Monday, October 25, 2010

DirectX සහ OpenGL



 ඔන්න අද අපි කතා කරන්න යන්නෙත් Graphic සම්බන්ධ දෙයක් ගැන තමයි.ඔයගොල්ලන්ට් පරිගණක මෘදුකාංග පාවිච්චි කරන ගොඩ්ක් වෙලාවට් මේ DirectX සහ OpenGL කියන වචන අහන්න දකින්න ලබිල ඇති.Game ගහන අය නම් ඉතින් අනිවාර්යයෙන් අහල තියෙන බව විස්වාසයි.එත් ඔය කවුරුහරි මේව මොනවද?මොකටද මේව තියෙන්නෙ?මොනවද මේවගෙන් කෙරෙන්නෙ කියල හොයල බලුවද?



 


අපි එහෙනම් DirectX වලින් පටන්ගමුකො.DirectX කියන්නෙ සරලවම කිව්වොත් Windows උඩ දුවන API ( Application Programming Interface) ගොනුවක්.මෙමඟින් multimedia වලට අදාල (විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩා සහ රූපණ මාධ්‍ය වලට අදාල ) කාර්යය පාලනය කිරීම කරනු ලබනවා. Direct3D, DirectDraw, DirectMusic, DirectPlay, DirectSound යන එවා මේ API වලට උදාහරණ කීපයක් ලෙස දැක්විය හැකියි.ඔයාලට පේනව ඇති මේ හැම එකකම Direct කියන වචනෙ මුලට තියෙනව.ඉතින් ඔය Direct කියන වචනෙ මුලට දාල විචල්‍ය වෙන වච්නය වෙනුවට 'X' අකුරත් එකතු කරල ගොනුවෙ නමට DirectX කියල දාල තියෙනවා.මයික්‍රොසොෆ්ට් ආයතනය මඟින් නිකුත් කරල තියෙන අලුත්ම සංස්කරණය  තමයි DirectX 11 කියන්නෙ.








දැනට ක්‍රියාකාරී තත්වයේ තියෙන හැම මෙහෙයුම් පද්ධතියකම පාහේ DirectX සඳහා ප්‍රයෝජනවත් වන පුංචි මෘදුකාංගයක් තියෙනවා.නමින් DirectX Diagnostic Tool (dxdiag.exe) වෙන ඒක තියෙන්නෙ තමන්ගෙ වින්ඩොස් folder එකේ system32 කියන folder එකෙයි.උදාහරණයක් විදියට කිවුවොත්  "C:\Windows\System32\dxdiag.exe".හොයාගන්න අමාරුනම් වඩාත්ම ලේසි විදිය තමා run window එකේ dxdiag කියල ට්යිප් කරන එක.ඒකට ගිහින් ඔයාලගෙ  දෘඩාංග මෙහෙයුම් පද්ධතියෙ තියෙන DirectX එක්ක ගැලපෙනවද කියල සහ එවගෙ නොගැලපීම් තියෙනව නම් ගැටලු නිරාකරණය කරගන්නත් උදවු ගන්න පුලුවන්.





හරි එහෙනම් අපි දැන් OpenGL ගැන බලමු.OpenGL (Open Graphics Library) 1992 දී Silicon Graphics ආයතනය විසින් නිපදවන ලද්දක්.මෙයත් DirectX වගේම 2D හා 3D ග්‍රැෆික් සඳහා විශේෂිත වූ API එකක් වන අතර DirectX ට වඩා මෙහි විශේෂත්වය වන්නේ මෙය පරිගණක මෙහෙයුම් පද්ධතිය තුල පමණක් නොව වෙනත් මෙහෙයුම් පද්ධති තුලද භාවිතා කිරීමට ඇති හැකියාවයි.OpenGL  නිර්මාණය කර ඇත්තේ "C" පරිගණක භාෂාව උපයෝගී කරගෙන නිසා DirectX වලට වඩා OpenGL  වල දෘඩාංග සහයෝගය වැඩියි.දැනට OpenGL අලුත්ම සංස්කරණය වන්නේ OpenGL 4.1 සංස්කරණයි.


Gamersලට නම් මේ DirectX සහ OpenGL, System requirements වල ඕනතරම් හම්බුවෙලා ඇති.උදාහරණයක් විදියට ලඟදි නිකුත් උන Mafia 2 පරිගණක ක්‍රීඩාවේ අවම requirements ටික තමයි මේ.

  • OS: Windows XP/Vista/7
  • Processor: Intel Core 2 Duo @ 3.0 GHz / AMD Athlon 64 X2 3600+Memory: 1.5 Gb
  • Hard Drive: 8 Gb free
  • Video Memory: 512 Mb
  • Video Card: nVidia GeForce 8600 / ATI Radeon HD 2600 
  • Sound Card: DirectX Compatible 
  • DirectX: 9.0c 
  • Keyboard
  • Mouse
  • DVD Rom Drive


මේ විස්තර ටික දැනට ඔයගොල්ලන්ට ප්‍රමාණවත් කියල හිතනවා.වැඩිදුර විස්තර සඳහා පහත ලින්ක් වලට ගිහින් බලන්න.ආයෙ අලුත් ලිපියකින් හමුවෙමු.


http://www.microsoft.com/games/en-us/aboutgfw/pages/directx.aspx



0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com