Showing posts with label VFX Tech. Show all posts
Showing posts with label VFX Tech. Show all posts

Thursday, October 28, 2010

ඩිජිටල් matte painting

මේක මෙහෙම කිව්වට සිනමාවට අලුත් දෙයක් නෙවී. 1900 බර ගණන් ඉඳලම මේක පාවිච්චි උනා. හැබැයි 'ඩිජිටල්' කෑල්ල නැතුව.

සිනමාවේ Matte Painting නිර්මාණය කරන්න නමක් දිනාගත්තු ආයතනයක්
painting යන වචනයෙ කියවෙන විදිහටම මේකෙන් කරන්නෙ සිතුවම් කිරීමක් තමයි. හරියටම කියනවනම් පසුබිම් සිතුවම් කිරීමක්. ඕනම නිර්මාණයක සාර්ථකත්වයට, පසුතලය කියන්නෙ රංගනය වගේම මොහොම වැදගත් සාධකයක්. ඒකයි හැම සිනමා නිර්මාණයකම වගේ පසුතල වැඩ කටයුතු සඳහා වෙනම ඒකකයක් ඉන්නේ. අපිට හදාගන්න අමාරු, වියදම් වැඩි පසුබිම් පරිසරයක් මොකක් හරි තලයක සිතුවම් කරලා ඒක පසුබිමින් තියලා ජවනිකාව රූපගත කරන එක තමයි මේකෙන් කරන්නේ.

Photoshop Matte Painting

පරිගණක චිත්‍රණ කලාව ආවත් එක්කම වගේ ඒ කියන්නේ 80 දශකයේදි ඉඳන් වගේ මේ සිතුවම ඩිජිටල්කරණය වුනා. ඒ කියන්නෙ පසුබිම computer graphics(CG) මඟින් අඳින්න, composite කරන්න පටන් ගත්තා. එතකොට කරන්න තියෙන්නෙ අපි CG වලින් ඇඳ ගත්තු චිත්‍රය පසුබිමට ගලපලා අලෝලා හැඩ වැඩ කරන්න විතරයි.

Digital Matte Painting Artist

Matte painting කියන්නෙ වෙනම කලාවක්. මේ ශිල්පය ප්‍රගුණ කරලා වෘත්තීමය matte painter කෙනෙක් වෙන්නටත් පුළුවන්.අපි වර්ණහරණය කරලා, match moving කරලා, එළිය අඳුර ගලපලා පසුබිමක් දාන්න යනකොට මේ කලාව දැනගෙන තියන එක ගොඩක් ප්‍රයොජනවත් වෙනවා.

මෙතන්ට ගීයොත් බලාගන්න පුළුවන් ලොකයේ matte painting artistලගෙ නියම වැඩ කිඩ ටිකක්. එතන තියන Lord of the Rings චිත්‍රපටයෙ matte painting එක බලන්න අමතක කරන්න එපා.

VFX දහයයි !!!!!

ඔන්න අපි ජයග්‍රාහි VFX දස වෙනි කඩුල්ල පසු කරා. ඒ කියන්නෙ අපි දැනට ඩිජිටල් ඇස් බැන්ඳුම් ක්‍රම 10ක් ඔයගොල්ලන්න්ට අරගෙන ඇවිල්ල තියනවා. ඒ හැම එකක්ම දැනට VFX කර්මාන්තයේ නිතර භාවිතා වෙන සහ ජනප්‍රියම ඇස් බැන්ඳුම්.


vfx කලාකරුවන්ගේ (එකම)සමාජය


ඔයාලගෙ නිර්මාණයකට එහෙම VFX පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නවා නම් පූර්ව නිශ්පාදන අවස්ථාවෙ ඉඳලම හොඳ සැලසුමක් ඇතිව මේ කටයුත්ත කරන්න. ඒත් 80%කම වගේ වැඩ කරන්න තියෙන්නෙ පසු නිෂ්පාදන අවස්ථාවෙ.

VFX එහෙමත් නැතිනම් visual effects අද ඊයෙ ආපු දෙයක් නෙවී. 1900 බර ගණන් වල ඉඳලම ලෝක සිනමාවෙ පාවිච්චි වුනා විවිධ ක්‍රම වලින්. ඒක ඩිජිටල්කරණය වුනේ 80 දශකයේ පරිගණක චිත්‍රණ කලාව ප්‍රචලිත වුනායෙන් පස්සෙ කියන්න පුළුවන්.



සිය වසරක VFX සිනමාව

පුළුවන්ද අඳුන ගන්න මේකෙ අඩංගු වෙලා තියන සිනමා නිර්මාණ. පසු කාලිනව ආපු ගොඩක් දෙවල් නම් මෙතන නෑ. 80%ක්වත් අඳුනගන්න පුළුවන් නම් ඔබ සැබෑ හපනෙක්.

Thursday, October 21, 2010

Planar Tracking

Imagineer Systems

Video composting වලදි බහුලව භාවිතා වෙන VFX එකක්. නැති දේවල් ඇති දේවල් කරන්නත්, ඇති දේවල් නැති දේවල් කරන්නත් මේකට පුළුවන්. විශාල ගොඩනැගිලි වල රූපවාහිනි දර්ශන තිර එල්ලන්නෙත් දිලිසෙන මතුපිටකින් මූණ බලන්නෙත් මේ ක්‍රමයෙන්. අපි කලින් දවසක කතාකරපු match-moving ක්‍රමය මේකට ගොඩක් සමානයි. වෙනසකට තියෙන්නෙ වර්ණහරණ පසුබිමක් නැතුව දර්ශන තලයේම තියෙන සලකුණක් මඟින් මතුපිටක් track කිරීම සිදුකරන එකයි.

උදාහරණයක් විදිහට මෙහෙම සීන් එකක් හිතන්න. අනාගත ලොකේ ජනාකීර්ණ වීදියක පුළුල් රූපවාහිනි තිර සහිත ගොඩනැගිලි. කොහොමද මේවගේ තැනක ඇවිදින මිනිහෙක් රූපගත කරන්නෙ. කවදාකවත්ම මිලියන ගානක් වියදම් කරල ගොඩනැගිල්ලක රූපවාහිනි තිර එල්ලන්න හිතන්න එපා. vfx තියෙන්නෙ ඒකට තමයි. අපිට පුළුපුළුවන් විදිහට පහසු location එකක මේක රූපගත කරල අඩු වැඩිය පුරවන්න පරිගණකයට භාර දෙන එක තමයි හොඳම වැඩේ.

Mocha for Adobe After Effects

 මේකයි කරන්න තියෙන්නෙ. රූපගත කරපු දර්ශනය අපේ editing tool එකට ලබාදීල ගොඩනැගිල්ලෙ අදාල සෘජුකෝණස්‍රාකාර කොටස track කරන්න කියල මෘදුකාංගයට අඳුන්වල දෙනවා. ඊළඟට ඒ කොටසට අපි වෙනම අරගත්තු පුළුල් රූපවහිනි තිරයක් අලවන එකයි කරන්න තියෙන්නෙ. එතකොට කැමරාව කොච්චර චලනය වීගෙන ගියත් රූපවාහිණි තිරය තියෙන්නෙ ඒ ගොඩනැගිල්ලෙම තමයි. ඊට පස්සෙ ඉතින් මේකට අඩුම කුඩුම දාල පොඩ්ඩක් ලස්සන කරලා තාත්වික කරලා ගන්නයි තියෙන්නෙ.

රෙදි මතුපිටක් උනත් track කරන්න පුළුවන්
මේ වෙනකොට අපි tracking ජාති තුනක් ගැන කතා කරලා තියනවා.

Wednesday, October 20, 2010

වෙස් මාරුව


Bachna Ae Haseeno - Title song
මතකද ඒ රූප පෙළ ???

ඒ වගේ රූප රාමු පෙළක් සුමටව ගලපගත්තෙ කොහොමද? මෙහෙම කරනවට තමයි කියන්නෙ Morphing කියලා. මේක රූපගත කරන එක නම් ටිකක් විතර අමාරු වැඩක්. ඒකට මිනින්දෝරු ශිල්පය ටිකක් විතර ඕන කරනවා.

මේක කරන්නෙ බොහෝවිට වර්ණහරණ සංකල්පය යොදාගෙන. නැතිනම් එකම පසුතලය අරගෙන වැඩේ කරන්නත් පුළුවන්. අපි එක් පුද්ගලයෙක් අරගෙන අපේ පසුතලයේ තියලා අදාළ ජවනිකාව රූපගත කරනවා. මේ වෙලාවෙ එයාගෙ හැම පිහිටුමක් ගැනම ආධාරක  වල උපකාරයෙන්  සෑහෙන අවධානයෙන් තමයි ඉන්නෙ. ඊළඟට කලින් දර්ශනය අවසන් කරපු පිහිටුමෙන්  ආරම්භ වෙන විදිහට වෙස් මාරුවක් දාලා  ඊලඟ දර්ශනය රූපගත කරනවා. මේ විදිහට දර්ශන වාර කිහිපයක් අරගෙන අපේ Morphing tool එකට ලබා දෙන්නයි තියෙන්නෙ.

මේ ඇස්බැන්ඳුමට නම් ගණං මිනුම් ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා. දර්ශන පෙළ සුමටව ගලාගෙන යන්න පිහිටුම් ගැන සෑහෙන අවබෝධයක් තියෙන්න ඕනා. නැත්තන් ඉතින් ගැස්සිලි පද්දිලි ඇතිවෙන්න පුළුවන්. පිහිටුම, ස්ථානගත වීම ආදි මේ හැම දෙයක්ම සටහන් කරගෙන තියාගන්න වෙනවා. ඒකයි ගොඩක් වෙලාවට ආධාරක වල පිහිට පතන්නෙ.



ටූල් එකේදි කරන්න තියෙන්නෙ morphing points සලකුණු කරල ලින්ක් කරන එකයි. ඒකියන්නෙ පළමු දර්ශනයෙ අවසාන පිහිටුමෙයි, ඊලඟ දර්ශනයෙ පළමු පිහිටුමෙයි morph කළයුතු ස්ථාන මොනාද කියල අඳුන්වල දෙන එක. හරියටම කියනවනම් පළමු දර්ශනයේ කට තියෙන තැන දෙවන දර්ශනයේ කට තියන තැන එක්ක වගේ. එතකොට මෘදුකාංගයට පුළුවන් පළමු දර්ශනයෙ අවසාන රූප රාමුවයි,  ඊලඟ දර්ශනයෙ පළමු රූප රාමුවයි අතර තව රූප රාමු ටිකක් උත්පාදනය කරලා ඒ දෙක අතර වෙනස සුමට කරන්න. මේ linking points වැඩි වෙන්න වැඩි වෙන්න සුමට බවත් වැඩි වෙනවා. 

Morphing points
Flash වගේ 2D Animation Tools එක්ක වැඩ කරල තියනවනම් shape tweening කියන දේ හොඳට පුරුදු ඇතිනෙ.  අන්න ඒවගේ දෙයක් තමයි මෙතනත් සිද්ද වෙන්නේ. Flash වගේම 3D Max වගේ 3D modeling Tools වලිනුත් මේ වැඩේ කරන්න පුළුවන්. එවගේම video/photo editing tool වලින් නිශ්චල ඡායා රූප අතරත්, වීඩියෝ අතරත් මේ වෙස් මාරුව කරන්න පුළුවන්. නිශ්චල ඡායාරූප සඳහා නම් මේක එච්චර අමාරු නැ. උත්සහ කරලා බලන්න.

නිශ්චල ඡායාරූප සඳහා

Sunday, October 17, 2010

පිරිස් පිටපත්



ඔබ හිතන්නෙ කොහොමද මේක රූපගත කරන්න කොච්චර විතර නළු නිලියන් පිරිසක් යොදාගන්න ඇද්ද? 1,000ක් ! 10,000ක්. මෙච්චර ගානකට කන්න බොන්න දෙන්න! සල්ලි ගෙවන්න! ඇඳුම් පැළඳුම් මස්සන්න!! කට්ටියවම පාලනය කරන්න. පිස්සූ හැදෙයි!!!!

ඔබ මෙහෙම හිතුවනම් ඔබට වැරදිලා. මේ වැඩේට ඔච්චර කට්ටියක් ඕන කරන්නෙ නෑ. 50කින් 20කින් විතර වැඩේ shape කරගත හැකි. කොහොමද කරන්නෙ කියල කිව්වොත් ඉතින් පරිගණකයෙ පිහිට තමයි.

මේන්න ඉන්න ඇත්තම කට්ටිය
Crowd Duplication. මෙහෙමයි මේ වැඩේ කරන්නෙ. ඉස්සල්ලාම අපේ පිරිස යොදාගෙන අදාල ජවනිකාවේ කොටස් කිහිපයක් විවිධ ඉරියව් වලින් රූපගත කරනවා . සමහර වෙලාවට මේ වෙලාවෙදි අපි කලින් දවසක කතාකරපු chroma key effect එකත් භාවිතා වෙනවා. ඊලඟට මේ කොටස් අපෙ editing tool එකට ඇතුල් කරලා ඒකෙ කියන විදිහට කපල කොටල වැඩේ කරන්න තියෙන්නෙ.
 

වර්ණහරණය සහිත
 ගොඩක් මෘදුකාංග වල තියන පොදු පියවරයන් විදිහට කිව්වොත් මෙහෙමයි මේක සිද්දවෙන්නෙ. ඉස්සල්ලාම වීඩියො දර්ශන කොටස් ඇතුළු කරාම අපේ පිරිස ඉතුරු වෙන විදිහට පසුබිම වර්ණහරණය කරනවා.




වර්ණහරණය රහිත

පසුබිම එච්චරම වැදගත් නෙවී නම් වර්ණහරණය භාවිතා නොකර මේක කරන්නත් පුළුවන්.

ඊලඟට මේ පිරිස් කොටස් සියල්ලම දාර වලින් select කරගෙන එකම රූප රාමුවක් යටතට ලස්සනට ගලපනවා හරියට එතන 5,000ක් 10,000ක් ඉන්නවා වගේ..

වම දකුණ මාරු කරවලා, පාට වෙනස් කරවලා, පොඩ්ඩක් එහාට මෙහාට කරකවලා, ලොකු කරෝලා, පොඩි කරෝලා, මේ ඉන්නෙ එකම කට්ටියක් නෙවී කියල බලන කෙනෙක්ව අන්දන්න ඒ කට්ට්යවම copy & paste කර කර එයාලට එක එක වැඩ කැලි දාන්න පුළුවන්. 

ඊළඟට මේකට අපේම කියපු පසුබිමක් එකතු කරාම ඕන ඔට්ටුවක් ආයෙ ඉතින් කාටවත් කියන්න බෑ මෙතන ඉන්නෙ එකම කට්ට්යක් කියලා.



ලංකාවෙත් මේ වැඩේ කරපු වෙළඳ දැන්වීම් නම් ඕන තරම් තියනවා. මිනිස්සුන්ගෙන් ලංකාවක් හදද්දි , සෙනග පිරිච්ච වේදිකා හදද්දි, ක්‍රීඩාගාර හදද්දී පොඩ්ඩක් බලන්න මේ VFX එකත් ප්‍රොයෝජනයට අරගෙනද නැත්තම් ලොකු කට්ටක් කාගෙන ලොකු සෙනගක් එකතු කරගෙනද ඒව හදල තියෙන්නෙ කියලා.
3D crowd සඳහා
කැමරාකරණය වියදම් අධික වැඩක් උනාම crowd duplicating වැඩේ 3D modeling වලින් කරන්න වෙනවා. මිලියන ගානක සෙනගක් එකතු කරගන්න උවමනා උනාම මේක තමයි හොඳම විසඳුම වෙන්නෙ. Lord of the rings වගේ කතන්දර වල කරල තියෙන්නෙ ඒ වගේ දෙයක්.

Saturday, October 16, 2010

Match moving


වර්ණහරණයත් එක්ක බැඳුනු අනිත් VFX එක. අපි දිග කතාවක් කියල එදා මගදි නැවත්තුවෙ. ඒ පොස්ට් එකට හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා ඔන්න ඉක්මන්ටම මේ කතාවත් පළ කරන්න හිතුවා. මේක 2D හා 3D අංශ දෙකෙන්ම කරන්න පුළුවන්. කැමරා චලනයක් තියන chroma key වීඩියෝ එකක් තාත්විකව නිර්මාණය කරන්න නම් අනිවාර්යයෙන්ම මේ දේ උවමනා වෙනවා. මේක උදාහරණයකින්ම කියන්නම්කො.

හිතන්න අපිට ඕන කරනවා මැජික්ලන්තයක පාරක ඇවිදින පුද්ගලයෙක්ගෙ දර්ශනයක්. මේකට green screen කරපු පසු බිමක් අපිට තියනවා. අපිට උවමනායි මේ පසුබිමේ එහා කොනේ ඉඳන් මෙහා කොනට ඇවිදින පුද්ගලයෙක් රූපගත කරන්න ඒ දර්ශනයට. කැමරාවෙන් කැමරා කරන්න පුළුවන් සීමිත කොටසක් විතරයිනේ. ඒක හන්දා කැමරා චලනයක් කරන්න වෙනවා පුද්ගලයා  focus කරගෙන එහා කොනේ ඉඳන් මෙහා කොනට . ඊලඟට chroma key කරල අපේ මැජික්ලන්ත පසුබිම එකතු කරනවා. ඔන්න ඔතනදි තමයි මේ වැඩේ වෙන්නෙ.


අපි මෙතනදි මැජික්ලන්ත පසුබිම විදිහට යොදාගන්නෙ නිශ්චල ඡායාරූපයක්, වීඩියෝ පටයක් නැත්තන් ත්‍රිමාණ පසුතලයක්. මිනිහ චලනය කරපු කැමරාවකින් රූපගත කරපු දර්ශනයක් නිසා අනිවාර්යයෙන්ම ඒකට ගැලපෙන විදිහට පසුතලය ගලපන්න ඕනා. මිනිහ කොච්චර ඇවිද්දත් පසුබිම ඒකමනම්, මිනිහ පොළවට උඩින් අඩි තියනවනම් 'චා'නෙ නේද.

අන්න ඒ ගැලපීමට තමයි Match moving භාවිතා කරන්නෙ. ඒකෙන් පුළුවන් කැමරාවෙ චලනයන් අල්ලගන්න. මේ වැඩේ manually කරන්නත් පුළුවන්. ඒත් කැමරාවෙ චලන වේගය, කෝණය වගේ දේවල් නිකන් බලලා කියන්න අමාරුයි නෙ. ඒක හන්දා ඒ වැඩේ පරිගණකයටම භාර දෙනවා. අපිට කරන්න තියෙන්නෙ green screen පසුබිමේ සලකුණු දාලා පරිගණකයට ඒ වැඩෙ කරන්න උදව් වෙන එක විතරයි. මේ සලකුණු වලට තමයි කියන්නෙ tracking markers කියලා.

නිල්පාට පසුබිමේ තිත් තිත් පේනවද
මේ සලකුණු වල වර්ණය, හැඩය, පිහිටුම ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනා. වර්ණය ගැන කිව්වොත් මතකනෙ, අපිට chroma key වල ප්‍රධාන වර්ණ දෙකක් තිබ්බ කියලා.ඉතින් අපි පසු තලයට නිල් ගත්තොත් සලකුණු ටික කොළ පාටින් ගහන්න පුළුවන්.නැත්තන් ඒකෙ අනික් පැත්ත කරන්නත් පුළුවන්. හැබැයි මේ වැඩේ පොඩි කොස්සක් තියනවා. focus එක out උනාම කැමරා වල වර්ණ අවුල් තිබ්බොත් සලකුණු වල දාර වල වර්ණය එහෙම වෙනස් වෙන්න පුළුවන් . එතකොට chroma key කරනකොට ටිකක් විතර කරදර වෙන්න වෙනවා. ඒක හන්දා ගොඩක් අය කරන්නෙ screen එකෙ වර්ණයෙන් brightness එක වෙනස් සලකුණු ගහන එකයි. ඊළඟට හැඩය ගත්තොත් ඒකත් වැදගත් කාරණයක්. මේකට ගොඩක් වෙලාවට යොදා ගන්නෙ මුළු ඇති හැඩයක්. (ඒ කියන්නෙ කතිරයක් හරි කොටුවක් හරි ත්‍රිකෝණයක් හරි වගේ දෙයක්). එතකොට ඒකෙන් පරිගණකයට පුළුවන් කැමරා කෝණය එහෙම අඳුනගන්න. ඊලඟට මේ සලකුණු පිහිටුම් කරන ආකාරය ගැන කිව්වොත් ගොඩක් වෙලාවට ප්‍රධාන සලකුණු පිහිටුම් කරන්නෙ grid එකක් විදිහට. කුඩා සලකුණු අහඹු විදිහට පිහිටුම් කරනව close up දර්ශන වලට අවශ්‍ය වෙන හන්දා.

Green screen with tracking markers
ඉතින් මේ වීඩියෝ එක අපේ chroma key editing tool එකට ලබා දුන්නම එයාල අපි ලකුණු කරපු තැන් අඳුන ගෙන(නැත්තම් අපි අඳුන්නලා දීලා) අපේ පසුබිමේ ඊට අදාල තැන link කරගන්නවා (නැත්තම් අපි  link කරල දෙනවා) . දැන් ඉතින් කැමරාව කොච්චර චලනය උනත් එතන්ට අදාළ පසුබිම තමයි පේන්න තියෙන්නෙ.  අපි මේ කිව්වෙ අපි දන්න basicම basic ටික විතරයි පුංචි නිර්මාණයක් කරන්න. මීට අමතරව තව තව දේවලුත් සලකලා බලන්න තියනවා මහා ප‍රිමාණයෙන් කරනවනම්.

tracking සහිත දර්ශන තලය

වර්ණ හරණය වගේම camera tracking කියන දේත් දැන් කාලෙ ගොඩක් video editing tools වලින් කරගන්න පුළුවන්. Shake, Adobe After Effects, Discreet Combustion වගේ මෘදුකාංග වලින් 2D tracking කරන්න පුළුවන්. 2D වගේම 3D tracking වලටත් මෘදුකාංග තියනවා. 3D පසු තලයක් එක්ක ගණුදෙනු කරන්න 3D Max, Maya, Blender, Light wave වගේ මෘදුකාංග වලත් මේ පහසුකම ලබා දීලා තියනවා.

tracking කියන දේ green screen නැතුව කරන්නත් පුළුවන්. ඒ අපේ දර්ශනයෙ තියන object එකක් අල්ලගෙන. ඒත් ඒක තව VFX එකක්. පස්සෙ කියන්නම්

Monday, October 11, 2010

වර්ණ හරණම්! පසුතල සරණම්!



වර්ණ හරණය එහෙමත් නැතිනම් Chroma Key. මේක නම් කොයි කවුරුත් දන්න VFX එකක්. මොකද මේ ක්‍රමය දැන් ලංකාවෙත් වෙළඳ දැන්වීම් හදන්නයි, කාලගුණ වාර්තා ඉදිරිපත් කරන්නයි, ඡායාරූපකරණයෙයි, රූපවාහිණී වැඩසටහන් වලයි පාවිච්චි කරනවා. වචනෙ ටිකක් නුපුරුදු නම් Green Screen Effect හරි Blue Screen Effect හරි කිව්වොත් මතක් වේවි මොනා ගැනද මේකියන්නෙ කියලා. නැත්තම් පහළ රූපටික බලන්නකො, එතකොට ටක්කෙටම මතක් වේවි.



රූපවාහිණී වැඩසටහන් වලදි

ඡායාරූපකරණයේදි

සිනමාවේදි

කාලගුණවාර්තා ඉදිරිපත්කිරීමේදි

මේ වැඩේදි කරන්නෙ වර්ණයක පසුබිමික් තියල shoot කරපු ඡායාරූපයක හරි වීඩියෝ එකක හරි ඒ වර්ණය ගලෝලා එතනට අපේම කියපු පසුතලයක් මූට්ටු කරන එකයි. මේ වැඩෙන් location service වලට පොඩ්ඩ්ක් තට්ටු වෙනවා තමයි. එ වුනාට ලෝකෙ කොහේවත් හොයාගන්න නැති location එකක් තමන්ගෙ ජවනිකා වල පසුබිමට යොදාගන්න අවස්ථාව මේකෙන් ලැබෙනවා. ඒවගේම movie sets/props/stages හදන්න යන වියදම අඩු කරගන්නත් පුළුවන්. කරන්න බැරි දේවල් කරවලා පෙන්නන්නත් පාවිච්චි කරන්න පුළුවන්. හරියට පියාඹනවා වගේ!

මේකෙදි වර්ණය ගලවනවයි කියන්නෙ පරිගණකයක්ට භාර දෙන රාජකාරියක්. ගොඩක් video editing, photo editing මෘදුකාංගවල මේක කරන්න පුළුවන්. කරන්න තියෙන්නෙ අපි යොදාගත්ත පසුබිම් වර්ණය තෝරලා ඒක ඉවත් කරන්න දෙන option එක ලබාදීම පමණයි.



ඇයි මේ වැඩේට කොළ පාටම නිල් පාටම ගන්නෙ?? මේ වර්ණ දෙක තමයි අපේ skin tone එකට ගොඩක්ම ඈතින් තියෙන්නෙ. ඒ හන්දා මේ වර්ණය ඉවත් කරල එතන්ට පසුතලයක් යොදනකොට ඒකෙ ඉන්න මිනිස්සුන්ගෙන්  අත පය එහෙම ගැලවිල යන්නෙ නෑ. මේ අතරින් කොළ පාටට වැඩි තැනක් දෙන්නෙ ඩිජිටල් කැමරා වල තියෙන සංවේදක ගොඩක්ම සංවේදි වෙන්නෙ කොළ පාටට හන්දා. එහෙම වෙන්නෙ එවායෙ භාවිත වෙන Bayer ආකෘතියෙන් pixel  විශාල ප්‍රමාණයක් green channel එකට අරගන්න හන්දා. එතකොට  කොළ පාට තීව්‍ර ගන්වන්න ඕන වෙන්නෙ අඩු ආලෝකයක්. මේ කරුණු හන්දා කොළ පාටින් අඩුම 'noise' එකක් ඇතිව පිරිසිදු තත්වයෙ key/matte/mask එකක් හදා ගන්න පුළුවන්. ඒවගේම ගොඩක් දෙනා අඳින කලිසම් නිල් පාට හන්දාත් කොළ පාටට වැඩි තැනක් ලැබෙනවා.

Bayer Pattern : බලන්න වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ කොළ පාට නේද?

මේ VFX එක පාවිච්චි කරද්දි ඉතාම වැදගත් කාරණාව තමයි අඳින ඇදුම. කොයිම වෙලාවකවත් අඳින ඈඳුමට key එක විදිහට පාවිචි කරන වර්ණය ආසන්නයේ තියන වර්ණයක් යොදාගන්න එපා. අදෘශ්‍යමාණ ඡායාවක් නිර්මාණය කරන්න උව්මනා නම් එහෙම කලාට අවුලක් නෑ. හරියට Harry Potter එකේ invisible cloak එක වගේ. ඇඳුම කියන එක ගොඩක් ප්‍රශ්නයක් වෙච්ච ෆිල්ම් එකක් තමයි 2002 Spider Man. එතනදි කොළ පාට Green Goblin එක්ක නිල්  පාට Spider Man කරපු අවකාශ සටන් ජවනිකා මතක ඇතිනෙ. ඒ හන්ද chroma key පාවිච්චි කරපු වෙලාවල් වලදි දෙන්නව වෙන වෙන screen වල තමයි කැමරා කරන්න සිද්ද වුනේ.

ඊලඟට වැදගත් වෙන කාරණාව වෙන්නෙ ආලෝකකරණය. අපි වර්ණහරණයෙන් ලබාදෙන පසුතලයත් එක්ක අපේ පෙරතලයේ ආලෝකය ගැලපෙන්න ඕනා. අඳුර එළිය සෙවණලි ගැන මේ වෙලාවෙ සැහෙන්න සැලකිලිමත් වෙන්න ඔනා. ඒ හන්දා මේවට සම්මත වෙච්ච එක එක ආලෝකකරණ ක්‍රම වගේම green screen backdrops තියනවා.



අපි වර්ණ හරණය කරන්නෙ වීඩියෝ එකක් නම් තවත් වැදගත් වෙන කාරණයක් තියනවා. ඒක තමයි කැමරාවෙ චලනයන්ට අනුව පසුබිමත් පිහිටුම්  කරන එක. ඒකත් දිග කතාවක්. ඒක හන්දා ඒක තවත් VFX tech එකක් යටතේ කියන්නම්.

Saturday, October 9, 2010

සත්තු එක්ක කතා කරන රහස අහමු



මේකට දොස්තර හොඳහිත වෙන්න නම් පෙරුම් පුරන්න ඕන වෙන්නෙ නෑ. මේ වැඩේට පොඩි software එකක පිහිට පතන එක විතරයි කරන්න ඕනා. කාලෙකින් VFX techniques ගැන නොකියපු හන්ද අද ඒගැන කතා කරන්න හිතුවා.





මේ රහසට කියන්නෙ Lip Sync කියලා. ඒකට ඕනා කරන්නෙ අදාල කට හඬ පටියයි රූප රාමුවයි විතරයි. නිශ්චල ඡයාරූපයකට නම් මේ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් . Try එකක් දීල බලන්න ගෙදර ඉන්න සුරතලාවත් කතා කරවන්න පුළුවන්ද කියලා. ඒත් කාටවත් මඩක් ගහන්න නම් එපා හරිද!!!. වීඩියෝ පටියකට කරනවනම් මේ වැඩෙ කරන්න ටිකක් අමාරු වෙයි. ඒත් බැරි වෙන එකක් නැ.


මේ වැඩේදි ගොඩක් වෙලාවට හැම software එකකින්ම වගේ කට හඬයි, රූපයයි ඇතුළු කරන්න කියනවා. එයාලට පුළුවන් නම් අපි ඇතුල් කරපු රූපයෙ කට තියන තැන අඳුන ගන්නවා, එහෙම බැරි නම් අපිටම අඳුන්නල දෙන්න කියනවා. ඊලඟට එයලගෙ ක්‍රියාවලියකට අනුව ශබ්දයට අනුකූල මුව චලනයක් ලබා දෙනවා. ඕනම මිනිස් උච්චාරණයකට අයත් කටෙහි තොලෙහි පිහිටීමක් තියනවා. ඔයාල පොඩ්ඩක් කෑ කෝ ගහල බලන්න ඔයාලගෙ කට පිහිටන්නෙ කොහොමද කියලා. මේ හැම පිහිටීමක්ම software එකට කවලයි තියෙන්නෙ. software එක කරන්නෙ ශබ්දය අඳුන ගන්න එක විතරයි.



ඉතින් ඔන්න ඔහොම තමයි සත්තු එක්ක කතා කරන්නෙ, සත්තු ලව්ව කතා කරවන්නෙ, සත්තුන්ගෙ කතා අහගෙන ඉන්නෙ. ඊලඟ පාර Cats and Dogs බලනකොට අපේ මේ ලිපියත් මතක් වේවි.




ඇත්තෙන්ම මේකෙන් සත්තුන්ට කතා කරවන්න විතරක් නෙවී, game development වලටත් යොදා ගන්න පුළුවන්.
ඒකට ඔයාලා 3D චරිත නිර්මාණය කරන්නෙ POSER වගේ මෘදුකාංගයකින් නම්, මේ Lip Sync feature එක ඒකෙ අන්තර්ගත කරගන්න පුළුවන්.
ඒ වගේම ඔබ 3D චරිත නිර්මාණය කරන්නෙ 3D Max හා Maya මෘදුකාංග වලින් නම් ඒ සඳහා plugin ලබා ගන්නත් පුළුවන්



Tuesday, May 4, 2010

TOP VFX Techniques

Digital/Miniature Sets Construction

A.I

ඔබ සිතන්නෙ කොහොමද? මේක ඇත්තම ගොඩනැගිල්ලක්ද?
හ්ම්ම්....... එහෙම හිතුවනම් ඔබ ඩේව් වරයෙකු වීමට කොහෙත්ම සුදුසු නෑ. මොකද ඩේව්වරු කවරදාකවත් තමන්ගෙ නිර්මාණයට මෙවැනි ගොඩනැගිල්ලක් අරගන්න වියදමක් දරන්නෙ නැ. ඉස්සර කාලෙ නම් ඒවගෙ වැඩ කලා. ඒත් දැන් අපි දියුණුයි. VFX තියෙන්නෙ ඒවට පිහිට වෙන්න. වියදම් අඩු කරගන්න.දැන් අපි බලමු මේ වගෙ වැඩ කෑලි කොහොමද දාන්නෙ කියලා.


 මේ තියෙන්නෙ ඒක නිර්මාණ කරල තියන විදිහ. බලන්න අච්චර විශාලවට පෙනුනු ඒ ගොඩනගිල්ල කොච්චර කුඩාද කියලා. Cameraman ගෙ දක්ෂතවයත්, Editor ගෙ පරිමාණ ගැලපීමත් මත තමයි මෙවගේ රූප රාමුවක තාත්වික බව තීරණය වෙන්නෙ.

Aviator  කියන්නෙ මේ VFX එක උපරිමයෙන්ම යොදා ගත්තු movie එකක්.
ඒ සඳහාම වෙන්වුනු මේ වෙබ් අඩවියත් බලන්න

මේ විදිහට කුඩාවට නිර්මාණය වුනු මොඩෙල් එකත් එක්ක සජීවි පුද්ගලයන් එකතු කරන එක තමයි ඊලඟ වැඩේ. මේ clip ටික බලුවම ඔයලට තේරේවි ඒක කොහොමද කරන්නෙ කියලා.මේ ඔක්කොම අරගත්තෙ Shutter Island කියන Film එකෙන්.






මේ ලින්ක් එක බැලුවටත් පාඩුවක් වෙන්නෙ නෑ.

Sunday, May 2, 2010

TOP VFX Techniques


  

Cable/Wire/Rig Removing

Crouching Tiger Hidden Dragon

මේක බැලුවම ඔයාලට පුදුම ඇති කොහොමද මෙහෙම පියාඹන්නෙ කියලා. මේක හරිම simple වැඩක්. එයාලා ලොක්කො වගේ අහසෙ කරනම් ගැහුවට මේ වැඩ කැලි ඔක්කොම දාන්නෙ cable එකක එල්ලිලා. cable එක අපිට නොපෙනෙන්න හංගලා cable එකට වැහිච්ච පරිසරය සකස් කරන එක තමයි cable/wire/rig removing කියල කියන්නෙ. මේකට Wire fu කියලත් කියනවා. ඒ කියන්නෙ (wire + Kung fu) හන්දා.මොකද මේ VFXගොඩක්ම යොදා ගන්නෙ Martial Arts වගේ සටන් ජවනිකා වලට. ඒ වගේම Super Man, Spider Man වගෙ වීරයො හදන්නත් මේක පවිච්චි කරනවා.ඉහළ තියන Crouching Tiger Hidden Dragon තමයි මේ VFX 1 ගොඩක්ම තාත්විකව, උපරිමයෙන්ම පාවිච්චි කරපු ප්‍රසිද්ධම ෆිල්ම් ඒක වුනේ.




Super Man

ඒත් cable system ඒක හදගන්න එක තමයි ටිකක් බරපතල වැඩේ.ඒකට නම් ඉංජිනේරු ශිල්පය ටිකක් ඕනා කරනවා.මොකද smooth විදිහට මේ cables ඉහළ පහළ ගමන් කරවන්න ඕනනෙ අපේ දඟලන වීරයත් එක්ක.

පහළ තියෙන්නෙ Matrix සඳහා මේ VFX ඒක යොදා ගත්තෙ කොහොමද කියලා පෙන්වන වීඩියො 2ක්. මුල් clip1න් Cable System ඒක හදන හැටිත්, දෙවන එකින් ඒක යොදගත්තු හැටිත් බලන්න පුළුවන්. ඔබට හිතා ගන්න පුළුවන්ද තිරය ඉස්සරහ තියන දෙයත් පිටිපස්සෙ තියන දෙයත් අතර කොච්චර ලොකු වෙනසක් තියනවද කියල. මාරයි නේද!!!

Cable System SetupActing

Thursday, April 15, 2010

TOP VFX Techniques

Motion Capturing

ඊළඟට අපි කතා කරන්න යන්නෙ animatorsලට අදාල VFX 1ක්. මේක භවිත කරපු චිත්‍රපට නම් ඔයලා මදි නොකියන්න බලල ඇති.




කියන්නෙ උපරිමයෙන්ම මේ techinique 1 යොදගෙන ඒ සඳහාම ජනප්‍රිය වුනු
animated movies 2ක්.
The Polar Express(2004), A Christmas Carol(2009)








King Kong"Gollum"(lord of the rings)"Na'vi"(Avatar)
වගේ චරිත වලට පණ දීල තියෙන්නෙ මේ ශිල්ප ක්‍රමයෙන්.   
ඔයගොල්ලො නිකමට හරි හිතල බලුවද ඒ වගෙ සියුම් ඉරියව් ප්‍රකාශනයක් එ වගේම සංකීර්ණ අංග චලනයක් කොහොමද සජීවිකරණය කලේ කියල.. ඇත්තටම එයලා ඒව අතින් ඇඳ ඇඳ හිටියෙ නෑ. ඒවිදිහට මුහුනෙ ඉරියව් අතින් හදන්න ගියානම් ඒව බලන්න අපිට තව අවුරුදු 5ක් වත් බලා ඉන්න වෙනව.කොහොමද මෙ වැඩේ මෙච්චර ඉක්මන්ට කලේ. හරියට ඇත්තම කෙනෙක් වගෙ. අපි හොයල බලමු...
මේක අදාල වෙන්නෙ අනිමටොර්ස්ලට කිව්වට නලුවෙක් නැතුවාම නෙවේ. ඒ සජීවිකරණ චරිතයට පණ දෙන්න. ටිකක් වියදම් අධික වැඩක් තමයි. මොකද මේකට පොඩි sensor marker gadget කෑලි ටිකක් ඕන කරනව. Facial Motion Capture කරන්න නම් ටිකක් සියුම් Gadgets පාවිච්චි කරන්න වෙනවා.
මේ පුංචි sensors ඇඟේ, මුහුනෙ අවශ්‍ය ඉරියව් පළවන තැන් වල සවි කරලා මේ motion data අල්ලගන්නවා. LED ආලෝකයෙන්,චුම්බකත්වයෙන්, UR කිරණ වගෙ විවිධ ආකාරයෙ ක්‍රම පවිච්චි කරවා මේකට.ඒ ක්‍රම කොහොමද පාවිච්චි කරන්නෙ කියලා හොයලා බලන 1 ඔබට භාර කරන්නම්. මොකද දියුණු වන තාක්ෂණයත් එක්ක මේ ක්‍රම සීඝ්‍රයෙන් වෙනස් වෙන සුළුයි. මොන ක්‍රමයකින් හරි ලබාගත්තු මේ චාලක දත්ත software 1ක් ආධාරයෙන් පරිගනක ගත කරනවා.මෙහෙම ගත්තු motion data අපෙ character 1ට කැව්වම ඒ චලන දත්තයන්ට අනුකූලව අපේ චරිතයත් චලනයන් දක්වනවා.


මේ වීඩියො 1 බලුවොත් ඔයලට හොඳ අදහසක් ගන්න පුලුවන් වෙයි කොහොමද මේ techinique 1 පාවිච්චි කරන්නෙ කියල. Polar Express වලට Motion Capture කොහොමද භවිතා කලේ කියල මේකෙන් පෙන්වනවා.බැලුවට පාඩු නෑ.... 



 

Wednesday, April 14, 2010

TOP VFX Techniques


ඩේව්වරුන් හැටියට අපේ පරමාර්ථය තමයි අපේ දැනුම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න එක. ඒකෙ ප්‍රථම පියවර හැටියට ඔන්න අද ඉඳන් අලුත් දෙයක් පටන් ගන්නයි හදන්නෙ.


VFX....
මොනාද මේ VFX කියන්නෙ..
අපි හොයලා බලමු...........
VFX !! කෙටියෙන් කිව්වොත් ඒ කියන්නෙ Visual Effects. අද ඉඳන් පටන් ගන්න අපේ පෙළ ගැස්ම. ලොකයේ තියන ජනප්‍රියම VFX Techniques ටික අපි දන්න විදිහට ඔයාලට දෙන්නයි මේ වෑයම.එහෙනම් පළවෙනි පාඩම අද පටන් ගමු.

--------------------------------------------------------------------------------------------------------------------------------


Time Slice Photography

The Matrix  බලපු අය නම් මේක හොඳට දැකලා ඇති. මතකද Neo ඉහළ අහසේ එකම තැන ඉඳිද්දි වතුර බින්දුත් 1ක්ක එයා වටේ රවුමක් කැරකිලා එන සීන් 1ක් තිබ්බා. ඔය වැඩේ කරලා තියෙන්නෙ මේ technique 1 පාවිච්චි කරල තමයි. මේක කරලියට ආවේ The Matrix චිත්‍රපටයෙන් කිව්වොත් ගොඩක් නිවැරදි..ඊට පස්සෙ ඉන්දියාවෙ Main Hoona දක්වා මේ ශිල්ප ක්‍රමේ ඉදිරියට ආවා.
කොහොමද මේ වැඩේ කරල තියෙන්නෙ කියල හොයලා බැලුවොත් නරකද...


මේකට නිශ්චල කැමරා කීපයක් (10-30) හා චලන කැමරා 2ක් ඕන කරනවා. ආරම්භක හා අවසාන පිහිටුම් වල චලන කමරා 2 තියලා රටාවකට නිශ්චල කැමරා පිහිටුවනවා. ඊට පස්සෙ අවශ්‍ය මොහොතෙදි කැමරා ඔක්කොම 1 පාරට ක්‍රියකරවනවා.  




මේ ඔක්කොම එකතු කරල තමයි මේ විදිහට ගල් වෙච්ච චරිතයක් වටා කරකැවෙනවා වගේ අපිව අන්දන්න VFX පාවිච්චි කරලා තියෙන්නෙ.


නිශ්චල කැමරා 5ක් තියනවනම් ඔබටත් මේ වඩේ කරන්න අමාරු වෙන්නෙ නෑ. පන්චාස්‍රයක මුලු වල කැමරා 5 තියගෙන යාළුවො 5ස් දෙනෙකුත් සෙට් කරගෙන ඔබට තියෙන්නෙ මැද්දට වෙලා විධානයක් දෙන 1 විතරයි. යළුවන්ට කියන්න ඔබේ විධානයට කැමරා ක්‍රියත්මක කරවන්න කියලා.ඊට පස්සෙ ඒ ටික එකතු කරල සීන් 1 හදන්න. හරි සිම්පල්....
 
මේ වැඩේ හොයා ගත්තු Tim Macmillan ඔබත් අඳුන ගන්න ආසද...එහෙනම් මෙ වීඩියො 1 බලන්න...




http://benjaminellis.org/2009/10/29/time-slice-films-photography-meets-cinematography/
එවගෙම මේ ලින්ක් ටිකත් ක්ලික් කරලා බැලුවොත් අපරාදෙ වෙන්නෙ නෑ..
Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com