Friday, October 22, 2010

මොකක්ද මේ Stereoscopy?

දිවි ච්ලන රූප ප්‍රක්ෂේපණ තාක්ෂණය එහෙමත් නැත්තම් Stereoscopy කියල කියන්නෙ අපි හොඳට දන්න 3D කියන එකමද?ඇත්තටම නැහැ.3D වලදි කරන්නෙ තෙවන මානය මවා පෙන්නීමක් විතරයි.නමුත් ඇත්ත 3D පෙන්නන්න නම් අපිට අඩුම වශයෙන් පින්තූර 2ක් වත් ඕන වෙනවා.එහෙම වෙන්නෙ අපිට ඇස් 2ක් පිහිටල තියෙන නිසා.









ත්‍රිමාණ පින්තූර පෙන්නන්න පුලුවන් විදි කීපයක් තියෙනවා.ඒවා තමයි ද්විමාන යුගල විදියට ත්‍රිමාණ දර්ශකයක් ඔස්සේ හෝ පරිගණක තිරයක් ඔස්සේ නිරූපනය කිරීම.උන්නත රූප(anaglyph) බලන්න නම් ත්‍රිමාණ කණ්නාඩි වුවමනා වෙනවා.මෙම ත්‍රිමාණ කණ්නාඩි රතු-නිල් හෝ රතු-කොල පැහැයෙන් යුතු වෙනවා.








මෙන්න මේවගේ රූපයකට තමා උන්නත රූපයක් කියන්නෙ.පෙනවා නේද සාමාන්‍ය විදියට බලනකොට බොඳ වෙලා පේන හැටි?








 පහළ තියෙන්නෙ කියන Stereoscope කියන උපාංගයයි.එකෙන් පුලුවන් ද්විමාන යුගල පින්තූර ත්‍රිමාණවිදියට බලන්න.




Stereoscope


Stereoscope එකට දාන ද්විමාන යුගල ඡායාරූපයක්



ත්‍රිමාණ ඡායාරූප ගන්න පාවිච්චි කරන digital camera එකක්

 ඔන්න එහෙනම් ඔයගොල්ලන්ට Stereoscopy ගැන යම්තාක් දුරට  අවබෝධයක් එන්නැති කියල හිතනවා.ඔයගොල්ලන්ගෙ අදහස් දක්වනවා නම් අපි ගොඩාක් අගයකොට සලකනවා.තවත් ලිපියකින් හමුවෙමු.


4 අදහස්:

කංචු said... Reply to comment

මේ අඩවියට රිංගන්නට ලැබීම හොඳ අහඹුවක් කියල හිතෙනව...... ඔහොම යං....... අපිටත් ඕන කරන්නෙ මේ වැඩිපුර කතා නොකරන නවීන තාක්ෂණය ගැන දැනුම තමයි.......

කංචු said... Reply to comment

ඔයාගෙ කමන්ට්ස් දාන්න හදන කොට එන word verification අයින් කලොත් හොඳයි කියල හිතෙනව. කට්ටියට කමන්ට්ස් දාන්න පහසුයිනෙ එතකොට.
Settings => Comments => Show word verification for comments?

Thiwanka Makumburage said... Reply to comment

@කංචු
හරි ඔන්න word verification අයින් කලා.එක දාල තිබුනෙ spam comments එන නිසයි.අදහස් වලට ගොඩක් ස්තුතියි.ඔයගොල්ලො අපේ ලිපි ගැන අදහස් දක්වන එක අපිට ලොකු හයියක්.

Writer3744186549 said... Reply to comment

CooooooooL

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com