Saturday, October 16, 2010

Match moving


වර්ණහරණයත් එක්ක බැඳුනු අනිත් VFX එක. අපි දිග කතාවක් කියල එදා මගදි නැවත්තුවෙ. ඒ පොස්ට් එකට හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා ඔන්න ඉක්මන්ටම මේ කතාවත් පළ කරන්න හිතුවා. මේක 2D හා 3D අංශ දෙකෙන්ම කරන්න පුළුවන්. කැමරා චලනයක් තියන chroma key වීඩියෝ එකක් තාත්විකව නිර්මාණය කරන්න නම් අනිවාර්යයෙන්ම මේ දේ උවමනා වෙනවා. මේක උදාහරණයකින්ම කියන්නම්කො.

හිතන්න අපිට ඕන කරනවා මැජික්ලන්තයක පාරක ඇවිදින පුද්ගලයෙක්ගෙ දර්ශනයක්. මේකට green screen කරපු පසු බිමක් අපිට තියනවා. අපිට උවමනායි මේ පසුබිමේ එහා කොනේ ඉඳන් මෙහා කොනට ඇවිදින පුද්ගලයෙක් රූපගත කරන්න ඒ දර්ශනයට. කැමරාවෙන් කැමරා කරන්න පුළුවන් සීමිත කොටසක් විතරයිනේ. ඒක හන්දා කැමරා චලනයක් කරන්න වෙනවා පුද්ගලයා  focus කරගෙන එහා කොනේ ඉඳන් මෙහා කොනට . ඊලඟට chroma key කරල අපේ මැජික්ලන්ත පසුබිම එකතු කරනවා. ඔන්න ඔතනදි තමයි මේ වැඩේ වෙන්නෙ.


අපි මෙතනදි මැජික්ලන්ත පසුබිම විදිහට යොදාගන්නෙ නිශ්චල ඡායාරූපයක්, වීඩියෝ පටයක් නැත්තන් ත්‍රිමාණ පසුතලයක්. මිනිහ චලනය කරපු කැමරාවකින් රූපගත කරපු දර්ශනයක් නිසා අනිවාර්යයෙන්ම ඒකට ගැලපෙන විදිහට පසුතලය ගලපන්න ඕනා. මිනිහ කොච්චර ඇවිද්දත් පසුබිම ඒකමනම්, මිනිහ පොළවට උඩින් අඩි තියනවනම් 'චා'නෙ නේද.

අන්න ඒ ගැලපීමට තමයි Match moving භාවිතා කරන්නෙ. ඒකෙන් පුළුවන් කැමරාවෙ චලනයන් අල්ලගන්න. මේ වැඩේ manually කරන්නත් පුළුවන්. ඒත් කැමරාවෙ චලන වේගය, කෝණය වගේ දේවල් නිකන් බලලා කියන්න අමාරුයි නෙ. ඒක හන්දා ඒ වැඩේ පරිගණකයටම භාර දෙනවා. අපිට කරන්න තියෙන්නෙ green screen පසුබිමේ සලකුණු දාලා පරිගණකයට ඒ වැඩෙ කරන්න උදව් වෙන එක විතරයි. මේ සලකුණු වලට තමයි කියන්නෙ tracking markers කියලා.

නිල්පාට පසුබිමේ තිත් තිත් පේනවද
මේ සලකුණු වල වර්ණය, හැඩය, පිහිටුම ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනා. වර්ණය ගැන කිව්වොත් මතකනෙ, අපිට chroma key වල ප්‍රධාන වර්ණ දෙකක් තිබ්බ කියලා.ඉතින් අපි පසු තලයට නිල් ගත්තොත් සලකුණු ටික කොළ පාටින් ගහන්න පුළුවන්.නැත්තන් ඒකෙ අනික් පැත්ත කරන්නත් පුළුවන්. හැබැයි මේ වැඩේ පොඩි කොස්සක් තියනවා. focus එක out උනාම කැමරා වල වර්ණ අවුල් තිබ්බොත් සලකුණු වල දාර වල වර්ණය එහෙම වෙනස් වෙන්න පුළුවන් . එතකොට chroma key කරනකොට ටිකක් විතර කරදර වෙන්න වෙනවා. ඒක හන්දා ගොඩක් අය කරන්නෙ screen එකෙ වර්ණයෙන් brightness එක වෙනස් සලකුණු ගහන එකයි. ඊළඟට හැඩය ගත්තොත් ඒකත් වැදගත් කාරණයක්. මේකට ගොඩක් වෙලාවට යොදා ගන්නෙ මුළු ඇති හැඩයක්. (ඒ කියන්නෙ කතිරයක් හරි කොටුවක් හරි ත්‍රිකෝණයක් හරි වගේ දෙයක්). එතකොට ඒකෙන් පරිගණකයට පුළුවන් කැමරා කෝණය එහෙම අඳුනගන්න. ඊලඟට මේ සලකුණු පිහිටුම් කරන ආකාරය ගැන කිව්වොත් ගොඩක් වෙලාවට ප්‍රධාන සලකුණු පිහිටුම් කරන්නෙ grid එකක් විදිහට. කුඩා සලකුණු අහඹු විදිහට පිහිටුම් කරනව close up දර්ශන වලට අවශ්‍ය වෙන හන්දා.

Green screen with tracking markers
ඉතින් මේ වීඩියෝ එක අපේ chroma key editing tool එකට ලබා දුන්නම එයාල අපි ලකුණු කරපු තැන් අඳුන ගෙන(නැත්තම් අපි අඳුන්නලා දීලා) අපේ පසුබිමේ ඊට අදාල තැන link කරගන්නවා (නැත්තම් අපි  link කරල දෙනවා) . දැන් ඉතින් කැමරාව කොච්චර චලනය උනත් එතන්ට අදාළ පසුබිම තමයි පේන්න තියෙන්නෙ.  අපි මේ කිව්වෙ අපි දන්න basicම basic ටික විතරයි පුංචි නිර්මාණයක් කරන්න. මීට අමතරව තව තව දේවලුත් සලකලා බලන්න තියනවා මහා ප‍රිමාණයෙන් කරනවනම්.

tracking සහිත දර්ශන තලය

වර්ණ හරණය වගේම camera tracking කියන දේත් දැන් කාලෙ ගොඩක් video editing tools වලින් කරගන්න පුළුවන්. Shake, Adobe After Effects, Discreet Combustion වගේ මෘදුකාංග වලින් 2D tracking කරන්න පුළුවන්. 2D වගේම 3D tracking වලටත් මෘදුකාංග තියනවා. 3D පසු තලයක් එක්ක ගණුදෙනු කරන්න 3D Max, Maya, Blender, Light wave වගේ මෘදුකාංග වලත් මේ පහසුකම ලබා දීලා තියනවා.

tracking කියන දේ green screen නැතුව කරන්නත් පුළුවන්. ඒ අපේ දර්ශනයෙ තියන object එකක් අල්ලගෙන. ඒත් ඒක තව VFX එකක්. පස්සෙ කියන්නම්

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com