Showing posts with label Directors. Show all posts
Showing posts with label Directors. Show all posts

Sunday, April 10, 2011

හොලිවුඩයේ මැජික්කරු

නම කිව්වොත් ඉතින් වැඩි අඳුන්වා දීමක් ඕනා වෙන්නෙ නෑ. කවුද මේ, මොනාද කළේ කින්ද මන්ද මේ හැම දෙයක්ම අපිටත් වඩා හොඳින් දන්නව කියල මට විශ්වාසයි. ඒත් ඉතින් කොහොමද කළේ කියලා වැඩි දෙනෙක් හොයල බලන්නේ නෑනේ. ඒ ගැන හොයන්න තමයි අපි ඉන්නේ.

Steven Spielberg

අපි මීළඟට අඳුනගන්න යන සිනමාකරුවා.



වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ට නිර්මාණකරුවෙක්. මොකද්ද මේ කියන විශිෂ්ටත්වය?? ඔහුගේ විශිෂ්ටත්වයේ පසුබිම ටිකක් හොයලා බලන එක වටිනවයි කියලා අපි හිතනවා

භය වෙන එකත් සෙල්ල්ලම් වැඩක් නෙවෙයි

කුඩා කාලයේ පටන්ම ඔහු ටිකක් බියසුළු පුද්ගලයෙක්. කළුවරට බය නැත්තෙ කවුද. බය ගැන ඔහු දක්වන්නේ මේ වගේ අදහසක්.

ඇත්තටම කිව්වොත් බය වෙන එකත් එක විදිහක වාසියක් වගේ නේද....

අත්දැකීම් හරි වටිනවා


අත්දැකීම් කියන දේ බොහොම වටිනවා. අපේ අනාගතය තීරණය කරන්නේ අත්දැකීම්. කුඩා අවදියේ පටන් ඔහුට ලැබුනු අත්දැකීම් බොහොමයක්ම ඔහුගේ නිර්මාණ වල සැබෑ තීරකයෙක් වුනා.


කොච්චර නෑ කිව්වත් සෑම නිර්මාණයක් පිටුපසම ගැබ් වෙලා තියෙන්නෙ, ප්‍රකාශනය වෙන්නේ කාගේ හරි අත්දැකීමක්. Spielbergගේ කතා ගත්තත් ඒක එහෙමම තමයි.


ආසාවන් ලුහුබැඳීම


 අසාවන් කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ජීවිතය වෙනස් කරන්න ආසාවකට පුළුවන්. ඔහුගේ ජීවිතය අමුතුම ලොවකට ගෙනියන්න මේ ආසාවට පුළුවන් වුනා.




කරන වැඩේ මොක වුනත් ලැදියාවෙන් ආසාවෙන් කරනවනම්, එයින් හදවතට ආමන්ත්‍රණය කරන්න පුලුවන් නම් ඒක අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඒක තමයි Spielbergගේ විශිෂ්ටත්වයේ රහස



අද ඔහු හැමෝම දන්න අඳුනන වැදගත් පුද්ගලයෙකු වුනත් කුඩා කල නම් අනෙක් හැම විශිෂ්ටයෙකු වගේම සමාජයීය වශයෙන් ලැජ්ජාසුළු කුළෑටි, නමුත් නිර්මාණශීලි කොලුගැටයෙක්. මොකද්ද මේ වෙනසට හේතු වුනේ.
ඇත්ත දැන ගන්න නම් අනිවාර්යෙන්ම මේ link එක ක්ලික් කරන්න ඔබ කැමති වේවී.

Wednesday, March 23, 2011

කතා කීමේ කලාව

පසු ගිය ලිපියෙන් අපි ශ්‍රේෂ්ඨ ලෝක සිනමාකරුවෙකුගෙ කතා බහකට එකතු වුනා මතක ඇතිනෙ. ඔහුගේ විශේෂත්වය විදිහට අපි දකින්නේ ඔහුගේ සෑම සිනමා නිර්මාණයක් පිටුපසම දැවන්ත පර්යේෂණාත්මක ගවේශණ චාරිකවක් එකතු වෙලා තිබ්බ එකයි.



ඉතින් ඔහුගේ කතා බහෙන් ලැබිච්ච පන්නරය හන්දම මේ ගවේෂණ ගැන පොඩ්ඩක් හොයා බලන්න අපට හිතුනා. ඉතිහාසය හාරවුස්සන්න කැමති කාට වුනත් මේ ගැන පොඩ්ඩක් හොයා බලන එක වටිනව. මේ සෑම ගවේෂණයක්ම ඔබට Discovery නාලිකාව ඔස්සේ දැක බලාගන්න පුළුවන්.


තේරෙනවා නේද Cameron කියන්නේ කොයිවගේ දැනුම් උල්පතක්ද කියලා.

ඉතින් Titanic චිත්‍රපටයේ සාර්ථකත්වයේ රහස මොකද්ද.
ඔහු එය නිර්මාණය කරන්න කලින් මුහුදුබත් වුනු සත්‍ය නෞකාවේ ඇණ මුරුච්චියේ ඉඳලම පර්යේෂණ කරලා තිබ්බා. ගොඩ ඉඳගෙන එහෙම නෙවී, අඩි දාස් ගානක් වතුර යටටම බැහලා. ඉතිහාසය කියන්නේ රස කර කර විඳින්න පුළුවන් පුදුමාකාර දෙයක්. Titanic නැවේ අංග සම්පූර්ණ ඉතිහාසය ගවේෂණය කරපු නිසා ඔහු කලේ එතනට හැමෝම කැමති රසවත් flavor එකක් යොදපු එකයි. Flavor එක මොකද්ද කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනා නෑනෙ. ටයිටැනික් විතරක් නෙවේ, ඔහුගේ Avatar, Alien වගේ මේ හැම නිර්මාණයක්ම මේ වගේ දැවත්න දිගුකාලීන ගවේෂණ වල සාර්ථක ප්‍රතිඵල. ඇත්තටම James Cameron කියන්නේ හදාරන්න වටින පුද්ගලයෙක්.




කතාවකට වස්තු බීජයක් හොයන එක ලේසි පහසු වැඩක් නෙවේ. ඒකනෙ අපේ රටේ කතා කලාවෙ හැමදාම බොළඳ ඒකාකාරි කතා බිහිවෙන්නෙ. මේ බොළඳ එකාකාරි බව මොකද්ද කියලා කියන එක ඉතින් හැමෝම දන්න ප්‍රසිද්ධ රහසක්නේ. සෑම නිර්මාණකරුවෙකු තුලම දක්ෂ ගවේෂකයෙක් සිටිය යුතුයි. ඒක තමයි අපි විශ්වාස කරන එකම දේ. ඒක තමා සාර්ථක නිර්මාණයක මුල. ඒක තමයි කතා කීමේ කලාවේ ආරම්භය.

 


ලිපිය අවසාන කරන්න කලින් ලංකාවේ පොළව පය ගහල ඉන්න සිනමා ගවේෂකයො ගැනත් සඳහන් නොකලොත් ඒක ලොකු අඩුපාඩුවක්නේ. මෙහෙම කිව්වට ඉතින් මතක් කරන්න පුළුවන් අතේ ඇඟිලි ගානටත් අඩු පිරිසක්. හැමදාම බිහිවෙන අපේ කතා කලාවේ කාලෙකට හරි වෙනසක් ඇති කරනවට එතුමන්ලට බොහොමයක් පින්.

Thursday, March 17, 2011

පරිකල්පනය, කුතුහලය හා ආරම්භය...

කාලෙකට පස්සෙ ආවා වුනත් බොහොම වැදගත් මාතෘකාවක් අරගෙන තමයි ආවෙ. ඊටත් වඩා විශේෂ දෙයක් ඔබට අහන්න සලස්වලා සැබෑ ලෝකය තුල ඇති අලුත් ලොකයක් ගැන වෙනස් විදිහකට අලුත් විදිහට හිතන්න අත් වැලක් සපයන්න තමයි අද මූලික අරමුණ.


" පරිකල්පනය, කුතුහලය හා විශිෂ්ට නිර්මාණයක ආරම්භය... "


අපේ රටේ විශිෂ්ට නිර්මාණයක් හොයාගන්නව කියන එක අද කාලෙ හරියට ලාහෙට ගෙම්බො අල්ලනවා වගේ වැඩක් තමයි. ඔලුවෙ හොඳ වස්තු බීජයක් හට ගන්න නම් ඔය කිව්ව පරිකල්පන ශක්තියයි, කුතුහලයයි දෙකම ඕනා කරනවා. ඔව්වා ඉතින් අලුතින් ඔබ්බලා කරල ගන්න පුළුවන් දේවල් එහෙම නෙවී, ඇතුලතින්ම එන්න ඕනා. මෙව්වා උපතින්ම පිහිටපු කට්ටිය එක්ක ආස්ස‍රයට වැටුනොත් ඔබට මේ දේවල් වල තියන ශක්තිය හොඳට මැන ගන්න පුළුවන්. ඉතින් අපි ඒකට අවස්ථාවක් ලබා දෙන්නයි මේ හදන්නෙ. ආධුනිකයො විදිහට මේ වගේ වෙනස් විදිහට හිතන පතන විශිෂ්ට නිර්මාණකරුවො හොඳට දැන හඳුනගෙන ඉන්න ඕනනෙ. ඔන්න අපි පළමු පියවර තිබ්බා...

අපි අඳුන ගන්න පළමු නිර්මාණකරුවා

James Cameron: Before Avatar ... a curious boy




James Cameron කියන්නෙ අපි හැමෝම හොඳාකාරවම දන්න විශිෂ්ට නිර්මාණකරුවෙක්. අපිට මේ වටිනා කියන කතාබහ අහන්න ලැබුනේ TED සම්මන්ත්‍රණ අතරෙ තිබිලා. බොහොම වැදගත් කතාබහක් හන්දා හැමෝම අතරෙ බෙදාගන්න ඕනයි කියලා හිතුනා. මේ කතාව අහලා අපට ලැබුණු පන්නරයම ඔබටත් ලැබුනා නම් ඒක තමයි අද මාතෘකාවෙ අභිප්‍රාය වුනේ.


Friday, May 14, 2010

Post of the Month

අදට අපේ අඩවියට මාසයයි. ඉතින් මේ සුවිශේෂ දිනයේ මතක සටහනක් විදියට සැමරුම් post එකට මේ ලෑස්ති වෙන්නෙ....

මේක මේ දවස් වල කාගෙත් කතා බහට යොමු වෙච්ච මාතෘකාවක්. සොබාවික විපර්යාස, එහෙමත් නැතිනම් සොබාවික විපත්. ඩේව් වරුන් අතරිනුත් නිතරම කියවෙන පැත්තක්. මේ සම්බන්ධව නිතරම කතා කරපු director කෙනෙක් තමයි Roland Emmerich කියන්නෙ.(මගෙත්  ප්‍රියතම අධ්‍යක්ෂවරයා)




Roland Emmerich


ඔබ මේ නම අහල නැති වුනාට මේ films ටික නම් අනිවාර්යෙන්ම නරඹලා ඇති කියල මට විශ්වාසයි.


2012


Day After Tomorrow


Godzilla





2012 Day After Tomorrow සහ Godzilla කියන්නෙ ඔහුගෙ තුන් ඈදුතු disaster movies. මේවට කලින් කරපු Independence Day ෆිල්ම් එක මගෙ කල්පනාවෙ හැටියට එච්චර සාර්ථක නොවුනත් මේ 3 නිර්මාණය කරන්න ඒක හොඳ ආරම්භයක් වුනා.

කොහොමද මේ ව්‍යසන නිර්මාණය කරන්නෙ. මේ හැම එකකටම ඉතින් VFX වල පිහිට තමයි. නැත්තන් මේව ඇත්තට රූප ගත කරන්න කියල යෑ...

බොහෝ විට මේ සඳහා පාවිච්චි කරන්නෙ Digital Animation & Graphics. ඒ කියන්නෙ පරිගනකය ආශ්‍රයෙන් නිර්මාණය කරගත්තු දේවල්. ඒ වගේම අපි කලින් දවසක කත කරපු Digital/Miniature Sets Construction Technique එකත් භවිතා කරනවා.

මේවගේ disaster movies නිර්මාණය කරන ඩේව්ලට වලට වැදගත් වෙන ප්‍රධාන elements 5ක් තියනවා. ඒව තමයි "ආකාශය", "පෘථිවිය", "ජලය", "ගින්දර", "සුළඟ" කියන්නෙ. මේ ෆිල්ම් වල ඒ elements 5 කොච්චර අපූරුවට නිර්මාණය කරල තිබ්බද කියලා මතකයිද. අපි බලමු Day After Tomorrow චිත්‍රපටය අරගෙන කොහොමද මේ elements හැදුවෙ කියලා. ඔයලා අනික් links click කරල බැලුවොත් ඒව හදපු හැටිත් බලාගන්න පුලුවන් වේවි..


Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com