Showing posts with label Institues. Show all posts
Showing posts with label Institues. Show all posts

Tuesday, October 19, 2010

කවුද DAVE ?


ඩේව්වරුන්ගේ අඩවිය කිව්වම මේ ක්ෂේත්‍රයේ (Digital Animation and Visual Effects) නොඉන්න ගොඩක් දෙනෙක් අහපු දෙයක් තමයි කවුද මේ ඩේව් කියන්නෙ, කාටද මේ ඩේව් කියන්නෙ,  මොකද්ද මේ ඩේව් කියන්නෙ කියලා. Dave කියන්නෙ ලෝක සම්මත වචනයක් මිසක් අපි හදාගත්තු දෙයක් නෙවෙයි. Digital Animation and Visual Effects. බලන්න මේ වචන ටික. දැන් තේරෙනවද ?



Digital Animation, නැත්නම් පරිගණක සජීවිකරණය. ඒ කියන්නෙ හරියට මොනාටහරි පණ දෙනවා වගේ වැඩක්. ත්‍රිමාණ තලයට හරි ද්විමාණ තලයට හරි ජීවයක් ලබා දෙන්න පුළුවන් නම් ඒකට තමයි animation කියලා කියන්නෙ. දැකල තියනවනේ රූකඩ වලට පණ දෙනවා. මෙතනදි වෙනස තියෙන්නෙ මේක පරිගණකයක් භාවිතයෙන් කරන එකයි. Visual Effects හෙවත් ඩිජිටල් ඇස් බැන්ඳුම. දැකල ඇතිනෙ මැජික්කාරයන්ගේ මැජික්. ඇස් රවට්ටන සෙල්ලම් දාන එකයි එයාලගෙ දක්ෂකම වෙන්නෙ. මේක පරිගණකයෙන් කරාම තමයි ඩිජිටල් ඇස් බැන්ඳුමක් වෙන්නෙ.

ඉතින් මේ ක්ෂේත්‍රයට අඩිය තියපු ඕනම කෙනෙක්ට කෙටියෙන් කියන්නෙ dave කෙනෙක් කියලා. ඒකයි අපිත් කිව්වේ මේක ඩේව්වරුන්ගේ අඩවිය කියලා. ඔය චිත්‍රපටයක් එහෙම බලනකොට කාරිය කීයෙන් කීදෙනාද හිතන්නෙ ඕක කොහොමට හදන්න ඇද්ද කියලා. ඩේව්වරයෙක් වෙන්න පළමුවෙනි සුදුසුකම තමයි එහෙම හිතෙන එක. එහෙම හිතන පතන අයට එකතුවෙන්න තමයි අපේ අඩවිය තියෙන්නෙ.


අපේ අඩවියේ නමට මූලික සංකල්පය ආපු විදිහත් මතක් කරන්නම්කො. 

මේ ඕනම ඩේව්වරයෙක්ගෙ සිහින පාසලක්. Universal Studios සමඟ ඒකාබද්ද වෙලා හැදිච්ච ඉස්කොලයක්. ඔය Pixar, Dreamworks  වගේ තැන් වලට ඩේව්වරු බිහි කරන ප්‍රධාන තැනක් තමයි මේක. (ඇමරිකාව පැත්තෙ සවාරියක් ගහන්න ලැබිච්ච දවසක පොඩ්ඩක් එබිලා බලන්න. ඒ වගේම Universal Studios පැත්තෙ රවුමක් යන්නත් අමතක කරන්න එපා.) මේකෙ ඉගනගත්තු ඩේව්වරුන්ගෙ demo reels බලලා ඔයාලටත් මොනා හරි දෙයක් ඉගන ගන්න පුළුවන් වීවි.

ඉතින් දැන් තේරෙනවා නේද DAVE කියන්නෙ මොකද්ද කියලා....

Monday, October 4, 2010

Journey continues... Today and Tomorrow

අපි දැන් කතාවෙ ඊළඟ කොටස පළ කරන්නයි හදන්නෙ. අපි අන්තිමට නැවැත්තුවෙ Daveවරයෙක් වෙන්න පටන් ගන්න ලංකාවෙ තියන ඉඩකඩ කොහොමද කියලනෙ. ඊළඟට එන ගැටළුව තමයි ඉගන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියලා. මේක ගැටළුවක් කර නොගත්ත බොහෝ දෙනෙක් Freelancing පැත්තට යොමු වෙනවා. අනෙක් අය ආයතනයක් හොයාගෙන යනවා, බොහෝ විට තමන් ඉගෙන ගත්තු තැනේ උදවු උපකාරයෙන්. දැනට ලංකාවෙ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයෙ, රූපවහිනි ක්ෂේත්‍රයෙ තමයි වැඩි ඉල්ලුම තියෙන්නෙ Daveවරුන්ට. නමුත් සිනමා ක්ෂේත්‍රයෙත් රැල්ලක් බිහිවෙන එක වැඩි ඈතක නෑ කියල අපේ ලොකු විශ්වාසයක් තියනවා.

රූපවාහිනී ක්ෂෙත්‍රය ගත්තොත් අපේ රටේ සියලුම නාලිකා දැන් animation ගැන ලොකු අවධානයක් යොමු කරනවා ප්‍රේක්ෂක රැල්ල දිනා ගන්න. දැකලා ඇතිනෙ විනාඩි පහෙන් පහට ඒගොල්ලො දාන සෙල්ලම්. 'මීළඟට' කියයි 'next' කියයි 'දැන්' කියයි, ඔය විදිහට අනම් මනම්...(ඒත් හඬ කැවිලි නවත්තල cartoon එකක් කවදා හදයිද මන්දා..)

වෙළඳ දැන්වීම් ක්ෂෙත්‍රය සහ සංගීත ක්ෂෙත්‍රය ගත්තොත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'නියම' වැඩකිඩ ටිකක් අද කාලෙ බලාගන්න පුළුවන්. දැන ගන්නත් එක්කල අපි ටිකක් ඒව හදපු කස්ටිය ගැන හොයල බැලුවා.



මේ අතරම විනෝදෙට හරි මුදල් උපයන්න හරි තනීයම නිර්මාණ කරන අයත් ලංකාවෙ ඉන්නවා. බොහොම අඩු පහසුකම් යටතෙ හදපු ලස්සන දෙවල් ටිකකුත් අපිට දකින්න ලැබුනා

VFX Sri Lanka
Aloka's Art
Sl Force
kaveen.name

Daveකෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මේ අයගෙ වැඩ කිඩ බැලුවොත් ගොඩක් වැඩගත් වෙයි කියල අපි හිතනවා. මේ තියෙන්නෙ අහපු දැකපු කිහිපයක් විතරයි. නොදන්න තව දේවල් තියේ නම් කියන්න පුලුවන්.

මේව දැකල බලලා කවුරු හරි කෙනෙක් මොනා හරි දෙයක් ඉගන ගත්ත නම්, ලංකාවෙ තත්වය ගැන අදහසක් ගත්ත නම්, ඒක තමයි අපේ බලපොරොත්තුව වුනේ. මේ ලිපි පෙළ මෙතනින් නිමා කරන්නයි අපි දැන් හදන්නෙ.අලුත් දෙයක් අරන් ආයෙත් එන්නම්..

Friday, September 24, 2010

Journey continues...

ඔන්න පොරොන්දු වුන විදිහට අපේ විමර්ශනයෙ ඉතුරු ප්‍රතිඵල ටිකත් දාන්නයි මේ හදන්නෙ. අපේ රටේ Daveවරුන්ගෙ වර්තමාන තත්වය... පටන් ගන්න කලින් එදාම කිව්වනෙ ඒක බොහොම සුබවාදී කියල. අන්තර්ජාලයෙ සැරි සරාගෙන සරාගෙන යනකොට අහම්බයෙන් තමයි මේ විස්තර ටිකත් හොයගන්න පුලුවන් උනේ. ඉතින් වරදක් ඇතොත් එව්ව නිවරදි කරන එක ඔයාලගෙ යුතුකම කියල මතක් කරන්න ඕන.

අපේ රටේ Daveවරු ගත්තොත් බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නෙ තනි පුද්ගලයො වශයෙන්. කණ්ඩායම් වශයෙන්, එහෙමත් නැතිනම් ආයතනික වශයෙන් දකින්න ලැබෙන්නෙ බොහොම සුළු ප්‍රමාණයක්. ඒක හන්දා අපි හිතුවා ඉස්සල්ලම ආයතනික වශයෙන් ලංකාවෙ තත්වය කොහොමද කියල විමසල බලන්න.






ආයතනික නම් ගම් භාවිත කරනවට අමනාපයක් නැති වෙයි කියල හිතලයි අපි මේ කාර්යයට අත ගැහුවෙ. අනික ආධුනිකයො විදිගට ලංකාවෙ මොනාද තියෙන්නෙ කොහොමද කරන්නෙ කියලවත් දැනගෙන තියෙන්න එපයෑ..අනික් කාරණෙ මේ සියල්ලක්ම අන්තර්ජන්ජාලයෙ සැරිසරද්දි හමු වුනු ඒව මිසක වෙන ගණු දෙණුවකට ලියවෙන ඒව නෙවෙයි කියලත් මතක් කරන්න ඕන. හරියටම කියනවා නම් හුදෙක්ම Beginner/ Intermediate/ Advanced/ Expert ආදි එකී මෙකී නොකී සියලුම Daveවරුන්ගෙ දැන ගැනීම පිණිස යහපත් චේතනාවෙන් අපි මේ කටයුත්ත කරන්න පටන් ගත්තේ.ඒ නිසා ඔබගේ වටිනා අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් ආදි මේ හැම එකකටම අපේ බ්ලොග් අඩවියෙ ඉඩකඩ වෙන් වෙලා තියනවා. Daveවරයෙක් වෙන්න ආසාවකින් ඉන්න ඕනම ආරම්භකයෙක් කරන්නෙ ඉස්සල්ලම හොඳ Institute එකක් හොයගන්න බලන එක. ඒවගේ වෙලාවක ඉස්සල්ලම එන ප්‍රශ්නය තමයි ලංකාවෙ එහෙම හොඳ Standard Quality තැනක් තියනවද කියන එක. මෙතනදි මේ Standard එක මනින්න ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ "Certified" එහෙමත් නැතිනම් "Authorized" කියන වචනෙ.


ඉතින් අපි හොයල බැලුවා මේ වගේ Certified ආයතන ලංකාවෙත් හොයාගන්න පුලුවන්ද කියල. නිල වශයෙන් නම් කරපු එකම එක තැනක් අපිට හොයගන්න පුලුවන් උනා. ඒ තමයි Autodesk සඳහා Authorized වුනු OST Training Center. මීට අමතරව Certified වුනු Expertsල Instructersල උගන්වන ආයතනත් තියනවා. මේ විදිහට Certified වෙච්ච කස්ටිය තමන් ගාව ඉන්නවයි කියල නම් ප්‍රසිද්ධ කරගෙන තිබ්බ ආයතන කිහිපයකුත් අපිට හොයගන්න පුලුවන් වුනා. AMDT , කුරුණැගල DreamTeam මේ අතරින් කිහිපයක්. ඒත් ඒවායෙ සත්‍ය අසත්‍ය බව තීරනය කරන එක ඔය ගොල්ලන්ට භාර කරනව. මීට අමතරව තවත් දෙවල් දන්නවා නම් සියල්ලන්ගේම දැනගනීම පිණිස හැමෝටම කියන්න කියල ආරාධනා කරනවා. ඒක අනාගතෙ බිහිවෙන්න ඉන්න Daveවරයෙකුට අත්වැලක් වෙන්න පුලුවන්.

"Certified" කියන මිම්ම ඇරුනුකොට ඊලඟට එන ප්‍රශ්නය තමයි සාක්කුව. අතේ තියන ගානට හරියන තැනක් හොයගන්න ඕනා නිසා ගොඩ දෙනෙක් මේ හන්දා Animation කඩේකට තමයි ගොඩ වෙන්න හදන්නෙ. අපි නම් කියන්නෙ කීය දීල හරි හොඳ Quality තැනකට ඇතුලු වෙන්න කියලයි. එහෙම බැරි නම් ඉතින් ස්වෝත්සාහයෙන් තනියම ඉගෙන ගන්න එක තමයි හොඳම වැඩේ, ඔය කඩ ගානෙ රස්තියාදු වෙනවට වඩා. මොකද නියම වැඩ කාරයෙක් නම් ආයෝජනය කරපු ගාන වගෙ දෙතුන් ගුණයක් හොයාගන්න පුලුවන් අවුරුද්දක් දෙකක් යනකොට. මේ හන්දා ගොඩ දෙනෙක් සාක්කුව පැත්තකින් තියල International තැනක් හොයගෙන යනවා.




මේ ඔක්කොමත් හරී කියමුකො. ඒත් ඉතින් මේ ටික විතරක්ම තිබිල මදි මදි වගෙ හිතන ඈයො ක්ෂේත්‍රයේ Experience එක ගැනත් හොයා බලනවා. හරියට Teleview Technical Acadamy වගේ. සමහරක් විට ඒ, ජොබ් කට්ටත් ලේසියෙන්ම හොයගන්න පුලුවන් වෙයි කියල හිතල වෙන්නත් පුලුවන්. එහෙමත් නැතිනම් කට්ටිය දැන ඇඳිනගන්න, ඇත්දැකීම් අරගන්න කියල හිතල වෙන්නත් පුලුවන්.

හොඳයි දැන් ඉගනත් ගත්ත කියමුකො. ඊලඟට එන්නෙ ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න එක. ඒගැන ලංකාවෙ තත්වය කොහොමද කියල ඊලඟ පොස්ට් එකෙන් කියන්නම්....
Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com