Showing posts with label Image Editing. Show all posts
Showing posts with label Image Editing. Show all posts

Monday, October 25, 2010

HD ගැන තොරතුරු බිඳක්



                                                                                                                                             





දැන් හැමතැනම කනට ඇහෙන වචනයක් තමයි මේ HD (High-Definition) කියන්නෙ.දැන් පරිගණක මොනිටර් පමණක් නෙවේ රූපවාහිනී පවා HD වෙලානෙ.කොටින්ම කියතොත් අලුතෙන් ආපු iPhone 4 එකේ HD video පටිගතකිරීමේ හැකියාව පවා තියෙනවා.එක නිසා අපි මේ ලිපියෙන් HD video ගැන විතරක් කතාකරන්නම්කො.ඇත්තටම HD video කියල කියන්නෙ සාමාන්‍ය resolution එකට වඩා වැඩි එහෙමත් නතිනම් standard-definition (SD) video වලටයි.සරල වශයෙන් මේ resolution වර්ග 2ක්  තියෙනවා.                          

  •   720p : 1,280×720 pixels 
  • 1080p : 1,920×1,080 pixels

අපිට විකිපීඩියා එකෙන් එම resolution පහසුවෙන් බලාගත හැකි ඡයාරූපයක් ලබාගැනීමට හැකිවුනා.


 


  පහත වගුවෙන් දැක්වෙන්නේ ඒ පිලිබඳ තවත් විස්තරයි.




ඇත්තටම HD ගැන තාක්ෂණික වශයෙන් නම් වැඩි විස්තරයක් නැහැ.Resolution ගැන තමයි ඉතින් කියන්න තියෙන්නෙ.වැඩිපුරම තියෙන්නෙ ඒවගෙ යෙදීම් තමා.ඒ ගැන පස්සෙ ලිපියකින් කියන්නම්. මෙන්න මේ තැන් වලින් ඔයගොල්ලන්ට වැඩිපුර විස්තර හොයාගන්න පුලුවන්.



Wednesday, September 29, 2010

Adobe Photoshop Lightroom

හැමෝම දන්නවා ඇතිනෙ Adobe මෘදුකාංග පවුල ගැන? අපි අද කියන්න යන්නෙ ඒ පවුලෙ තවත් සාමාජිකයෙක් ගැන.මෙයා තමයි Adobe Photoshop Lightroom.මේක වෘත්තීමය ඡායාරූප සංස්කරණයට යොදාගන්න මෘදුකාංගයක් නිසා Adobe Master Collection එකට පවා ඇතුලත් කර නැහැ.කිවුවත් වගේ මේකෙන් ඡායාරූප සංස්කරණයට වගේම ඡායාරූප කළමනාකරණයට ලබල දීල තියෙන පහසුකම් නම් බොහොමයි.































දැන් කට්ටිය බලනවා ඇති අපි හොඳට දන්න Photoshop වලයි මේ Lightroom අතරෙයි තියෙන වෙනස මොකක්ද කියල. Lightroom වලින් කරල තියෙන්නෙ Photoshop වල සංකීර්ණ භාවය ටිකක් අඩුකරල, සරල සංස්කරණ ක්‍රියාවලියක් අඳුන්නල දීල තියෙන එකයි.එවගේම Photoshop වලට වඩා ඡායාරූප කළමනාකරණයට ප්‍රධාන තැනක් Lightroom වලදි ලබල දීල තියෙනවා.Lightroom වලින් ඡායාරූප කාණ්ඩ වලට ඇතුලත් කරගැනීම,වර්ග කිරීම,ඉදිරිපත් කිරීම් සාදාගැනීම සහ තවත් ගොඩාක් දෙවල් සරලව කරගන්න පුලුවන්.

Adobe® Photoshop® Lightroom® 3 තමා දැනට තියෙන අලුත්ම සංස්කරණය.ටිකක් හොයල බලුවොත් Lightroom බාගන්න Torrent එකක් හොයාගන්න අමාරු වෙන්නෙ නෑ.
Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com