Monday, October 4, 2010

Journey continues... Today and Tomorrow

අපි දැන් කතාවෙ ඊළඟ කොටස පළ කරන්නයි හදන්නෙ. අපි අන්තිමට නැවැත්තුවෙ Daveවරයෙක් වෙන්න පටන් ගන්න ලංකාවෙ තියන ඉඩකඩ කොහොමද කියලනෙ. ඊළඟට එන ගැටළුව තමයි ඉගන ගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියලා. මේක ගැටළුවක් කර නොගත්ත බොහෝ දෙනෙක් Freelancing පැත්තට යොමු වෙනවා. අනෙක් අය ආයතනයක් හොයාගෙන යනවා, බොහෝ විට තමන් ඉගෙන ගත්තු තැනේ උදවු උපකාරයෙන්. දැනට ලංකාවෙ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයෙ, රූපවහිනි ක්ෂේත්‍රයෙ තමයි වැඩි ඉල්ලුම තියෙන්නෙ Daveවරුන්ට. නමුත් සිනමා ක්ෂේත්‍රයෙත් රැල්ලක් බිහිවෙන එක වැඩි ඈතක නෑ කියල අපේ ලොකු විශ්වාසයක් තියනවා.

රූපවාහිනී ක්ෂෙත්‍රය ගත්තොත් අපේ රටේ සියලුම නාලිකා දැන් animation ගැන ලොකු අවධානයක් යොමු කරනවා ප්‍රේක්ෂක රැල්ල දිනා ගන්න. දැකලා ඇතිනෙ විනාඩි පහෙන් පහට ඒගොල්ලො දාන සෙල්ලම්. 'මීළඟට' කියයි 'next' කියයි 'දැන්' කියයි, ඔය විදිහට අනම් මනම්...(ඒත් හඬ කැවිලි නවත්තල cartoon එකක් කවදා හදයිද මන්දා..)

වෙළඳ දැන්වීම් ක්ෂෙත්‍රය සහ සංගීත ක්ෂෙත්‍රය ගත්තොත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම 'නියම' වැඩකිඩ ටිකක් අද කාලෙ බලාගන්න පුළුවන්. දැන ගන්නත් එක්කල අපි ටිකක් ඒව හදපු කස්ටිය ගැන හොයල බැලුවා.



මේ අතරම විනෝදෙට හරි මුදල් උපයන්න හරි තනීයම නිර්මාණ කරන අයත් ලංකාවෙ ඉන්නවා. බොහොම අඩු පහසුකම් යටතෙ හදපු ලස්සන දෙවල් ටිකකුත් අපිට දකින්න ලැබුනා

VFX Sri Lanka
Aloka's Art
Sl Force
kaveen.name

Daveකෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මේ අයගෙ වැඩ කිඩ බැලුවොත් ගොඩක් වැඩගත් වෙයි කියල අපි හිතනවා. මේ තියෙන්නෙ අහපු දැකපු කිහිපයක් විතරයි. නොදන්න තව දේවල් තියේ නම් කියන්න පුලුවන්.

මේව දැකල බලලා කවුරු හරි කෙනෙක් මොනා හරි දෙයක් ඉගන ගත්ත නම්, ලංකාවෙ තත්වය ගැන අදහසක් ගත්ත නම්, ඒක තමයි අපේ බලපොරොත්තුව වුනේ. මේ ලිපි පෙළ මෙතනින් නිමා කරන්නයි අපි දැන් හදන්නෙ.අලුත් දෙයක් අරන් ආයෙත් එන්නම්..

0 අදහස්:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 
Copyright © 2010 Corner | Design : Noyod.Com