Wednesday, October 20, 2010

වෙස් මාරුව


Bachna Ae Haseeno - Title song
මතකද ඒ රූප පෙළ ???

ඒ වගේ රූප රාමු පෙළක් සුමටව ගලපගත්තෙ කොහොමද? මෙහෙම කරනවට තමයි කියන්නෙ Morphing කියලා. මේක රූපගත කරන එක නම් ටිකක් විතර අමාරු වැඩක්. ඒකට මිනින්දෝරු ශිල්පය ටිකක් විතර ඕන කරනවා.

මේක කරන්නෙ බොහෝවිට වර්ණහරණ සංකල්පය යොදාගෙන. නැතිනම් එකම පසුතලය අරගෙන වැඩේ කරන්නත් පුළුවන්. අපි එක් පුද්ගලයෙක් අරගෙන අපේ පසුතලයේ තියලා අදාළ ජවනිකාව රූපගත කරනවා. මේ වෙලාවෙ එයාගෙ හැම පිහිටුමක් ගැනම ආධාරක  වල උපකාරයෙන්  සෑහෙන අවධානයෙන් තමයි ඉන්නෙ. ඊළඟට කලින් දර්ශනය අවසන් කරපු පිහිටුමෙන්  ආරම්භ වෙන විදිහට වෙස් මාරුවක් දාලා  ඊලඟ දර්ශනය රූපගත කරනවා. මේ විදිහට දර්ශන වාර කිහිපයක් අරගෙන අපේ Morphing tool එකට ලබා දෙන්නයි තියෙන්නෙ.

මේ ඇස්බැන්ඳුමට නම් ගණං මිනුම් ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න වෙනවා. දර්ශන පෙළ සුමටව ගලාගෙන යන්න පිහිටුම් ගැන සෑහෙන අවබෝධයක් තියෙන්න ඕනා. නැත්තන් ඉතින් ගැස්සිලි පද්දිලි ඇතිවෙන්න පුළුවන්. පිහිටුම, ස්ථානගත වීම ආදි මේ හැම දෙයක්ම සටහන් කරගෙන තියාගන්න වෙනවා. ඒකයි ගොඩක් වෙලාවට ආධාරක වල පිහිට පතන්නෙ.



ටූල් එකේදි කරන්න තියෙන්නෙ morphing points සලකුණු කරල ලින්ක් කරන එකයි. ඒකියන්නෙ පළමු දර්ශනයෙ අවසාන පිහිටුමෙයි, ඊලඟ දර්ශනයෙ පළමු පිහිටුමෙයි morph කළයුතු ස්ථාන මොනාද කියල අඳුන්වල දෙන එක. හරියටම කියනවනම් පළමු දර්ශනයේ කට තියෙන තැන දෙවන දර්ශනයේ කට තියන තැන එක්ක වගේ. එතකොට මෘදුකාංගයට පුළුවන් පළමු දර්ශනයෙ අවසාන රූප රාමුවයි,  ඊලඟ දර්ශනයෙ පළමු රූප රාමුවයි අතර තව රූප රාමු ටිකක් උත්පාදනය කරලා ඒ දෙක අතර වෙනස සුමට කරන්න. මේ linking points වැඩි වෙන්න වැඩි වෙන්න සුමට බවත් වැඩි වෙනවා. 

Morphing points
Flash වගේ 2D Animation Tools එක්ක වැඩ කරල තියනවනම් shape tweening කියන දේ හොඳට පුරුදු ඇතිනෙ.  අන්න ඒවගේ දෙයක් තමයි මෙතනත් සිද්ද වෙන්නේ. Flash වගේම 3D Max වගේ 3D modeling Tools වලිනුත් මේ වැඩේ කරන්න පුළුවන්. එවගේම video/photo editing tool වලින් නිශ්චල ඡායා රූප අතරත්, වීඩියෝ අතරත් මේ වෙස් මාරුව කරන්න පුළුවන්. නිශ්චල ඡායාරූප සඳහා නම් මේක එච්චර අමාරු නැ. උත්සහ කරලා බලන්න.

නිශ්චල ඡායාරූප සඳහා

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com