ඔන්න ඉතින් පහුගිය් දවසක අපිත් ගියා UCSC එකේ තිබුන ifo++ ප්‍රදර්ශණය බලන්න.අපේ සහෝදර සහෝදරියො ගොඩාක් මහන්සි වෙලා හිත් ඇදගන්න නිර්මාණ රාශියක් හදල තිබුනා.ඇත්තටම ඒ ප්‍රදර්ශණය යමක් ඉගෙනගන්න කැමති අයට ඉතාමත් වැදගත් වුනා.මම මේ ලිපියෙන් කියන්න යන්නෙ ඒ ප්‍රදර්ශණය ගැන නම් නෙවේ.ඒකෙ තිබිච්ච අපෙත් හිත් ඇදී ගිය ප්‍රදර්ශණ මාතෘකාවක් වන Augmented Reality ගැන.
ඔන්න ඉතින් පොඩි අදහසක් ගන්නත් එක්ක මේ video එක බලමුකො.
එකේ තිබුනේ මොනවගේ දෙයක්ද කියල තෙරෙන්නෙ නැතුව ඇති සමහර විට.ඒකෙ තිබුනෙ වෙබ් කැමරාවක් ඉදිරියේ විශේෂ ආකාරයේ පොතක් පෙරලගෙන යන අයුරුයි.ඒ කියන්නෙ අර තිබුන ත්‍රිමාණ වස්තු එකක්වත් පසුව කරපු සංස්කරණයකින් එකතු කරපුවා නෙවෙයි.කොහොමද එහෙම කලේ??? අන්න ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන එක තමයි අපි මේ ලිපියෙන් කරන්න බලපොරොත්තු වෙන්නෙ.
Augmented Reality සංකල්පය කියන්නෙ කලින් තිබුන අතත්‍ය යථාර්තය (Virtual Reality) කියන සංකල්පයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙයක්.Virtual Reality හි දී අපි කරන්නේ සැබෑ ලෝකය හා සමාන ආකාරයෙන් ත්‍රිමාණ වස්තු මැවීමට උත්සහ කිරීමයි නමුත් Augmented Reality හි දී අපි සැබෑ ලෝකයේ යම් තැනක නොතිබෙන වස්තු ත්‍රිමාණ ලෙස සැබෑ ලෝකයේ මැවීමට උත්සහ කරනු ලබනවා.ඉතින් මේ උත්සහය අද ඊයේ පහල වූ දෙයක් නම් නෙවෙයි.ක්‍රමක්‍රමයෙන් දියුණුවෙලා තමයි අද මේ තත්වයට පැමිණිලා තියෙන්නෙ.

![]() |
| මෙන්න මේ වගේ එකක් තමයි රටාව විදියට යොදාගන්නෙ |
![]() |
| ජංගම දුරකථන වල්ටත් AR... |
අත්හදා බලන්න කැමති අයට...
http://weblog.mrinalwadhwa.com/2009/04/13/augmenting-reality/
වැඩිදුර විස්තර සඳහා මේ video එකත් බලන්න.
ගේම් වලට කැමති අය අනිවාර්යෙන් මේ ටිකත් බලලම යන්න...
මෙන්න තවත් යෙදීම් ටිකක්...
http://www.bannerblog.com.au/news/2009/06/35_awesome_augmented_reality_examples.php
ඉතින් මේ වගේ දියුණු තාක්ෂණයත් එක්ක අනාගත ලෝකය කොච්චර වෙනස් වෙයිද කියල හිතාගන්න පුලුවන්ද?
ඉතින් මේ වගේ දියුණු තාක්ෂණයත් එක්ක අනාගත ලෝකය කොච්චර වෙනස් වෙයිද කියල හිතාගන්න පුලුවන්ද?