Friday, October 1, 2010

ලාංකිකයන්ගෙන් තවත් අලුත් වැඩක්...

මේ දවස් වල වැඩිපුර කතාබහට ලක්වෙන මාතෘකාවක් ගැනයි මේ සටහන."අබා"..ගොඩක් අයට කිව්ව ගමන් මතක් වෙන්නෙ ජැක්සන් ඇන්තනී හදපු චිත්‍රපටිය තමා.ඒත් මම කියන්න යන්නෙ චිත්‍රපටිය ගැන නෙවෙයි."අබා" චිත්‍රපටය ආශ්‍රයෙන් නිපදවුන අලුත්ම පරිගණක ක්‍රීඩාව ගැනයි.


 කලින් "ජෙම්ස් බණ්ඩා","ඔපරේෂන් තොප්පිගල" වගේ පරිගණක ක්‍රීඩා නිපදවපු කට්ටියගෙම වැඩක් තමා මෙක.චිත්‍රපටයට පදනම් වෙලා තිබුනෙත් පන්ඩුකාභය කුමාරයාගේ කතාව නිසා පරිගණක ක්‍රීඩාවෙත් ප්‍රධාන චරිතය නැත්නම් ක්‍රීඩකයා වෙන්නෙත් එයාම තමයි.නමුත් කලින් ඉදිරිපත් වුන එවට වඩා මේකෙ තියෙන විශේෂත්වය වන්නේ මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රිමාණ දිවි ච්ලන රූප ප්‍රක්ෂේපණ තාක්ෂණය උපයෝගී කරගෙන තිබීමයි.







මේ පරිගණක ක්‍රීඩාව බාගත කරගෙන එය අත්හදා බලන්නත් මෙහි නිර්මාණකරුවන් විසින් ඔබට අවස්ථාව සලසලා දීල තිබෙනවා.

ඇත්තටම මේ ක්ෂේත්‍රය ඔස්සේ අපි ටිකෙන් ටික ඉස්සරහට යන බව පේන හොඳ නිදසුනක් තමයි මෙ "අබා" පරිගණක ක්‍රීඩාව.අවශ්‍ය කරන තාක්ෂණය තියෙනව නම් අපේ කට්ටියටත් ඕනම සෙල්ලමක් දාන්න පුලුවන් බව මෙවගේ දේවල් වලින් පෙනවා.ඒවගෙම මේ ක්ෂේත්‍රය සඳහා කැපවෙච්ච පිරිසකුත් ඉන්න බව අපි දන්නවා.ඉතින් අනාගතය ගොඩක් යහපත් වේවි.ඒකයි අපි හමෝගෙම පැතුම.

මෙතනින් "අබා" ගැන වැඩිපුර දැනගන්න පුලුවන්...
Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com