Friday, October 22, 2010

ඩේව් වරුන්ගේ සුපිරි ආයුධය - දෙවන කොටස


ඔන්න ඩේව් වරුන්ගේ සුපිරි ආයුධය ගැන ලියන දෙවන කොටස.පළමු කොටස බලපු නැති අයට මෙතනින් බලන්න පුලුවන්.

ඔයගොල්ලො ඉතින් සල්ලි දීලා Graphic card එකක් ගත්තට එක වැඩ කරන්නෙ කොහොමද කියල හොයල බලන්න වැඩිය උනන්දු වෙන්නෙ නැතුව ඇති නේද?මේ ලිපියෙන් අපි කියන්න යන්නෙ Graphic card එකක ලක්ෂණ, අංගෝපාංග හා එවායේ තාක්ෂණය ගැනයි.සාමාන්‍යයෙන් Graphic card එකකින් කරන්නෙ පරිගණකය මඟින් දර්ශණය කල යුතු දත්ත process කිරීමයි.මම 'සාමාන්‍යයෙන්' කියන වචනය පාවිච්චි කලේ එක හෙතුවක් උඩ.මොකද දැන් අලුතෙන් Intel අයතනය මඟින් නිෂ්පාදනය කරන i3, i5 සහ i7 කියන processors වල graphic processing කරන්නෙත් ප්‍රධාන processor එකෙන් වීම නිසයි.




ඔයගොල්ලො නිකමට හරි හිතුවද 1010 (ද්විමය සංඛ්‍යා) විදියට දෘඩ තැටිය තුල ගබඩා කරගන්න දත්ත අපි රස විඳින චිත්‍රපටියක් විදියට මොනිටරයේ දර්ශණය කරන්නෙ කොහොමද කියල?එහෙනම් අපි Graphic card එක ඇතුලට පොඩ්ඩක් ගිහින් බලමු.

  • GPU (Graphics Processing Unit) :


                                             මේක තමයි Graphic card  එකේ හදවත. ගොඩක් Graphic card එක හා සමාන GPU  පාවිච්චි කරනවා.නමුත් ඒවගෙ වේගය සහ  හැකියාව තීරණය වෙන්නෙ ඒකට සම්බන්ධ කරන අනික් උපාංග මතයි.බැලූ බැල්මට පෙන්නෙ processor එකක් වගේ නේද?ඉතින් එහෙම වෙන්න එපැයි මෙකෙන් නොවැ graphic processing කරන්නෙ.

  • GDDR - Graphics Double Data Rate memory :

                                      GDDR කියන්නෙ Graphic card සතුව තියෙන මතකයටම තමයි.උදාහරණයක් විදියට පරිගණකයක තියෙන මතකය විසින් කරන  දේ වගේ දෙයක් තමයි මෙයත් කරන්නෙ.නමුත් GDDR නිපදවලම තියෙන්නෙ Graphic cards සඳහා පමණක් පාවිච්චි කරන්නයි.එක නිසා මෙයා සාමාන්‍යය RAM එකට වඩා ටිකක් වෙනස්.GDDR වල version ගනනාවක්ම තියෙනවා.පහළ තියෙන ලින්ක් වලට ගිහින් වැඩිදුර විස්තර බලාගන්න පුලුවන්.


  • CUDA - The Compute Unified Device Architecture :



                                                     CUDA කියන්නෙ NVIDIA ආයතනය මඟින් සොයාගත් පරිගණක ක්‍රමලේඛයක්.මේ සොයාගැනීම මඟින් ඔවුන්ගේ Graphic card වල සමාන්තර processing හැකියාවක් ඔවුන් විසින් ඇතිකරනු ලබුවා.එම හේතුව නිසා දෘශ්‍ය කේතීකරණය(video encoding), rendering වගේ වැඩ කටයුතු වඩාත් අඩු කාලයකින් කරගන්න පුලුවන් වෙනවා.


  • PhysX :

                
                                  Ageia සමාගම විසින් PhysX මූලිකවම නිපදවුනේ graphic processing ත්වරණය කරන පරිපථයක් සහ මෘදුකාංගයක් හැටියටයි.නමුත් 2008 දී NVIDIA සමාගම මගින්  Ageia සමාගම මිලදීගත් නිසා NVIDIA Graphic cards වල PhysX අන්තර්ගත කෙරුනා.ඔන්න ඔහොමයි PhysX කියන තාක්ෂණය ප්‍රසිද්ධියට පත්වුනේ.මෙම තාක්ෂණය මඟින් සංකීර්ණ භෞතික විද්‍යාත්මක ආදර්ශනයන් පරිගණක සජීවීකරනයේදී හා පරිගණක ක්‍රීඩා නිපදවීමේදී යොදාගැනීමට ඉඩකඩ සලසා දෙනවා.




  • Crossfire සහ SLI :

 මෙමඟින් කියන්නෙ Graphic cards එකකට වඩා වැඩිය සම්බන්ධ කරගන්නා ආකාරයයි.AMD සමාගම මඟින් Crossfire තාක්ෂණයත්, NVIDIA සමාගම මඟින් SLI තාක්ෂණය ත් හඳුන්වල දීල තියෙනවා.ඒවා සම්බන්ධ කරගන්නා ආකාරය නම් එකිනෙකට වෙනස්.පහත රූප වලින් දැක්වෙන්නේ එවා සම්බන්ධ කරන අකාරයයි.

Crossfire

SLI


ඉතින් එහෙනම් අපි Graphic card එකේ ඇතුලත බලලත් ඉවරයි.ඔයාලට දැනගන්න ඔන මොනාහරි තවත් තියෙනව නම් ඒ ගැන අදහස් දක්වන්න.අයේ තවත් ලිපියකින් හමුවෙමු.

1 අදහස්:

Anonymous said... Reply to comment

niyamai machooooo,,,,niyamai......thnx a lot,,,keep it up............

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com