Thursday, October 21, 2010

ඩේව් වරුන්ගේ සුපිරි ආයුධය - පළමු කොටස


DAVE (Digital Animation and Visual Effects) ලෝකයේ සුපිරි ආයුධයක් ගැන  තමයි අද මම කියන්න යන්නෙ.මේක සුපිරි වෙන තරමට වැඩ කරගන්න එක පහසු වෙන එක තමයි වෙන්නෙ.මේ ආයුය තමයි Graphics Card එක.ප්‍රධාන වශයෙන්ම වර්ග 4ක් විතර අඳුර ගන්න පුලුවන්.ඉතින් ඒ 4 ගැන තාක්ෂණික කරුණු ටිකක් කියන්නයි අපි අදහස් කලේ.

          1. Integrated එහෙමත් නැතිනම් OnBoard Graphic Cards:

මේ තියෙන්නෙ On board වර්ගයේ graphic processing unit එකක්

                          ගොඩක් වෙලාවට  අපි ගාව තියෙන සෑම පරිගණකයකම පාහේ මේ වර්ගයේ graphic processing unit එකක් තියෙනවා.අනිත් එවට සපේක්ෂව මෙකෙ හැකියාව සහ ධාරිතාවය ගොඩක් පහළ මට්ටමකයි තියෙන්නෙ.මෙමඟින් බහුලවම පාවිච්චි කරනු ලබන්නේ පරිගණකයෙහි ප්‍රධාන මතකයයි.එයින් යම්කිසි ඉඩ ප්‍රමණයක් graphic processing සඳහා වෙන්කරගනු ලබනවා.මේකක් තියාගෙන graphic වැඩ කරන්න හිතනව කියන්නෙ හරියට දුන්නයි ඊතලයි අරගෙන හමුදා මෙහෙයුමකට ගියා වගේ වැඩක් තමයි.

          2. PCI Graphic Cards :

PCI වර්ගයේ graphic cardඑකක්

                     PCI වර්ගයේ graphic card පාවිච්චි වෙන්නෙ පරිගණකයේ මව් පුවරුවේ තියෙන PCI slots සඳහායි.මේක නම් දැනට ගොඩක් යල් පැන ගිය තාක්ෂණයක් වෙලා.ගොඩක් වෙලාවට මෙවා තවමත් ඉතුරු වෙල තියෙන්නෙ පරණ පරිගණක වල තමයි.හබැයි ගොඩාක් පරිගණක වල නම් අනිවාර්යෙන් PCI slot නම් පිහිටල තියෙනවා.ඒ කියන්නෙ slots ගැන කරදර නොවී PCI graphic card එකක් පාවිච්චි කරන්න පුලුවන් කියන එකයි.


          3.AGP Graphic Cards :

AGP වර්ගයේ graphic cardඑකක්


               AGP කියන්නෙ accelerated graphics port කියන එකයි.PCI වගෙම මේ AGP graphic cards වලටත් නම වැටිල තියෙන්නෙ ඒක සවිකරන port එක අනුවයි.AGP card එකකට 1x,2x,4x හා 8x වශයෙන් වේග 4ක් තියෙන්න පුලුවන්.ඔබගේ graphic card එක 8x උනත් මවු පුවරුව සහයෝගය දක්වන වේගයෙන් තමා එක වැඩ කරන්නෙ.විවිධ තාක්ෂණික හේතු නිසා AGP graphic cards PCI-Express තරම් වෙගවත් නැහැ.

         4. PCI-Express Graphic Cards :

PCI-Express වර්ගයේ graphic card එකක්
                 දැනට තියෙන වේගවත්ම වගේම ධාරිතාවයෙන් වැඩිම graphic cards නිකුත් වෙලා තියෙන්නෙ මේ වර්ගයෙන් තමයි.ඉහත දක්වපු PCI සහ AGP වගේම වලිනුත් බොහෝ වෙලාවට ප්‍රධාන මතකයෙන් ඉඩ ගැනීමෙන් වැළකී සිටිනවා.නමුත් මතකයෙන් යම් ප්‍රමාණයක් සහයෝගයෙන් පාවිච්චි කරන එවත් නැතුවම නෙවෙයි.මේවගෙ ධාරිතාව 1gb පවා ඉක්මවා ගිහින් තියෙනවා.එක නිසා අලුතෙන් graphic card එකක් ගන්නවා නම් අලුත්ම තක්ෂණයෙන් යුතු PCI-Express වර්ගයේ එකක්ම ගන්න කියලයි අපි නම් කියන්නෙ.



මවු පුවරුවක PCI,AGP,PCI-E slot පිහිටලා තියෙන විදිය ගැන සටහනක්
මේ තියෙන්නෙ graphic card slot වල ප්‍රමාණයන්

ඉතින් graphic card වර්ග ගැන මේ විස්තර ඇති කියල හිතනවා.graphic card වල තියෙන අංගෝපාංග ගැන වඩිදුර විස්තර අරගෙන තවත් ලිපියකින් හමුවෙමු.

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com