Story වල සාර්ථකත්වයෙන් පස්සෙ තමයි, දිගට හරහට සජීවිකරණ චිත්‍රපට බිහිවෙන්න පටන් ගත්තෙ.

Thursday, April 15, 2010

Vfx එහි අනන්තයටම ගෙනගිය 'Avatar'


2010 වසරේ Oscar සම්මාන උළලේ හොඳම කලා අධ්‍යක්ෂණය සහ හොදම Vfx චිත්‍රපට නිර්මාණය සඳහා සම්මාන හිමි කරගත් Avatar චිත්‍රපටය ගැනයි මේ කතාබහ...


මෙකට බහුලවම යොදගෙන තියෙන්නෙ කලින් uvjay කථාකරපු motion capture කියන තාක්ෂණය සහ Computer generated imagery (CGI) කියන තාක්ෂණය තමයි.

James Cameron
කියන අධ්‍යක්ෂකවරයගෙ හිතේ අවුරුදු ගානකට කලින් මැවුන හීනයක් තමයි මේ පැන්ඩෝරාවන්ගේ ලෝකය. තාක්ෂණය සුදුසු පරිදි පරිණාමනය වනතුරු තමයි ඔහු වසර ගනනාවක් බලා ඉඳල තියෙන්නෙ.එහෙම බලා ඉදිල්ලත් නරක නෑ කියල Avatar බලපු ඔයලට තේරෙන්නැති...





Avatar චිත්‍රපටියේ නිෂ්පාදන කටයුතු සඳහා ආයතන ගනනාවක්ම සහභාගි වෙලා තියෙනව.මේ තියෙන්නෙ එවගෙන් සමහරක්.
මෙවා අතරින් Weta Digital සහ Industrial Light and Magic(ILM) යන ආයතන මෙම ක්ෂෙත්‍රයේ ප්‍රමුඛ තැනක් ගන්නවා.

දන් අපි බලමු හදන්න පාවිච්චි කරපු මෘදුකංග මොනවද කියල.
  • Autodesk Maya
  • Pixar Renderman for Maya
  • Autodesk SoftImage XSI
  • Luxology Modo
  • Lightwave
  • Houdini
  • ZBrush
  • Auodesk 3ds max
  • Autodesk MotionBuilder
  • Eyeon Fusion
  • The Foundry Nuke Compositor
  • Autodesk Smoke
  • Autodesk Combustion
  • Massive
  • Mudbox
  • Avid
  • Adobe After Effects
  • PF Track
  • Adobe Illustrator
  • Adobe Photoshop
  • Adobe Premiere
මේවා අතර ඔයලට දැනටමත් හුරුපුරුදු මෘදුකංග කීපයක්ම තියෙන බව නම් මට විස්වාසයි.






ආයතන සහ මෘදුකාංග ගෙන විස්තර දැනගත්තෙ මෙතනින් තමයි

http://www.twin-pixels.com/software-used-making-of-avatar/

වැඩිදුර විස්තර සඳහා විඩ්යෝ ටිකත් නරඹ්ලා මේවටත් ගිහින් බලන්න

http://www.scienceprog.com/technologies-used-in-avatar-movie/

http://www.popularmechanics.com/technology/digital/visual-effects/4339455
Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com