Showing posts with label Hardware. Show all posts
Showing posts with label Hardware. Show all posts

Friday, October 22, 2010

ඩේව් වරුන්ගේ සුපිරි ආයුධය - තෙවන කොටස



අපිට මේ ලිපියත් ලියන්න හිතුනෙ දැනට වෙළඳ පලේ තියෙන සුපිරි  Graphic card කීපයක් දකින්න ලැබුනු නිසයි.ඔයගොල්ලො අපේ කලින් ලිපිය කියව්වා නම් උනන්දුවක් අතිවෙන්න ඇති නේද කොහොමද වඩාත් හොඳ Graphic card එකක් තෝරගන්නෙ කියල?එහෙනම් අපි දැනට තියෙන හොඳම කීපයක් ගැන කියන්නම්.එක අලුතින් එකක් ගන්න කෙනෙක්ට ලොකු උදව්වක් වේවි.

 Graphic card නිෂ්පාදනයේ ඉදිරියෙන්ම ඉන්න සමාගම් 2ක් තමයි NVIDIA සමාගම AMD සහ සමාගම.
 ඔවුන්ගේ ප්‍රධාන නිෂ්පාදන 2 වන්නේ NVIDIA GeForce සහ ATI Radeon යන දෙකයි.එම සමාගම් වලින් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම Graphic card දෙක.අන්න ඒ 2 ගැන විස්තරයක් තමයි අපි දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නෙ.



 

  • NVIDIA - GeForce GTX 480 :
                        

                                            ඔන්න අපි NVIDIA එකෙන්ම පටන්ගත්තා.NVIDIA - GeForce GTX 480 කියන්නෙ GeForce 400 series එකේ දැනට තියෙන අලුත්ම නිෂ්පාදනය.ඔවුන් මේක හඳුන්වන්නෙ දැනට ලෝකයේ තියෙන වේගවත්ම තනි GPU එක කියලා.මේකට යොදාගෙන තියෙන්නෙ Fermi 100(GF100) කියල අතිශය වේගවත් GPU එකක්.ඔන්න ඔයගොල්ලන්ගෙ කුතුහලය යන්නත් එක්ක මෙකෙ specifications ටිකක් දාන්නම්කො.

  •  CUDA Cores : 480
  • Graphics Clock (MHz) : 700
  • Standard Memory Config : 1536 MB GDDR5
  • Memory Bandwidth (GB/sec) : 177.4
  • Memory Interface Width : 384-bit
  • Texture Fill Rate (billion/sec)42
  • Microsoft DirectX : 11
  • OpenGL :  4.1
  • Maximum Digital Resolution : 2560x1600

පුදුම වෙන්න දෙයක් නෑ නේද මේක වේගවත්ම එක වීම ගැන.මේක දැන් ලංකාවෙත් මිලදී ගන්න
පුලුවන්.මිල දැක්කම නම් ඉතින් කියවෙන්නෙ "පිස්සු හැදෙනවා" කියල තමයි.
 
  •  ATI Radeon HD 5970 




 මේ ඉන්න කලින් කෙනාගෙ වෙලඳපළ තරඟකාරයා.මෙකේ නිෂ්පාදකයින් කියන්නෙ මෙක අදට තියෙන වේගවත්ම ව්‍යාපාරික Graphic card එක කියලා.කොහොමද  NVIDIA - GeForce GTX 480 එකත් වේගවත්ම එක නම් මෙකත් වේගවත්ම එක වෙන්න?හොඳට බලන්න අපි උඩදි "තනි" කියන වචනෙ පාවිච්චි කලා.ඔව් ඔයගොල්ලො හිතුව විදිය හරි.මේක "තනි" GPU එකක් නෙවෙයි. Hemlock XT වර්ගයේ  GPU 2ක් මේකට පාවිච්චි කරල තියෙනවා.එහෙනම් මේකේ specification ටිකකුත් බලලම ඉමුකො.


  • Engine clock speed : 725 MHz 
  • Memory : 2 x 1,024MB GDDR5 
  • Memory bandwidth : 256.0 GB/sec  
  • Texel fill rate (bilinear filtered): 116 Gigatexels/sec
  • Microsoft DirectX : 11
  • OpenGL :   3.2
  • Maximum Digital Resolution : 2560x1600


එහෙනම් මෙ විස්තර ටික ඔයාලට ගොඩක් ප්‍රයොජනවත් වෙන්නැති කියල හිතනවා.ඔයගොල්ලො අලුතෙන් Graphic card එකක් ගන්න යනව නම් ඉහත දක්වපු සුපිරි Graphic card වලට සාපෙක්ෂව ඔයාට තීරනයක් ගන්න පුලුවන් වේවි.මේ ලිපි පෙළ මෙතනින් හමාර කරනවා.අයෙත් තව අලුත් ලිපියකින් හමුවෙමු.






ඩේව් වරුන්ගේ සුපිරි ආයුධය - දෙවන කොටස


ඔන්න ඩේව් වරුන්ගේ සුපිරි ආයුධය ගැන ලියන දෙවන කොටස.පළමු කොටස බලපු නැති අයට මෙතනින් බලන්න පුලුවන්.

ඔයගොල්ලො ඉතින් සල්ලි දීලා Graphic card එකක් ගත්තට එක වැඩ කරන්නෙ කොහොමද කියල හොයල බලන්න වැඩිය උනන්දු වෙන්නෙ නැතුව ඇති නේද?මේ ලිපියෙන් අපි කියන්න යන්නෙ Graphic card එකක ලක්ෂණ, අංගෝපාංග හා එවායේ තාක්ෂණය ගැනයි.සාමාන්‍යයෙන් Graphic card එකකින් කරන්නෙ පරිගණකය මඟින් දර්ශණය කල යුතු දත්ත process කිරීමයි.මම 'සාමාන්‍යයෙන්' කියන වචනය පාවිච්චි කලේ එක හෙතුවක් උඩ.මොකද දැන් අලුතෙන් Intel අයතනය මඟින් නිෂ්පාදනය කරන i3, i5 සහ i7 කියන processors වල graphic processing කරන්නෙත් ප්‍රධාන processor එකෙන් වීම නිසයි.




ඔයගොල්ලො නිකමට හරි හිතුවද 1010 (ද්විමය සංඛ්‍යා) විදියට දෘඩ තැටිය තුල ගබඩා කරගන්න දත්ත අපි රස විඳින චිත්‍රපටියක් විදියට මොනිටරයේ දර්ශණය කරන්නෙ කොහොමද කියල?එහෙනම් අපි Graphic card එක ඇතුලට පොඩ්ඩක් ගිහින් බලමු.

  • GPU (Graphics Processing Unit) :


                                             මේක තමයි Graphic card  එකේ හදවත. ගොඩක් Graphic card එක හා සමාන GPU  පාවිච්චි කරනවා.නමුත් ඒවගෙ වේගය සහ  හැකියාව තීරණය වෙන්නෙ ඒකට සම්බන්ධ කරන අනික් උපාංග මතයි.බැලූ බැල්මට පෙන්නෙ processor එකක් වගේ නේද?ඉතින් එහෙම වෙන්න එපැයි මෙකෙන් නොවැ graphic processing කරන්නෙ.

  • GDDR - Graphics Double Data Rate memory :

                                      GDDR කියන්නෙ Graphic card සතුව තියෙන මතකයටම තමයි.උදාහරණයක් විදියට පරිගණකයක තියෙන මතකය විසින් කරන  දේ වගේ දෙයක් තමයි මෙයත් කරන්නෙ.නමුත් GDDR නිපදවලම තියෙන්නෙ Graphic cards සඳහා පමණක් පාවිච්චි කරන්නයි.එක නිසා මෙයා සාමාන්‍යය RAM එකට වඩා ටිකක් වෙනස්.GDDR වල version ගනනාවක්ම තියෙනවා.පහළ තියෙන ලින්ක් වලට ගිහින් වැඩිදුර විස්තර බලාගන්න පුලුවන්.


  • CUDA - The Compute Unified Device Architecture :



                                                     CUDA කියන්නෙ NVIDIA ආයතනය මඟින් සොයාගත් පරිගණක ක්‍රමලේඛයක්.මේ සොයාගැනීම මඟින් ඔවුන්ගේ Graphic card වල සමාන්තර processing හැකියාවක් ඔවුන් විසින් ඇතිකරනු ලබුවා.එම හේතුව නිසා දෘශ්‍ය කේතීකරණය(video encoding), rendering වගේ වැඩ කටයුතු වඩාත් අඩු කාලයකින් කරගන්න පුලුවන් වෙනවා.


  • PhysX :

                
                                  Ageia සමාගම විසින් PhysX මූලිකවම නිපදවුනේ graphic processing ත්වරණය කරන පරිපථයක් සහ මෘදුකාංගයක් හැටියටයි.නමුත් 2008 දී NVIDIA සමාගම මගින්  Ageia සමාගම මිලදීගත් නිසා NVIDIA Graphic cards වල PhysX අන්තර්ගත කෙරුනා.ඔන්න ඔහොමයි PhysX කියන තාක්ෂණය ප්‍රසිද්ධියට පත්වුනේ.මෙම තාක්ෂණය මඟින් සංකීර්ණ භෞතික විද්‍යාත්මක ආදර්ශනයන් පරිගණක සජීවීකරනයේදී හා පරිගණක ක්‍රීඩා නිපදවීමේදී යොදාගැනීමට ඉඩකඩ සලසා දෙනවා.




  • Crossfire සහ SLI :

 මෙමඟින් කියන්නෙ Graphic cards එකකට වඩා වැඩිය සම්බන්ධ කරගන්නා ආකාරයයි.AMD සමාගම මඟින් Crossfire තාක්ෂණයත්, NVIDIA සමාගම මඟින් SLI තාක්ෂණය ත් හඳුන්වල දීල තියෙනවා.ඒවා සම්බන්ධ කරගන්නා ආකාරය නම් එකිනෙකට වෙනස්.පහත රූප වලින් දැක්වෙන්නේ එවා සම්බන්ධ කරන අකාරයයි.

Crossfire

SLI


ඉතින් එහෙනම් අපි Graphic card එකේ ඇතුලත බලලත් ඉවරයි.ඔයාලට දැනගන්න ඔන මොනාහරි තවත් තියෙනව නම් ඒ ගැන අදහස් දක්වන්න.අයේ තවත් ලිපියකින් හමුවෙමු.

Thursday, October 21, 2010

ඩේව් වරුන්ගේ සුපිරි ආයුධය - පළමු කොටස


DAVE (Digital Animation and Visual Effects) ලෝකයේ සුපිරි ආයුධයක් ගැන  තමයි අද මම කියන්න යන්නෙ.මේක සුපිරි වෙන තරමට වැඩ කරගන්න එක පහසු වෙන එක තමයි වෙන්නෙ.මේ ආයුය තමයි Graphics Card එක.ප්‍රධාන වශයෙන්ම වර්ග 4ක් විතර අඳුර ගන්න පුලුවන්.ඉතින් ඒ 4 ගැන තාක්ෂණික කරුණු ටිකක් කියන්නයි අපි අදහස් කලේ.

          1. Integrated එහෙමත් නැතිනම් OnBoard Graphic Cards:

මේ තියෙන්නෙ On board වර්ගයේ graphic processing unit එකක්

                          ගොඩක් වෙලාවට  අපි ගාව තියෙන සෑම පරිගණකයකම පාහේ මේ වර්ගයේ graphic processing unit එකක් තියෙනවා.අනිත් එවට සපේක්ෂව මෙකෙ හැකියාව සහ ධාරිතාවය ගොඩක් පහළ මට්ටමකයි තියෙන්නෙ.මෙමඟින් බහුලවම පාවිච්චි කරනු ලබන්නේ පරිගණකයෙහි ප්‍රධාන මතකයයි.එයින් යම්කිසි ඉඩ ප්‍රමණයක් graphic processing සඳහා වෙන්කරගනු ලබනවා.මේකක් තියාගෙන graphic වැඩ කරන්න හිතනව කියන්නෙ හරියට දුන්නයි ඊතලයි අරගෙන හමුදා මෙහෙයුමකට ගියා වගේ වැඩක් තමයි.

          2. PCI Graphic Cards :

PCI වර්ගයේ graphic cardඑකක්

                     PCI වර්ගයේ graphic card පාවිච්චි වෙන්නෙ පරිගණකයේ මව් පුවරුවේ තියෙන PCI slots සඳහායි.මේක නම් දැනට ගොඩක් යල් පැන ගිය තාක්ෂණයක් වෙලා.ගොඩක් වෙලාවට මෙවා තවමත් ඉතුරු වෙල තියෙන්නෙ පරණ පරිගණක වල තමයි.හබැයි ගොඩාක් පරිගණක වල නම් අනිවාර්යෙන් PCI slot නම් පිහිටල තියෙනවා.ඒ කියන්නෙ slots ගැන කරදර නොවී PCI graphic card එකක් පාවිච්චි කරන්න පුලුවන් කියන එකයි.


          3.AGP Graphic Cards :

AGP වර්ගයේ graphic cardඑකක්


               AGP කියන්නෙ accelerated graphics port කියන එකයි.PCI වගෙම මේ AGP graphic cards වලටත් නම වැටිල තියෙන්නෙ ඒක සවිකරන port එක අනුවයි.AGP card එකකට 1x,2x,4x හා 8x වශයෙන් වේග 4ක් තියෙන්න පුලුවන්.ඔබගේ graphic card එක 8x උනත් මවු පුවරුව සහයෝගය දක්වන වේගයෙන් තමා එක වැඩ කරන්නෙ.විවිධ තාක්ෂණික හේතු නිසා AGP graphic cards PCI-Express තරම් වෙගවත් නැහැ.

         4. PCI-Express Graphic Cards :

PCI-Express වර්ගයේ graphic card එකක්
                 දැනට තියෙන වේගවත්ම වගේම ධාරිතාවයෙන් වැඩිම graphic cards නිකුත් වෙලා තියෙන්නෙ මේ වර්ගයෙන් තමයි.ඉහත දක්වපු PCI සහ AGP වගේම වලිනුත් බොහෝ වෙලාවට ප්‍රධාන මතකයෙන් ඉඩ ගැනීමෙන් වැළකී සිටිනවා.නමුත් මතකයෙන් යම් ප්‍රමාණයක් සහයෝගයෙන් පාවිච්චි කරන එවත් නැතුවම නෙවෙයි.මේවගෙ ධාරිතාව 1gb පවා ඉක්මවා ගිහින් තියෙනවා.එක නිසා අලුතෙන් graphic card එකක් ගන්නවා නම් අලුත්ම තක්ෂණයෙන් යුතු PCI-Express වර්ගයේ එකක්ම ගන්න කියලයි අපි නම් කියන්නෙ.



මවු පුවරුවක PCI,AGP,PCI-E slot පිහිටලා තියෙන විදිය ගැන සටහනක්
මේ තියෙන්නෙ graphic card slot වල ප්‍රමාණයන්

ඉතින් graphic card වර්ග ගැන මේ විස්තර ඇති කියල හිතනවා.graphic card වල තියෙන අංගෝපාංග ගැන වඩිදුර විස්තර අරගෙන තවත් ලිපියකින් හමුවෙමු.

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com